කැමැත්ත කියන්නේ එකිනෙකට වෙනස් දෙයක්නේ. ඒ නිසා 5 Choice විශේෂාංගයෙන් අපි කතා කරන්නේ කැමැත්ත ගැන. මෙවර අපි සම්බන්ධ කර ගත්තේ මේ දවස්වල පුංචි තිරයෙන් නෙතු නාට්‍යයෙන් සහ හිරු මෙගා ස්ටාර් වේදිකාවේ දක්ෂ ලෙස රංගනයෙන් වගේම ගායනයෙන් දස්කම් පාන නිපුණිකා හේවාගමගේ. අපි නිපුණිකාගෙන් ඇහුවේ සිත ගත්ත කැමතිම ගීත 5
මේ ගීතය අහන හැම සැරයකම මගේ ඇසට කඳුළු එනවා. මට මේ ලෝකේ හොඳම මගේ අම්මා සහ තාත්තායි. ඉතින් මගේ හෙවනැල්ල වගේ ඉන්න අම්මා මම වෙනුවෙන් තාමත් කරන කැපවීම මතක් වෙනවා මේ ගීතය අහනකොට.
මට හොඳට වචන කටපාඩම් ගීතයක් තමා මේ ගීතය. තාත්තට මම ආදරේ කියලා තියෙනවා මදි වගේ කියලා හිතෙනවා මේ ගීතය අහනකොට. තාත්තා හැමදාම කියන දෙයක් තමයි මොන වරද කළත් ඇත්ත කියන්න පුරුදු වෙන්න කියලා. ඒ වගේම තමා මල්ලිවයි මාවයි හොඳ පුරවැසියන් කරන්න තාත්තා විඳපු දුක මතක් වෙනවා මේ ගීතය අහද්දී. ඉතින් මගේ දෙවැනි කැමැත්ත මේ හිමාලෙට වඩා උසයි ගීතයට.
ආදරේ කියන්නේ මොකක් ද කියලා සිය දෙනෙක්ගෙන් ඇසුවොත් ලැබෙන්නේ උත්තර 100ක්. අන්න ඒ වගේ එක හේතුවක් නැති ගොඩක් අහන්න ආස කරන ගීතයක් තමා වික්ටර් රත්නායක ගයනා කරන සඳකැන් වැසිලා කියන ගීතය. කෙටියෙන්ම කිව්වොත් ගොඩක් විඳින්න පුළුවන් ගීතයක්.
ඉස්සර ඉඳන්ම ගොඩක් ආසාවෙන් අහපු ගීතයක්. විශේෂයෙන්ම මම මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ කටහඬට ගොඩක් ආස කරන කෙනෙක්. ඒ වගේම එතුමාගේ ගීත අතරින් කැමතිම ගීතය තමා තනි වී සිටින්නයි ගීතය.
ආදරේ ගැඹුර ගැන කියවෙන මේ ගීතයටත් මම කැමතියි. ආදරේ කවදාවත් මිය යන්නේ නෑ කියලා හිතෙනවා මේ වගේ ගීත ඇහෙද්දී. සීමාවන් අවසානයන් නැති ආදරයක් ලබන්න කොයි කවුරුත් ආසයිනේ. ඉතින් ඒ නිසා වෙන්න ඇති මමත් මේ ගීතයට ආස කරන්නේ.
Text – Anusha Ranasinghe / Pic — internet