අද අපි අරගෙන ආවා ක්‍රීඩාවට සම්බන්ධ Trend එකක් සුන්දරා. ඒ වුණාට මේක Fashion ගැන Trend එකක් කියලා කියන්නත් පුළුවන්. අපේ සුදාලා දන්නවනේ මේ දවස්වල ඔලිම්පික් තරග ටෝකියෝවල පැවැත්වෙනවා. ඒ නිසා අද අපේ කතා අපි කතා කරන්නෙ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ Trend වෙන fashion ගැන.
මෙහෙයි පැංචෝ. ඒක චිකන් හොදියි ලොසින්ජරයි වගේ වෙන්න කලින් අපි දෙයක් පැහැදිලි කරන්න ඕනා. ඇයි Olympic එක්ක Fashion සම්බන්ධව වෙන්නේ කියලා. Olympic කියන්නෙ වස්තු ඔයාලා දන්නවා මේ ලෝකයේ තියෙන මහා ක්‍රීඩා මංගල්‍යය. එක මෙහෙමත් කියන්න පුළුවන්. Olympic කියන්නේ තරගාවලියට වඩා එහා ගිය මහා සැණකෙළියක් මචෝ. මේකට රටවල් 200ක් විතර සහභාගී වෙනවා. මේ පාර නම් කෝවිඩ් නිසා පොඩ්ඩක් සැණකෙළි ගතිය නැතිවෙලා. ආ... ඒවයින් කාරිනෑ සුන්දරා. Fashion වලට Olympic සම්බන්ධව වෙන්නේ මෙහෙමයි.
ලෝකය පුරා විසිරිලා තියෙන විලාසිතා එකට එකතු වෙන තැන Olympic කියලා කියන්න පුළුවන්. ඕනෑම ක්‍රීඩකයෙක්ගේ ක්‍රීඩා ජීවිතේ හීනය තමා Olympic එක. හිතන්නකෝ ඒ හීනේ හැබෑ වුණාම. එතැනට යන විදිහ ගැන අඳින පළඳින විදිහ ගැන කොච්චර හිතනවා ඇද්ද? එතකොට ක්‍රීඩාවේ දක්ෂතා වලින් වගේම Fashion වලිනුත් කැපිලා පේන්න ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ආසයි මචෝ. ඒ නිසා ගොඩක් වෙලාවට ලෝකයේ තියෙන අලුත්ම සුපිරිම විලාසිතා තමා Olympic වල අපිට දැකගන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි Olympic වල විලාසිතා උපදිනවා කිව්වොත් සුදාලා මොකද හිතන්නේ. ඒක මෙහෙමයි. ප්‍රසිද්ධ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ලෝකෙම අවධානය දිනාගන්න අමුතු අමුතු විලාසිතා කරනවා. එතකොට ඒ විලාසිතා මුළු ලෝකයම අනුගමනය කරන්න පටන්ගන්නවා. සුදාලටට තේරෙනවානි Olympic විලාසිතා Factory එකක් හරිය.
Olympic Fashion Show තියෙනවා කියලා කිව්වොත් මචංලා පිළිගන්න එකක් නෑ. මොකද Fashion කියන්නේ Sport එකක් නෙවෙයිනේ. ඒ වුණාට ලෝකේ ලොකුම Fashion Show එක තියෙන්නේ අවුරුදු හතරකට වතාවක් Olympic වලදී අලේ. ඔලිම්පික් සමාරම්භක සැණකෙළිය දැකලා තියෙනවා නම් මේ කතාව සුටුස්ගාලා අපේ ෆ්‍රෙන්තොලට තේරෙන්න ඕනෑ. Olympic Opening Ceremony එකට ලෝකයේ හැම හැම රටක්ම අන්‍යතාව පෙන්න සුපිරිම ඇඳුමක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. යුරෝපයේ දියුණු රටවල් සමහරක් අලුත්ම Fashion Olympic වෙනුවෙන් අරගෙන එනකොට අප්‍රිකාවේ ආසියාවේ සමහර රටවල් තමන්ගේ අන්‍යතාව, සංස්කෘතිය ලෝක ඉස්සරහා පෙන්නන ඇඳුම් නිර්මාණය කරනවා.
