2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

ඉන්දියාවට මම මාර ආසයි

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 99

කොවිඩ් කාලයේදී වැඩිපුරම හිත ගියේ...?

කොවිඩ් කාලයේදී මගේ වැඩිපුරම හිත ගියේ සංගීතයටයි. ඒ කාලය තුළදී මට නාට්‍ය දෙකක සංගීත අධ්‍යක්ෂණය කරන්න අවස්ථාව ලැබුණා. මේ දවස්වලත් ඒ වැඩ කටයුතු කරමින් පවතිනවා. ඊට අමතරව මගේ අලුත් ගීත හතරක ඇල්බම් එකක් ළඟදීම එළිදක්වන්න සූදානම් වුණා. ඒ නිසා කොවිඩ් කාලයේදී මගේ ස්ටුඩියෝ එකේ ඉඳන් ගීත නිර්මාණ කිරීමම තමයි වැඩිපුරම කළේ.

යහළුවන් මුණගැහුණම මේ දවස්වල වැඩිපුරම කතා වෙන්නේ?

යහළුවන් මුණගැහුනම මේ දවස්වල වැඩිපුරම රටේ තත්ත්වයයි, දේශපාලනය සම්බන්ධවයි අපි කතා කරනවා.

ජීවිතේ ආයෙ ආයෙත් අහන්න ආස කරන ගීතය?

අදටත් මම මගේ හමාර බණවර ගීතය අහනවා. මේ වෙද්දී ඒ ගීතය කොච්චර ආයෙ ආයෙත් අහනවාද, කොච්චර ඒ ගීතය ආයෙ ආයෙත් මුමුණනවාද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ. ඒ තරමටම මම ඒ ගීතය අහලා තියෙනවා. මට මගේ ඒ ගීතය එපා වෙන්නේ නැහැ.

පුංචි කාලයට යන්න ඇත්නම් යන්න ආසකරන කාලය?

ඉස්සර අපේ අයියලා, නෑදෑයෝ වෙන අයියලා මල්ලිලා එකතුවෙලා අපේ ගෙදර පොඩි මියුසික් බෑන්ඩ් එකක් හදලා හැමදාම ඒක පුරැදු වුණා. ඒ බෑන්ඩ් එකට නමක්වත් තිබුණේ නැහැ. අපේ පවුලේ අය එකතුවෙලා ඒ බෑන්ඩ් එක කළේ. ඒ කාලේ හරි සුන්දරයි. මම ඔක්ටපෑඩ් එක සෙල්ලම් කළා. මට මතක විදිහට ඒ වෙද්දී මම හය වසර ඉගෙන ගන්නේ. ඒ බෑන්ඩ් එකේ මම මුලින්ම මියුසික් කළේ &ජීවන ගමන මේ සංසාරේ* ගීතයටයි. ඒ කාලේ මතක් වෙද්දී අදටත් හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්.

ආස කරපු සෙල්ලම?

 මම ක්‍රිකට්වලට හරි කැමතියි. ඒ කාලේ අයියලා, මල්ලිලා, යාළුවෝ එකතු වුණාම ක්‍රිකට් සෙල්ලම් කළා. ඉස්කෝලේදීත් ටික කාලයක් ක්‍රිකට් සෙල්ලම් කළා.

තමන්ගේ මහන්සියෙන් ලැබුණ වැටුපෙන් කළ දේ?

පාසැල් අධ්‍යාපනයෙන් පස්සේ මම මියුසික් ස්ටුඩියෝවක සේවය කළා. ඒකේ කරපු රෙකෝඩින් වැඩ නිසා මුලින්ම මට රැපියල් දහතුන්දහස් පන්සීයක වැටුපක් විදිහට ලබල දුන්නා. මම ඒ සල්ලි මගේ වියදමට තියාගත්තා. කෑම බීමට, ගමන් වියදමට ඒ සල්ලි වියදම් කළා.

යන්න ආස රට?

මම ඉන්දියාවට යන්න ආසයි. ඒක තමයි මගේ තේරීම වෙන්නේ. මම ඒ රටේ සංස්කෘතියට ආසයි. ඒ වගේම ඒ සංගීතය ඉගෙන ගන්න ආසයි.

ලංකාවේ වැඩිපුරම යන්න ආසාකරන තැන?

මම ලංකාවේ ඇවිදින්න යන්න ආසයි. යාළුවන් එක්ක ඉස්සරනම් එහෙම අැවිදින්න ගියා. කොවිඩ් නිසා ඒ හැමදේම නතර කරන්න සිද්ධ වුණා. මම ලෝකාන්තයට යන්න හරි කැමතියි. දෙපාරක්ම මම ලෝකාන්තයට ගිහින් තියෙනවා. හැබැයි ආයෙ ආයෙත් ලෝකාන්තය බලන්න යන්න මම ආසයි.

ආසකරන පර්ෆියුම් එක?

මම 1 Million Perfume එකම ගොඩාක් කැමතියි.

කැමැතිම වාහනය?

මම BMWi8 වාහනයට ගොඩක් කැමැතියි.

කොච්චර කෑවත් එපාවෙන්නේ නැති කෑම?

අම්මෝ... මට කිරිබත් ලුණුමිරිස් එක්ක කන්න තිෙයනවා නම් වෙන මුකුත් ඕනෑ නැහැ. ඒ තරමටම මම ඒකට කැමතියි.

කාටහරි තෑග්ගක් දෙන්න ලැබුණොත් රවි දෙන්නෙ?

ඒක දෙන කෙනා අනුව වෙනස් වෙනවා. මම ඒ දෙන කෙනා ආස කරන දෙය දන්නවා නම් මම ඒ දේ අරගෙන දෙනවා. නැත්නම් හොඳ දෙයක් බලලා දෙනවා.

කාගෙන් හරි තෑග්ගක් ලැබුවොත් ආස කරන්නේ...?

එහෙම විශේෂ දෙයක් නැහැ. දෙන ඕන දෙයක් ගන්නවා. තෑග්ගක්නේ...

ජීවත්වෙන්න කැමැති....?

මම මගේ පාඩුවේ සරලව ඉන්න කැමතියි