අහන්න ආසම ගීතය?
ඉස්සරනම් මම ගොඩක් ඉංග්‍රීසි සින්දු තමයි ඇහුවේ. නමුත් මම රඟපාන්න පටන් ගත්තට පස්සේ ඉංග්‍රීසි සින්දු අහනවාට වඩා මම සිංහල සින්දු අහන්න පටන් ගත්තා. අද වෙද්දී මම එහෙම ආසා කරන බොහෝ ගීත තියෙනවා. ඒ අතරින් මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ රෝහණ වීරසිංහ සංගීතවත් කළ නන්දා මාලනී ගායනා කරන රුවල් ඉරී ගිය නෞකාවේ.. නියමුවාණෙනි ගීතයට මම පුදුම විදිහට ආසා කළා.
යාළුවන් එක්ක කතා කරන්න ආසම කරන මාතෘකාව මොකක්ද?
ඇත්තම කිව්වොත් මට එහෙම බොහෝ යාළුවෝ පිරිසක් නැහැ. මේ ක්ෂේත්‍රයේ වුණත් බොහොම පොඩි යාළුවෝ පිරිසක් විතරයි මට ඉන්නෙ. ඉතින් අපි හමුවෙන හැම දවසකම වැඩිපුරම කතා කරන්නෙ %රංගනය^ ගැනයි. ඒ කතාබහ කරද්දි මම ඔවුන්ගෙන් රංගනය ගැන බොහෝ දේවල් ඉගෙන ගන්නවා. අපි අපේ අදහස් හුවමාරු කර ගන්නවා. ඇත්තටම ඒ මාතෘකාව ගැන බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා.
පුංචි කාලෙට යන්න ඇත්නම්, යන්න ආසා කරන්නෙ කොයි කාලෙටද?
මගේ පුංචි කාලෙට ආයෙත් යන්න තියෙනවානම් මම අවුරුදු හතර පහට යන්න ආසා කරනවා. අද මම බැලේ නැටුම්වලට හරි ආසයි. ඉතින් පුංචිම කාලේ බැලේ නටන්න පටන්ගත්තොත් හරි ලේසියි. ඉතින් ඒ නිසා මගේ වැඩි කැමැත්ත ඒ කාලෙටම තමයි.
ළමා කාලෙදි ආසම කරපු සෙල්ලම මොකක්ද?
පුංචි කාලේ මම ගොඩක් දඟයි. මම දෙක වසරේ වෙනකම් අපි කුරුණෑගල අපේ ගමේ ගෙදර තමයි හිටියෙ. මම ඒ ගමට හරි ආසයි. හරි නිදහස්. ඒ නිසා ඒ ළමා කාලෙදි මට ඕන තරම් දුවන්න පනින්න නිදහස තිබුණා. ගස් නැග්ගා. සෙල්ලම් කළා. මගේ තාත්තා ඒ කාලේ මාත් එක්ක මගේ වයසේ කෙනෙක් වගේ සෙල්ලම් කළා. අපි දෙන්නා ක්‍රිකට් සෙල්ලම් කළා. අපි ඇතිවන තුරු ඒ කාලේ සෙල්ලම් කළා.
කැමතිම වාහනය මොකක්ද?
මම ආසම වාහනය Ferrari එකටයි. දැන් මට රතු පාට Honda Civic එකක් තියෙන්නෙ.
කැමතිම පර්ෆියුම් එක?
ආසම Versace කියන පර්ෆියුම් එකටයි.
ඩිෂ්නි ආසා කරන ඇඳුම මොකක්ද?
මම කොටට අඳින්න ආසයි. කොට කලිසමට ස්කිනියක් අඳින්න ආසයි. ඒ වගේම කොට ගවුම් අඳින්නත් ආසයි. ඒ තමයි මගේ තේරීම.
ඩිෂ්නිට ලංකාවේ යන්න ආසා කරන තැනක් තියෙනවද?
අම්මෝ ඔව්. හවස් වරුවක මුහුදු වෙරළේ ඇවිදින්න, මුහුදු වෙරළට ගිහින් ටිකක් නිදහසේ ඉන්න මම හරි ආසයි. ඒ තමයි මගේ ලංකාවේ යන්න ආසම කරන තැන වෙන්නෙ.
ඇවිදින්න ආසා කරන රට මොකක්ද?
එහෙම යන්න ආසා කරන රටවල් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් මගේ නංගිලා ඔස්ට්‍රේලියාවේ ඉන්න නිසා ඒ රට මට කිට්ටුයි. අපි නිතර එහේ යනවා.
ආහාරපාන තේරීමේදී මුල්තැන තියෙන්නෙ මොනවටද?
කෑමවලදිනම් මුල්තැන තියෙන්නෙ අයිස්ක්‍රීම්වලටයි. මම නිතරම අයිස්ක්‍රීම් කන්නෙ නැහැ. හැබැයි ආසම කෑමත් ඒකම තමයි. බීමනම් මම කිරි බොන්න ආසයි. ඒවත් මම හැමවෙලේම බොන්නෙ නැහැ. ඒ වගේම දැන්නම් මම නිතරම වතුර සහ පළතුරු යුෂ බොනවා.
කෙනෙකුට තෑග්ගක් දෙන්න තෝරද්දි ඩිෂ්නිගේ හිත මුලින්ම යන්නෙ මොනවටද?
ඒකනම් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මුලින්ම මම එයාට මගේ ආදරය, ගෞරවය දෙන්න තමයි කැමති වෙන්නෙ. මුදලින් තෑග්ගක් දෙන්න හදනවානම් ඒක ඒ කෙනා සහ ඒ මොහොතට අනුව වෙනස් වෙනවා.
කාගෙන් හරි තෑග්ගක් ලැබෙනවානම් ඩිෂ්නි ආසා කරන තෑග්ග මොකක්ද?
කෙනෙකුගෙන් තෑග්ගක් ලැබෙනවානම් මම ඇත්තටම ආසා කරන්නෙ සැබෑ අවංකකමටයි මිත්‍රත්වයටයි.
ඩිෂ්නි ජීවත් වෙන්න කැමති?
මම සතුටු දේවල්වලට තමයි ප්‍රධාන තැනක් දෙන්නෙ. අනිත් අය සතුටු කරන්න ගිහින් මම අමාරුවේ වැටෙන්නෙ නැහැ. මම මගේ පාඩුවේ මගේ යුතුකම් ඉටු කරමින් නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙක්.