සුදාලා මේ පාර Olympic Opening Ceremony එක බැලුවා සීන් එක තේරෙනවා. ඇඳුම් කිව්වාට බෑග්, කැප්, හැට්, මාල වළලු එකී මෙකී නොකී මෝස්තර ලෝකයක් මේ පාර Opening Ceremony දැකගන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි ඔලිම්පික් සත්කාරකත්වය දක්වන ජපාන සංවිධායකයන් වුණත් මාර විදිහට Fashion කරලා තිබුණා. Opening Ceremony එකේ Items ඉදිරිපත් කරපු නර්තනය ශිල්පීන් ගායක ගායිකාවන් වුණත් ලෝකයට අලුත් Fashion ගොඩක් හඳුන්වලා දුන්නා මචෝ. ජපන් ගායිකාවක් ඇඳගෙන හිටපු දේදුන්නක පාටගත්ත ගවුම ගැන මේ වෙනකොට Fashion සම්බන්ධව උනන්දු වෙන්න ගොඩක් දෙනෙක් කතා වෙනවා. ඇත්තටම මේ සමාරම්භක උළෙල හොඳට කළේ අපි තමා කියන්න ඔලිම්පික් පවත්වන හැම රටක්ම කැමතියි. අන්න ඒ නිසා තමා මචෝ එයාලත් මෙච්චර හැඩ වැඩ දාන්නේ.
ඒක පැත්තකින් තියලා අපි අලුත් කතාවකට එමු. අපේ සුදාලාට කියන්න Sports Fashion කියන්නේ වෙනම දෙයක්. ඒවා ඒ ක්‍රීඩාවල අන්‍යය විදිහට තමා සකස් වෙලා තියෙන්නේ. ඒවත් ඉතින් කාලෙන් කාලෙට අලුත් වෙනවා. Olympic කියන්නේ Sports Fashion පැත්තෙන් ගත්තාමත් අවුරුදු හතරකට සැරයක් වන මහා පරිවර්තනයක් මචෝ. අපි දන්නවානේ මචෝ ඒ ඒ ක්‍රීඩාවලට අන්‍යය වෙච්ච ඇඳුම් ආයිත්තම් තියෙනවා. ඉතින් Olympic වලදී අලුත්ම මෝස්තර තමා එළියට එන්නේ. එතකොට මචෝ ඒවා ලෝකය පුරා ඉන්න අනික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර Trend වෙනවා. පාස්සේ කාලෙකට Olympic Fashion Trend තමා ලෝකය පුරා දුවන්නේ.
ඇත්තට අපි කලින් කිව්වා වගේ ක්‍රීඩක ක්‍රීඩකාවන් Olympic වලදී Fashion ගැන හරියට උනන්දුයි. ඒ ක්‍රීඩාවලදී තමන්ගේ සිරුරේ හැඩය ඉස්මතු වෙන විදියට කට්ටිය Fashion කරනවා. උදාහරණයක් විදිහට ජිම්නාස්ටික් වගේ ක්‍රීඩාවක Fashion ගැන තියෙන්නේ පුදුම උනන්දුවක්. මේකප් එක කොණ්ඩේ ගැන ලොකුවට ක්‍රීඩිකාව උනන්දු වෙනවා. ඒ වගේම ඒ ක්‍රීඩාවලදී තමන්ගේ සිරුරේ හැමෝටම පේන තැන්වල Tattoos එහෙම ගහන්නත් ගොඩක් දෙනෙක් උනන්දු වෙනවා. ඒකට උදාහරණ දෙනවා නම් කවුරුත් එච්චර ලොකු Fashion ගැන හිතන්නේ නැති දුනු විදීම වගේ ක්‍රීඩාවක් ගමුකෝ. දුනුවිදීමේදී ඊතලය අදින අතේ ඉලක්කය සංකේතවත් වන Tattoo එක මේ පාර ගොඩක් Olympic ආපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දකින්න ලැබුණා. මේ වගේ උදාහරණ සෑහෙන්න දෙන්න පුළුවන් මචෝ.
ඔන්න සුදෝ අදට ඇති. අපි යන්නයි යන්නේ. හා හා හිතුවා නේද අමතක වුණා කියලා නෑ නෑ. Olympic කොණ්ඩ මොස්තර. අපි ඒ ගැනත් කියනවා ලබන සතියේ. තාම ඔලිම්පික් පැවත්වෙනවානේ. මේ පාර Tokyo Olympic වල ජනප්‍රිය වුණ කොණ්ඩ මෝස්තර, Tattoos වගේ විලාසිතා මොනවාද කියලා අපි ටක්කෙටම කියනවා. හැබැයි ලබන සතියේ. ඒවා ජනප්‍රිය වෙන්න හේතුත් හොයාගෙන එන්නම්. ඒ වෙනම ආතල් එකක් වෙයි. එහෙනම් Promise සුන්දරා.