ඔන්න මචෝ මේ දවස්වල මඟහැරලා යන්න බැරි Y Trend එකක් තියෙනවා. අද කතාව ක්‍රිකට් උණ ගැන. සුදාලා දන්න විදිහට මේ වෙනකොට UAE වල T20 ලෝක කුසලානය පැවැත්වෙනවා. වෙනදා තරම් සැණකෙළි සිරියක් නම් නෑ. මොකද කොවිඩ් වසංගත තත්ත්වය නිසා ප්‍රේක්ෂකාගාරයේ සෙනඟ අඩුයි. හැබැයි අන්න ඒ නිසාම Digital ඕඩියන්ස් එකක් මේ පාර නිර්මාණය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මැච් බැලීම සම්බන්ධව අලුත්ම ට්‍රෙන්ඩ් ටිකක් මේ වෙද්දී නිර්මාණය වෙලා. ඉතිං අපි ඒ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. ඉතින් මේ කතාව online මැච් බැලිල්ලේ Y Trend එක ගැන.
ඔන්න සුදාලා මැච් එකක් පැවැත්වෙන දවසක පොඩ්ඩක් YouTube එක පැත්තට එබිලා බලන්න ඕනෑ. එතකොට සුදාලාට බලාගන්න පුළුවන් මේ කාලේ අලුත්ම ට්‍රෙන්ඩ් එකක්. මැච් එක යන වෙලාවට, මැච් එක live දෙනවා කියලා Indian YouTube channel ගණනක් දාලා ඇති. මේක වංචාවක් මචෝ. ලෝක කුසලාන මුවාවෙන් තමන්ගෙ YouTube Chanel වල Views වැඩි කරගන්න watch time හදාගන්න ගහන ගේමක් මේක. ගොඩක් වෙලාවට නොදන්නකමට අපේ අය මේ YouTube Chanel touch කරල බලනවා.
ආයේ මොනවද ඉතින්. මැච් එක නං live යන්නෙ නෑ. සමහරුන් ස්කෝර් කාඩ් එකක් හරි දාලා තියෙනවා. තවත් සමහර ඉන්දියන් ඩයල් ගෙදර ඉඳන් Live Commentary කරනවා. පරණ මැච් එහෙමත් Live කියලා දාන උන් ඉන්නවා. තවත් අය බොරුවට Cricket ගේම් එකක් live stream ගහනවා අදාළ රටවල් දෙක දාලා. මේ අතර මුකුත්ම නෑ නොකර අපිව රවට්ටන ඩයලුත් ඉන්නවා මචෝ. කොහොම වුණත් මේ සීන් එක කාලයක් තිස්සේ කට්ටිය කරපු වැඩක්. ලෝක කුසලානෙත් එක්ක මේක Trend එකක් වෙලා. විශේෂයෙන්ම ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්ථානය, බංගලාදේශය වගේ රටවල් සෙල්ලම් කරන දවස්වලට මේ වැඩේ බොහොම සැරට කෙරෙනවා. YouTube එකේ විතරක් නෙවෙයි Facebook එකෙත් මේ වැඩේ කරන අය සෑහෙන්න ඉන්නවා සුදෝ.
සාමාන්‍යයෙන් මේ කාලේ ICC වගේම ඒ ඒ රටවල Cricket ආයතන මූලිකවම ආදායම් ලබන්නේ තරඟ විකාශන අයිතිය විකුණලා. කෝටි ප්‍රකෝටි ගණන්වලට රූපවාහිනී ආයතන මේ විකාශන අයිතිය මිලදී ගන්නා. ඊට පස්සේ තරග විකාශනය අතරතුර වෙළඳ දැන්වීම්වලින් ඒ වගේ තුන් හතර ගුණයක් හොයාගන්නවා. මේ වැඩේ අපිට ආදරය කරන සීන් එකක් නෙවෙයි. ලොකු බිස්නස් එකක්. මේ පාර ලෝක කුසලානයේ අපේ කලාපේ විකාශන අයිතිය අරගෙන තියෙන්නේ star sport මාධ්‍ය ජාලය. විකාශන අයිතිය විකුණන විදිහයි, ඒව කලාපවලට බෙදෙන විදිය ඒ වල තියෙන category, වගේ දේවල් ගැන කියන්න ගියොත් සීන් එක අවුල් යනවා. හරියටම මැක්කගේ වගේ.
