2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

හින්දී තරුවල දශහැරා ප‍්‍රාර්ථනා

2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 09:5836

ඉන්දියාවේ වාරේ දවස් 365 පුරාවටම විවිධ ආකාරයේ උත්සව සමරනවා කියලා සමහරවිට ඔබ මේ වනවිටත් දන්නවා ඇති. දශහැරා කියලා හැම අවුරුද්දකම ඉන්දියාවේ උත්සවයක් සමරනවා. දින නවයක් පුරා නවරාත‍්‍රී උත්සවය සැමරීමෙන් අනතුරුව රාවණා රජුගේ විශාල පිළිමයකට ගිනි ගන්නා ඊතලයකින් විදලා පුළුස්සා විනාශ කරන දර්ශන හින්දි සිනමාපට නරඹන ඔබ අනන්තවත් දැකලා ඇති. මෙන්න මේ උත්සවයට තමයි දශහැරා උත්සවය කියලා කියන්නේ. නපුරට එරෙහිව යහපත ජයග‍්‍රහණය කිරීම උදේසා  දශහැරා උත්සවය සමරනවා කියලා හින්දි බැතිමතුන් විශ්වාස කරනවා. මෙන්න මේ දශහැරා උත්සවය හින්දි බැතුමතුන් විසින් සමරලා වැඩි දවසක් නැහැ. බොලිවුඩ් තාරකාවන් දශහැරා උත්සවයට තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා සුභ පැතුම් එක්කොට තිබුනේ මෙන්න මේ විදියටයි.

කන්ගනා රනෞත්

කන්ගනා රනෞත් කියන්නේ හැමවිටම ආන්දෝලානාත්මක සිදුවීම්වල පැටලෙන තරුවක් කියන එක අපි හැමෝම දන්න දෙයක්නේ. ‘ජයග‍්‍රහණය සැමවිටම යහපත් වේවා’ යනුවෙන් ඇය තම ඉන්ස්ටග‍්‍රෑම් ගිණුමෙහි ඇයගේ ඡායාරෑපයක්ද පළ කරමින් සටහන් කොට ඇත.

අමිතාබ් බච්චන් 

සමාජ මාධ්‍ය තුළ නිතරම ක‍්‍රියාශීලීව සිටින සහ සැමවිටෙකම තම රසිකයින් සමග සමාජ මාධ්‍ය හරහා සම්බන්ධව සිටින බිග් බී නොඑසේනම් අමිතාබ් බච්චන්, ප‍්‍රීතිමත් දශහැරා උත්සවයක් යනුවෙන් දශහැරා උත්සවයට සුභාශිංෂන පිරිනමමින් සටහනක් තබා ඇත.

ශිල්පා ශෙට්ටි

ශිල්පා ශෙට්ටි දශහැරා උත්සවය නිමිත්තෙන් වීඩියෝ පටයක් තම සමාජ මාධ්‍ය ගිනුම්වලට මුදා හරිමින් තම රසිකයින්ට සුභ ප‍්‍රාර්ථනා කොට ඇත. දුර්ගා දේවතාවිය අප සියලු දෙනාට ආශීර්වාද කරන බවත් අපගේ සියලු පැතුම් ඉටු කරන බවත් ඔබට සහ ඔබගේ ආදරණීයන් හට සුභ දශහැරා දිනයක් වේවා යැයි ඇය තම වීඩියෝ පටයේ සඳහන් කොට ඇත.

අභිෂේක් බච්චන්

ජූනියර් බච්චන් ලෙසින් හඳුන්වන අභිෂේක් බච්චන් තම ට්විටර් ගිණුමෙහි මෙන්න මෙහෙම දෙයක් ලියා තියෙනවා. ආදරය, සාමය සහ සතුට සමග ඔබේ ජීවිතයේ සත්‍යය සැමවිටම ජයග‍්‍රහණය වේවා... ඔබ සැමට සුභ දශහැරා දිනයක් වේවා යැයි ප‍්‍රාර්ථනා කරමි.

කරීනා කපූර් ඛාන්

කරීනා කපූර් තම ඉන්ස්ටග‍්‍රෑම් ගිණුමට වීඩියෝ එකක් නිකුත් කරමින් ඔබ සැමට සුභ දශහැරා දිනයක් යනුවෙන් ප‍්‍රාර්ථනා කර තිබේ.

මනෝජ් බජ්පායි

මනෝජ් බජ්පායි තම රසිකයින්ට සුභ පතමින් &සුභ දශහැරා යනුවෙන්* තම ට්විටර් වෙබ් අඩවියේ සටහන් කොට ඇත.

පරේෂ් රාවල්

පරේෂ් රාවල් තම සමාජ මාධ්‍ය ගිණුමෙහි තම ඡායාරෑපයක් පළ කරමින් විජය දෂ්මී ලෙසින් සටහන් කොට ඇත. නවරාත‍්‍රී උත්සවය අවසන් වන්නේ දුර්ගා විසර්ජනයෙන් යනුවෙන් ඔහු එහි සටහනක් තබා ඇත. අද මෑණියන් ජලයෙහි ගිලී ඇති නිසා ලබන වසරෙහි මෑණියන්ට නැවත පැමිණෙන ලෙස යාඥා කරන්න බැතිමතුනි භක්තිකයිනි යනුවෙන් සටහනක් තබා ඇත.