කොවිඩ් කාලයේදී වැඩිපුරම හිත ගියේ....?
කොවිඩ් කාලයේදී මගේ වැඩිපුරම හිත ගියේ මගේ සංගීත අධ්‍යක්ෂණයටයි. ඊට පෙර මම සංගීත රචනා කිරීමට නැඹුරුවක් තිබුණේ නැහැ. නමුත් කොවිඩ් කාලයේදී මම ඒ සම්බන්ධයෙන් ඉගෙන ගත්තා. මම මගේ සංගීත ශබ්දාගාරය හදාගෙන ඒ දේවල් ඉගෙන ගත්තා. ඒ අතරේ කොවිඩ් කාලයේදී මට කියාදෙන්න ආදරේ තරම්* නාට්‍යයේ රඟපෑමටත් අවස්ථාව ලැබුණා. ඒ හරහා නාට්‍යයේ තේමා ගීතය ගායනා කරන්නත්, නාට්‍යයේ සංගීතවත් කරන්නත් අවස්ථාව ලැබුණා. ඒ නිසා කොවිඩ් කාලයේදී සංගීත පැත්තෙනුත් රංගනය පැත්තෙනුත් අලුත් ගමනක් යන්න අවස්ථාව ලැබුණා කියලයි මම හිතන්නේ.
යහළුවන් මුණගැහුණම මේ දවස්වල වැඩිපුරම කතා කරන්නේ?
මීට කාලයකට උඩදී කට්ටිය මගෙන් අහන්නේ අයියේ... අනේ තාම ෂෝ නැහැනේද? කවද්ද ආයෙත් ෂෝ පටන් ගන්නේ කියලයි. හැබැයි දැන් රංගනයට ආවට පස්සේ බොහෝ දෙනා ෂූටිං තියෙන්නේ කවද්ද... තව නාට්‍යවල රඟපානවද? වගේ දේවල් තමයි මේ දවස්වල වැඩිපුරම අහන්නේ.
ජීවිතේ ආයෙ ආයෙත් අහන්න ආසා කරන ගීතය...
මම සුනිල් එදිරිසිංහ සර් ගායනා කරන ගීත අහන්න හරි කැමතියි. ඒ අතරින් ඔහු ගායනා කළ, බන්දුල නානායක්කාරවසම් මහතා පද රචනා කළ, ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සංගීතවත් කළ වියෝ වූ පසුවයි දැනෙන්නේ - ප්‍රේමයේ අභිමන් - හැඬූදා කඳුළයි දකින්නේ - සිනාවේ සරදම්* ගීතයට කැමතියි.
පුංචි කාලයට යන්න ඇත්නම් යන්න ආසාකරන කාලය?
මගේ පහ වසර හය වසර කාලයට යන්න මම හරිම ආසයි. ඒ කාලය හරි සුන්දරයි. අපේ ළමා කාලය අපි හරිම සතුටින් ගතකරපු කාලයක්. මම ඉගෙන ගත්තේ කුරුණෑගල මලියදේව ආදර්ශ මහ විදුහලේ. ඒ කාලේ හරි සුන්දරයි. ඒ කාලය හරි නිදහස්. වගකීමක් තිබුණේ නැහැ. හරි අපූරු ළමා කාලයක් මම ගත කළේ.
ආසා කරපු සෙල්ලම?
මම අදටත් ක්‍රිකට් සෙල්ලම් කරන්න හරි කැමැතියි.
හැබැයි පාසැලේදී මම පාපන්දු සෙල්ලම් කළා. ඒ වගේම බාලදක්ෂ කණ්ඩායමේ හිටියා. දැන් වුණත් ඉඩ ලැබෙන වෙලාවක යාළුවෝ එක්ක ක්‍රිකට් සෙල්ලම් කරනවා.
තමන්ගේ මහන්සියෙන් ලැබුණු මුල්ම වැටුපට කළ දේ?
මගේ මහන්සියෙන් ලැබිච්චි මුල්ම මුදල රුපියල් පන්සීයයි. මම සාමාන්‍ය පෙළ අවසන් කරලා ගීතයක් ගායනා කරල ඒ මුදල මට ලැබුණා. මාව එක්කන් ගියපු තැනකින් මම ගීත ගායනා කළාට පස්සේ මට රුපියල් පන්සීයක් දුන්නා. මම ඒක ගෙනත් මගේ අම්මට දුන්නා.
ලංකාවේ වැඩිපුරම යන්න ආස කරන තැන?
ලංකාවේ නම් මම වැඩිපුරම යන්නකැමති නුවරඑළියටයි. ඒක හරි අපූරු පැත්තක්. සීතලත් එක්ක ඒ පරිසරය වෙනස්ම අත්දැකීමක්. සීතලේ නුවරඑළියේ ඇවිදින්න ආසයි.
යන්න ආසම රට?
මම ස්විඩනයට යන්න හරි කැමතියි.
ආස කරන පර්ෆියුම් එක?
මම Amber Elixir Perfume එකට හරි කැමැතියි.
කැමතිම වාහනය?
මට දැන් තියෙන්නේ ටොයෝටා වාහනයක්. හැබැයි මම BMW බෙන්ස්වලට ආසයි.
කොච්චර කෑවත් එපා නොවන කෑම?
කොච්චර කෑවත් එපා වෙන්නේ නැති එකම කෑම පරිප්පුම තමයි.
කාගෙන් හරි තෑග්ගක් ලැබුණොත් ඔයා ආස කරන්නේ?
එහෙම විශේෂ වුණ තෑගි මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.
කාට හරි තෑග්ගක් දෙන්න ලැබුණොත්?
මම තෑග්ගක් දෙද්දී මතක හිටින, දෙන කෙනාටත් වැදගත් වෙන තෑග්ගක් දෙන්න කැමැතියි.
ජීවත් වෙන්න කැමැති?
මම සරලව, ජීවත් වෙන්න කැමති කෙනෙක්. ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැ. කාටවත් කරදරයක් නැතිව මගේ පාඩුවේ ජීවත් වෙන්න කැමැතියි.