ඒ කතාව පැත්තකින් තියමු මචෝ. සරලවම මෙච්චරයි. ඒ සීන් එක නිසා කාටවත් බෑ සමාජ මාධ්‍ය අවකාශයේ ඇතුළේ අවසර නැතුව තරග විකාශය කරන්න. මචෝ එහෙම කරොත් ඒක යූටියුබ් එකෙන් ෆේස්බුක් එකෙන් ඒවා බ්ලොක් කරනවා. ඒ සම්බන්ධව නිල වශයෙන් අදාළ ආයතන ගිවිසුම් ගතවෙලා තියෙන්නේ. ඔය සමහරු live දෙන්න පටන් අරන් ටික වෙලාවකින් බ්ලොග් වෙන්නේත් නිසා. දැන් සීන් එක පැහැදිලියිනේ. ඕල් රයිට් මචෝ.
හැබැයි සුදාලා දැකලාත් ඇති මෙහෙම සීන් එකක්. Facebook එකේ එහෙම මේ දවස්වල බෙල්ල නැතුව මැච් පෙන්නනවා. ඒ කියන්නේ මචෝ අදාළ රෑප රාමුව විශාල කරලා ඒකෙන් කොටසක් තමයි Live දෙන්නෙ. සද්දෙ වුණත් ඒවගෙ හරියට වෙනස් කරනවා. සමහරක් වෙලාවට මේවා වුණත් අතරමගදී කට්වෙලා යනවා. මෙතන තියෙන සීන් එක තමයි. එහෙම රෑපරාමු ශබ්දය විකෘති කරාම ස්වයංක්‍රීයව සිදුවන සමාජ මාධ්‍ය පරිපාලනයට මේ Live Stream අල්ලගන්න අමාරු වෙන එක. බෙල්ල නැතත් මේ දවස්වල තියෙන ක්‍රිකට් උණේ හැටියට ටීවී එකක් ළඟපාත නැත්තං, මැච් එක බලන්න විදිහක් ඇත්තෙම නැත්තං අපේ ගොඩක් අය මෙහෙම match මැච් බලන්න පෙළඹෙනවා. ඒකට නම් ඉතින් වරදක් කියන්න බෑ. ක්‍රිකට් කියන්නේ අපි හැමෝම තියන හොඳ කරන්න බැරි උන්මාදයක්.
ඒ කොහොම වුණත් මෙහෙම live දෙන්න විශාල data ප්‍රමාණයක් යනවා. ඉතින් Reach, Views, Like වෙනුවෙන් තමා ගොඩක් දෙනෙක් මේ වැඩේ කරන්නේ. ඒ අතර ක්‍රිකට් උණ උපරිමයට තියෙන නිසා මේ වැඩේ කරන අයත් ඉන්නවා. ලංකාවෙත් මේ trend එක නැගලා යනවා මේ දවස්වල. ලෝක කුසලාන නිසා මේ වැඩේ කරන Facebook page, group, YouTube Chanel සැලකිය යුතු ප්‍රමාණයක් අපේ රටෙත් තියෙනවා. මේ අතර ලංකාවේ කට්ටිය ගන්න වෙනම ආතල් එකකුත් අපිට Click වුණා. සමහරු තමන්ගේ Facebook Page වල කල් ඇතුවම පෝස්ට් එකක් දානවා &අද අපි මැච් එක live දෙනවා අපේ page එකට like එකක් දාල සෙට් වෙලා ඉන්න* කියලා. ඉතින් අපේ සමහරු ඒ වලට ගිහිල්ලා like දාලා බලන් ඉන්නවා. ඒත් බහුතරය ප්‍රෝඩාව තමයි මචෝ.
