කිහිප දෙනෙක් එකතුවෙලා හවසක නව කතාවක් එහෙම කියවලා තියෙනවාද? සුදාලා සමහරවිට එහෙම කරලා නැතුව ඇති. ඒක බොහොම පරණ වැඩක්. එහෙනම් අඩු ගානේ ගුවන්විදුලි නාට්‍යයකට හරි සවන් දීලා ඇතිනේ. හරි මචෝ මේ කියන්න යන දේ ගැන පොඩි අදහසක් ඇතිකරන්න අපි එහෙම ඇහුවේ. අද Y Trend එක තමා Audiobook.
මේක Trend එකක් වෙන විදිහ කියන්න කලින් මුලින්ම සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ලිඛිත සාහිත්‍ය හඬ පට බවට පත්වෙන්න ගත්තේ අදක ඊයෙක නෙවෙයි. Voice Recording හොයාගත්ත කාලේ. මේ සීන් එකේ ඉතිහාසය ඊටත් එහාට ගලපන්න පුළුවන්. ඒත් අපිට දැනට මේ ඇති. කොහොම හරි මචෝ පොතක් කියවලා ඒක රෑප මාධ්‍යයේ ජනප්‍රිය වෙන්න කලින් ගුවන්විදුලි යුගයේදි ප්‍රසිද්ධ නවකතාව කවුරු හරි කටහඬ පටිගත කරලා බෙදාහැරීම සිද්ධ වුණා. විශේෂයෙන්ම දෘශ්‍යාබාධිත අය, අකුරු කියවන්න බැරි අය වෙනුවෙන් තමා මේ වැඩේ කෙරුණේ.
එක්තරා යුගයක මේක ජනප්‍රිය වෙලා සාමාන්‍ය මිනිස්සුත් Voice Book වලට ඇළුම් කරන්න ගත්තා. කොහොම වුණත් කාලයක් වැඩේ අල්ලලා ගියේ නෑ මචෝ. ඒකට හේතු තිබුණා. ඒ කොහොම වුණත් ඒක අපිට වැදගත් නෑ. මොකද අපි කියන්න යන්නේ අලුත් Trend එකක් ගැන. ඒත් එකක් දෙකක් කියන්න ඕන. පළවෙනි දේ තමා හඬ මාධ්‍යයට වඩා රෑප මාධ්‍ය ලෝකයේ ප්‍රබලව නැගී සිටීම. අනික තමා නව කතාවක, කෙටි කතාවක රසය Voice Recording එකක් හරහා විඳින්න අමාරු වීම. ඒකට සමහරු කියන්නේ පරිකල්පනය සීමා වීම කියලා. හරි මේ ටිකෙන් සුදෝ ඉතිහාසය චැප්ටර් එක ක්ලෝස්.
සුදාලා හිතනවා ඇති ඉතිහාසයේවත් හරි නොගිය දෙයක් ගැන Y Trend කියනවද කියලා. අපි මෙහෙම කියන්නම්. පසුගිය දශකයක වගේ කාලේ තුළ Audiobook දැවැන්ත කර්මාන්තයක් වෙලා. කටහඬින්ම පොත් එළිදක්වන අයත් බිහිවෙලා. ඒ වගේ යුරෝපයේ අමෙරිකාවේ ප්‍රකාශන සමාගම් ගොඩක් තියෙනවා මේ වැඩේ කරන. අන්තර්ජාලය පැත්තේ කරක් ගහලා පොඩ්ඩක් හොයලා බැලුවොත් තේරෙයි Voice කරපු Novel එහෙම කොච්චර විකිණිලාද කියලා. වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් තියෙනවා මේ වැඩේට. සරලවම කියනවා නම් මචෝ මේක දැන් උමතුවක්.
YouTube එක පැත්තට ගිහිල්ලා බැලුවොත් තේරෙයි Audiobook කොච්චර තියෙනවාද කියලා. මිලියන හයක් හතක් අහපු පොත් තියෙනවා. මේ එක Voice Clip එකක් ආසන්න වශයෙන් පැය 3 ත් 10 ත් අතර වගේ වෙනවා. ඒත් මේක අද වෙනකොට මිනිස්සු අහනවා. ඇත්තටම මේක තවදුරටත් දෘශ්‍යාබාධිත අය, අකුරු බැරි අය විතරක් ඉලක්ක කර ගත්ත වැඩක් නෙවෙයි. පොදුවේ පාඨක සමූහයක් ඉලක්ක කර ගත්තු වැඩක්. හැබැයි මචෝ මෙහෙම දෙයකුත් තියෙනවා. සමහරු සීන් එක මිස් යූස් කරනවා. ඒ කියන්නේ කර්තෘ අයිතිය ප්‍රකාශන අයිතිය වගේ දේවල් ගැන සලකන්නේ නැතුව Audiobook හදලා සල්ලි හොයන්න ඉන්නවා. ඒක නම් ඉතින් අවාසනාවන්ත තත්ත්වයක් මචෝ.
වර්තමානේ සීන් එක මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව අපි පොඩ්ඩක් හොයලා බැලුවා. අපි කිව්වනේ මචෝ මේක ටිකක් පරණ සීන් කෝන් එකක් කියලා. මේකෙ මූලික කාරණා දෙකක් තියෙනවා. ඩිජිටල් යුගයේ මිනිස්සු කම්මැලි වීම එක හේතුවක්. අනික කාලය ගැන මේ යුගයේ මිනිස්සුන්ගේ තියෙන අදහස. ඊට අමතරව සමහර තැන්වල විවිධ හේතු කියලා තිබුණා ඩිජිටල් තිරය දෙස බලා සිටීම අත්හැරීමේ අරමුණින් සමහරු Audiobook වලට ඇහුම්කන් දෙනවා කියලා. ඒ කියන්නේ මේක ඩිජිටල් යුගයේ හිට්වෙන වැඩක්.
කොහොම වුණත් මේ සීන් එක තාම වැඩිපුර ජනප්‍රිය යුරෝපයේ සහ අමෙරිකාව කැනඩාව, ඔස්ට්‍රේලියාව වගේ රටවල.
ලංකාවේ Audiobook නෑ කියලා කියන්න අපිට බෑ. මේ වෙනකොට යම් ප්‍රමාණයකට තියෙනවා. ඒ වුණත් සීන් එක ජනප්‍රිය නෑ. අපි තාම ඉන්නේ රූප මාධ්‍ය ලෝකය තුළ සහ ඩිජිටල් යුගයේ මූලික අවස්ථාවේ. හැබැයි අනාගතයේ සීන් එක මෙහෙත් ජනප්‍රිය වෙන්න පුළුවන් මචෝ. වැඩේ තියෙන්නේ අපේ වගේ රටවල මේ වගේ දේවල් වංචාකාරයන්ට නතුවෙන එක. දැනටත් යන්තමින් ඒක පේන්න තියෙනවා. පොතක් කියන්නේ ඉතා වෙහෙසකර නිර්මාණයක්. ඒ නිසා සාමාන්‍ය පොතක් වුණත් E Book එකක් වුණත් Audiobook එකක් වුණත් නිර්මාණකරුවාට සාධාරණයක් වෙන විදිහට තමා කෙරෙන්න ඕන.
ඔන්න එහෙනම් අදට කතාව ඔච්චරයි. සීන් එක ගැන හොයලා බලන්න සුදාලත්. ලබන සතියේ හමුවෙමු.