ඉෂාන් මේ දවස්වල අහන්න ආසම ගීතය මොකක්ද?
මේ දවස්වල මම අහන්න ආසම කරන්නෙ ජගත් වික්‍රමසිංහ මහතා ගායනා කරන
ඔබේ සිනා ළඟ නෙත නැවතුණු දා
ඔබේ කතා ළඟ සිත නැවතුණු දා
ප්‍රේමය හැඳින්නෙමී - මේ ලෝ තලයේ
කියන ගීතයයි. ඒ සින්දුව මගේ හිතට වදින ලස්සන අර්ථයක් තියෙන සින්දුවක්. මම ඒකෙ සංගීතයට, පද රචනයට වගේම ඒ හඬටත් හරි කැමතියි.
යාළුවන් එක්ක කතා කරන්න ආසම මාතෘකාව මොකක්ද?
යාළුවන් එක්ක එකතු වුණාම අපි වැඩිපුරම කාර් ගැන කතා කරනවා. බයික් ගැන කතා කරනවා. ඒ වගේම අලුතින් එන ෆිල්ම් ගැනත් අපි කතා කරනවා. ඒ වගේම පරණ ලස්සන ෆිල්ම් ගැනත් අපි කතා කරනවා.
ඉෂාන්.. පුංචි කාලෙට යන්න ලැබුණොත් යන්න ආසා කරන්නෙ කොයි කාලෙටද?
ආයෙත් පුංචි කාලෙට යන්න පුළුවන් වුණොත් මම මගේ පාසල් කාලයට යන්න හරි ආසයි. එයින් O/L, A/L පන්තිවලට යන්න මම හරි ආසයි. ඒ කාලේ යාළුවෝ එක්ක පුදුමාකාර විනෝදයෙන් සතුටින් හිටියා. ඒ කාලේ ලොකු ලොකු දේවල් ගැන හිතන්න තිබුණෙ නැහැ. ඉගෙනීමට අමතරව හරිම සැහැල්ලුවෙන් ගත කළේ. ඒ කාලෙට ආයෙත් යන්න තියෙනවනම් කොයි තරම් හොඳද?
පුංචි කාලේ කරපු සෙල්ලම්වලින් අදටත් ආසා කරන සෙල්ලම මොකක්ද?
මම ක්‍රිකට් සෙල්ලම් කරන්න හරිම ආසයි. අදටත් අපේ යාළුවෝ සෙට් එක හමුවුණාම අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඒ වගේම මම ජිම් යන්න, ව්‍යායාම් කරන්න හරි ආසයි. කොහොමටත් මම ඒ වෙනුවෙන් මගේ කාලය වෙන්කර ගන්නවා.
ඉෂාන් ආසා කරන වාහනය මොකක්ද?
මම ආසා කරන්නෙ Honda Eg8 වාහනයයි. මම ඒ වාහනයේ හැඩයට ආසයි. ඒක පොඩ්ඩක් sport විදිහට තියෙන නිසා ඒ වාහනය නම් මරු.
කැමතිම පරිෆියුම් එක?
මම ආසා කරන්නෙ Adidas prfume වලටයි. ඒකෙ සුවඳට මම හරි කැමතියි.
ඇඳුම් තෝරද්දි වැඩිපුරම හිත යන්නෙ?
මම වැඩිපුරම කැමති අත්කොට කළු කමිසයක් ඇඳලා තද නිල් පාට ඩෙනිමක් අඳින්නයි.
ඉෂාන්ට ආයෙ ආයෙමත් යන්න හිත කියන ලංකාවේ තැනක් තියෙනවද?
ඔව්.. මම සිරිපාදේ යන්න හරි ආසයි. ඒ වගේම සීගිරියටත් යන්න මම හරි කැමතියි. ඒ යද්දි ඒ පරිසරය විඳින්න, ඒ ගහකොළවල විඳින්න මම හරි කැමතියි.
ඇවිදින්න ආසා කරන රට මොකක්ද?
මම ජපායට යන්න හරි ආසයි. මම ඒ රටේ කාලයක් ඉඳලා තියෙනවා. ඒ රටේ ඇවිදලා තියෙනවා. ආයේ යන්න ලැබුණොත් මම ජපානයට ගිහින් ඒ රටේ ලස්සන ලස්සන තැන් බලන්න ආසයි.
කෙනෙකුට තෑග්ගක් දෙන්න ලැබුණොත් ඉෂාන් දෙන්න කැමති මොනවද?
මුලින්ම මම ඒ කෙනා කැමති මොනවටද කියලා හොයලා බලනවා. මට තෑග්ගක් දෙන්න පුළුවන්නම් ඒ කෙනාගේ කැමැත්ත අනුව මම ඒ තෑග්ග එයාට අරගෙන දෙනවා.
ඉෂාන් කාගෙන් හෝ තෑග්ගක් ලැබෙනවනම් ආසා කරන්නෙ මොනවගේ තෑග්ගකටද?
එහෙම විශේෂ තෑග්ගක් මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ. දෙන ඕනෑම තෑග්ගක් මම සතුටින් කැමැත්තෙන් බාරගන්නවා. කෙනෙක් සතුටින් දෙන දෙයක් තමයි වටිනාම තෑග්ග වෙන්නෙ.
ඉෂාන්ට කොච්චර කෑවත් එපාවෙන්නෙ නැති කෑම සහ බීම මොනවද?
මට කොච්චර කෑවත් එපාවෙන්නෙ නැති කෑම තමයි දූරියන්. ඒ වගේම කොච්චර බිව්වත් අලිගැටපේර ජූස් එකනම් මට එපාවෙන්නෙ නැහැ.
ඉෂාන් ජීවත් වෙන්න කැමති?
මම සරලව, කැලෑබද ගහකොළ සොබාදහමත් එක්ක තියෙන ලස්සන පරිසරයක ජීවත් වෙන්න කැමති කෙනෙක්.