Online match මැච් බැලිල්ලේ තියෙන තවත් ආතල් එකක් ගැන කියන්න ඕන. ඔය මොනවා හරි ක්‍රමයකට ඔන්ලයින් තරගයක් නරඹද්දී. යටින් comment කර කර අදාළ මැච් එක බලන්න පුළුවන්. ඒක වෙනම ආතල් එකක්. ඒ කමෙන්ට්වල අපේ උන් ගහමරා ගන්නවා. නරක වචන කියා ගන්නවා. සමහරු තමන්ගේ රටේ කොඩිය දානවා. Online මැච් එකක කමෙන්ට් බලාගෙන හිටියොත් සුදාලාට තේරෙයි අපි මේ කියන සීන් කෝන් එක. ඒක එහෙම පිටින්ම පිස්සුවක්. තත්ත්පරේකට කමෙන්ට් පනහක් හැටක් වැටෙන වෙලාවල් තියෙනවා. කියවගන්න බෑ. ඒත් එක්කෙනෙක්වත් කමෙන්ට් කරන එක නතර කරන්නෙත් නෑ. කමෙන්ට් කිරීමේ සහ කමෙන්ට් කියවීම කියන්නේ ඇත්තටම පිස්සු ජාති දෙකක්. ඒ පිස්සු දෙකම තියන අයට online මැච් බැලිල්ල කියන්නේ පට්ට ආතල් එකක්.
ඉන්දියාව බංගලාදේශය වගේ රටක් එක්ක ලංකාව ගහන මැච් එකක් මෙහෙම බැලුවොත්, ඒ live ලයිව් එකට ඒ රටවල අයත් ඇවිල්ලා හිටියොත්. පිස්සුවක් ඈ. පහුගිය දවස්වල බංගලිකාරයෝ online මැච් බලන අපේ කොල්ලන්ට මාර කිණ්ඩියක් දාලා තිබ්බා. උන් අපිට ණය දුන්නා කියලා. ඒකත් පහුගිය දවස්වල පොඩ්ඩක් Viral වුණා. සමහරවිට සුදාලා දකින්නත් ඇති. කොහොම වුණත් මේ වැඩේ ආතල් එකක් තියෙන නිසා. සමහරු මේ වෙද්දී වැඩිපුර කැමති ඔන්ලයින් තරඟ නරඹන්න. ටීවී එකේ මැච් එක බලන ගමන් Online කමෙන්ට් කර කර අනාවැකි කියන ඩයලුත් ඉන්නවා. මොකද online live stream එක ටීවී එකට වඩා පොඩ්ඩක් පස්සෙන් යන්නේ. ඒ නිසා ඊළඟ බෝල වෙන දේ එහෙම බලන අයට කියන්න පුළුවන්. මේක ලෝකෙ ඊළඟ අදියර ක්‍රීඩාව සම්බන්ධ විශාල ව්‍යාපාරයක ආරම්භය කියලා තමයි අපිට නම් පේන්නේ.
ඔන්න මචෝ මේක තමා අද කතාව. තව විස්තර තිබුණොත් ඒ ඔක්කොම නම් ගළපන්න වෙලාවක් නෑ. උනන්දුවක් තියෙන අයට හොයලා බලන්න පුළුවන්. මෙහෙම match බලන්න එපා කියලා අපි නම් තහංචි දාන්නේ නෑ. හොඳ නරක ගුණදොස් තීරණය කිරීම සුදාලගේ අයිතියක්. මැච් බැලුවට කවුරුත් කවුරුත් ටච් නොකරන පැත්තක් තමා අපි කතා කරේ. හැබැයි මේක මේ වෙද්දිත් පට්ට ට්‍රෙන්ඩ් එකක්. ඒක නම් අපිට සහතික කරලා කියන්න පුළුවන්. ඉතින් සුදාලත් කොයි විදිහට හරි ක්‍රිකට් බලනවා ඇති කියලා අපි හිතනවා.
ලෝක කුසලාන තරගාවලිය බොහොම ජයට යන නිසා. අපි ශ්‍රී ලංකාවට ජය ප්‍රාර්ථනා කරලා. අදට සමුගන්නවා. ලෝක කුසලාන තරගාවලියේ අවසානයේදී තවත් ක්‍රිකට් ගැන Y Trend එකක් අරන් එන්නං. එහෙනම් ජය වේවා!