2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

අම්මේ මතු ඔබ නිවන් දකින තුරු අඬමි ඔබෙන් රස කිරි ඉල්ලා

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 677

පණ ගසමින් ජීවිතය ඉල්ලද්දී යකඩ අඬු වලින් ඇදලා අරන් කළලය මරලා දාන්න දොස්තරවරු හොයාගෙන යන අම්මාවරු ගැන නෙවෙයි මේ මොහොතෙ මගේ මතකයට ආවේ. කළ හැකි සියලු කැපකිරීම් හා ආදරය මැද්දෙ දරුවන්ට ජීවිතය දුන්න අම්මාවරුන් ගැන. දරුවන්ව විසි කරලා දාන, අත්හැරලා දාන අම්මාවරුන් ගැන නෙවෙයි මගේ මතකයට ආවේ. ප්‍රාණ සම අධ්‍යාත්ම ප්‍රේමයෙන් දරුවන් සුරුකූ අම්මාවරුන් ගැන. ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ඉන්නට ඒ අම්මාවරුන් මේ විශ්වයෙන් සාර සේ උරා ගත් ශක්තිය ආයෙත් දුන්නෙ දරුවන්ට. ඒ ශක්තියට තමා මව් කිරි කීවෙ.

රජුන් සදිසි පුතුන් තනන්නට ඇය ළය මඬලින් ප්‍රදානය කළේ ඒ විශ්වාදර ශක්තිය. දෙවියන් වහන්සේ දිව්‍යමය ආදරය විදිහට මේ ලෝකයට හඳුන්වලා දුන්නෙ අම්මගෙ ආදරය කියලා මම විශ්වාස කරනවා. දරුවන්ට ජීවිත දීලා දවසක ඒ අම්මලා මේ ලෝකෙන් යන්න යනවා. දරුවන්ට ජීවිතයක් වගේම හොඳ දරුවෙක් හදපු හැම අම්මා කෙනෙක්ම ලෝකෙට දායාදයකුත් ඉතුරු කරලයි ජීවිතයට ආයුබෝවන් කියන්නෙ. 

නියත දහමට අවසඟව යන්න අපි කාටවත් බෑ. ඒත් සෙනෙහස හා මතකය මරණයෙන් ඉනික්බිතිවත් ජීවමානයි. ඔයා අහලා තියෙනවද ප්‍රියානන්ද විජේසුන්දර කියන ගීත රචකයා ලියපු මේ සින්දුව.  

සදා උකුළුතල මා සුව යහනක
තොලගින් මැතිරූ නැළවිල්ලෙන්
හැරලා මා සුව සිහින විමානෙට
නිදිගන්වා මා ඔබ තුරුලේ

ඇකය පුරා පැන දැඟලිලි පාලා
දෙතොල පුරා රස කිරි තවරාලා
මා සැනසෙන තුරු නැළවිලි ගීයෙන්
හෙළමි කඳුළු මගේ දුක පවසා

දෑත තොටිල්ලේ මා පදවාලා
සිරුරට මුදු කිරි සුවඳ බෙදාලූ
අම්මේ මතු ඔබ නිවන් දකින තුරු
අඬමි ඔබෙන් රස කිරි ඉල්ලා

හිත ආයෙම දුවලා ගිහින් නවතින්නෙ කොතනද? අම්මගේ ආදරයේ ඉසියුම්ම මතකය ළඟ නේද? ඒ ආදරණීය මතක දෙවියන් වහන්සේගේ ආදරය වගේම ජීවමාන බව ඔබේ හදවත ඔබට ඉඳුරාම කොඳුරාවි. ස්නේහයේත්, ජීවිතයේත් ආත්ම නිම්නයේත් ඇරඹුම සළකුණු වෙන්නෙ අම්මගේ හදවතේ ගැඹුරුම ඉසව්ව ළඟ. දරු සෙනෙහස කියන්නෙ ඒ ඉසව්වට. හෘද සාක්ෂියට කතා කරලා අහන්න. අම්මගේ ආදරය තරම් නිර්මල ස්නේහයක් ඔබට ජීවිතේ කොතනකදීවත් මුණගැහෙන්න විදිහක් නෑ.

අැගේ දෙනෙතින් අැගේ වදනින් අැෙග් අාත්මයෙන් ප්‍රකාශිත අාදරය විශ්වයේ කිසිවක් හා සමකළ නාෙහැකි අසමාන සෟෙන්දර්යයක් මුසු ස්නේහයක්! 
වචනයේ පරිසමාප්ත අරුතින්ම අැය අම්මා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00