ඔන්න මචෝ කාලීන ගෝලීය Y Trend එකක් ගැන කතාවක් දෙන්නයි ලෑස්තිය. යුක්‍රේනය පැත්තෙ වෙඩි වරුසාව ඇහෙනවා නේද? වස්තුලාට. මේ කතාවට Idea වුණේ ඒ සද්ද බද්දම තමා. අපේ මචාලා මචීලා දන්නවා ලෝකේ විවිධ විරෝධතා ව්‍යාපාර තියෙනවා කාලෙන් කාලෙට. ඒවායින් සමහරක් Trend වෙනවා. අපි Y Trend එකෙන් එහෙම ඒවා ගැන කතා කරලත් තියෙනවා මතක ඇති සුදාලට. යූක්‍රේන යුද්ධය නිසා මේ දවස්වලත් අන්න ඒ වගේ ලොකු විරෝධතා රුල්ලක් ලෝකේ වටේම දැකගන්න පුළුවන්. අපි ඒ විරෝධතා ගැන පොඩ්ඩක් වෙනස් විදියට හොයලා බැලුවා.
ඔන්න එහෙනම් මචෝ අපි කතා කරන්නේ යුද විරෝධී Anti-war ව්‍යාපාර සම්බන්ධව. මේක සංස්කෘතියක්. කලාවක්. ඒ වගේම සමාජ ව්‍යාපාරයක් කිව්වොත් හරියටම හරි. කාලෙන් කාලෙට මේ සීන් එක ලෝකයේම අවධානය දිනාගන්නවා. ඒකට හේතුව ලෝකයේ කොතැනක හරි ඇතිවෙන යුද්ධයක්. හරි වස්තු සීන් එකට Enter වෙන්න කලින් යුද්ධය ගැන පොඩි අදහසක් ගන්න ඕනෑ. නැතුව මේ සීන් එක අපේ පැංචෝ පැංචියොන්ට ලෙසටම ගලපගන්න බෑ.
යුද්ධය කියන්නේ මිනිස්සු වෙච්ච අපේ ළඟ තියෙන ප්‍රචණ්ඩත්වයේ උපරිම අවස්ථාවක් කියලා කිව්වොත් හරි. කොහොම වුණත් මිනිස්සු ශිෂ්ඨාචාර ගතවෙලා ශිෂ්ඨ සම්පන්න වීම එක්ක එක පැත්තකින් ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන තත්ත්වයක් ඇතිවුණා. ඒත් ප්‍රචණ්ඩත්වය මේ මානව සමාජයෙන් අතුගාලා දාන්න කාටවත් බැරි වුණා. ඒ නිසාම ප්‍රචණ්ඩත්වයේ උපරිමය නිරූපණය වන යුද්ධයත් ක්‍රමයෙන් දියුණු සංකල්පයක් සහ අනිවාර්ය සමාජීය ක්‍රියාවලියක් වුණා. ඒ නිසා අපි කොච්චර අකමැති වුණත් ලෝක ඉතිහාසය පුරාත් වර්තමානයෙත් අනාගතයෙත් යුද්ධය කියන භයානක ක්‍රියාවලිය ශිෂ්ඨාචාරය තුළ පවතිනවා මචෝ.
ඒ අතර ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන සමාජ සංස්කෘතික ආගමික මතවාදයන් ඉතිහාසය පුරා මානව සමාජයේ එක කොණක හෙමිහිට හැදී වැඩුණා. පස්සෙ කාලෙක අපි අද කතා කරන යුද විරෝධී Anti-war විරෝධතා මතුවෙන්නේ අන්න ඒ කොණෙන් තමා මචෝ. මේ දවස්වල යුක්‍රේන යුද්ධය නිසා Anti-war Movement ලෝකය පුරා අපි දකින්න පුළුවන්. උද්ඝෝෂණ, විරෝධතා රුලි වගේ දේවල් වගේම ඡායාරූප සිතුවම් ප්‍රදර්ශනය ගීත නිර්මාණය වගේ ගොඩක් දේවලුත් මේ Anti-war Movement ඇතුළේ තියන්න වෙනවා.
ඒ නිසාම Anti-war කියන සංකල්පය ඇතුළේ Art and Culture කියන කොටස තියෙනවා කියලා පැහැදිලිවම කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආතල් එකට බර Y Trend ඇතුළේ අපි Anti-war Trend එක ගැන කතා කරන්නේ මේ (ආට්) සීන් එක නිසා. මේ දවස්වල ලෝකය පුරා යුද විරෝධීන් එක එක ජාතියේ විරෝධතා පවත්වනවා. පළවැනි දෙවැනි ලෝක යුද්ධ කාලේ ඉදලම Anti-war Movement ලෝකයේ තිබුණා. ඒවා ඇතුළේ භාවිත වුණේ ඡායාරූප, සිතුවම්, කවි ගීත වගේ දේවල්. ඒත් වර්තමානය වෙද්දී තත්ත්වය සයිබර් ලෝකය තුළ තවත් වර්ධනය වෙලා. සමාජ මාධ්‍ය පොස්ට්, වීඩියෝ, කෙටි චිත්‍රපට වගේ ගොඩක් කලා මාධ්‍යයන් මේ Anti-war Movement ඇතුළේ භාවිත වෙනවා.
ශීත යුද්ධය එක්ක ලෝකය පුරා දේශපාලනික අර්බුද තිබුණු 60, 70 සහ 80 දශකවල මේ සීන් විශාල වශයෙන් ප්‍රවර්ධනය වුණා. මචෝ දැනටමත් ඔයාලා දන්නවා ඒ කාලේ ඉංග්‍රීසි ගීත ඒ Anti-war සමාජ කණ්ඩායම් හරහා එළිය ආපු ඒවා. ඒ වගේම මෑතකාලීනව කාව්‍ය සංග්‍රහයන්, සංගීතය සංධ්වනි පවා නිර්මාණය වෙලා තියෙනවා මේ සංකල්ප ඇතුළේ. පොදුවේ යුද්ධයට විරුද්ධව වගේම ලෝකයේ ඒ කාලවල තිබුණු යුද්ධයන්ට විරුද්ධව මේ නිර්මාණ තුළින් හඬක් අවදි කරලා තියෙනවා මචෝ. අපිට ලංකාවේත් ඕනෑ නම් මේ සම්බන්ධව උදාහරණ හොයාගන්න පුළුවන්.
අපි කිව්වොත් මේකෙ පොඩි සංස්කෘතික පැත්තක් තියෙනවා කියලා මචෝ... අන්න ඒ නිසාම යුද විරෝධීන් කියලා උප සංස්කෘතියක් ඇතුළේ ගොනු වුණු සමාජ කණ්ඩායමකුත් අද වෙනකොට ලෝකයේ ඉන්නවා. ඔවුන් ඇතුළේ තමා අර අපි කිව්ව කලාත්මක සංස්කෘතික අන්තර්ගතය තියෙන්නේ. කලාකරුවන් බහුල වශයෙන් මේ සමාජ කණ්ඩායමට ඇතුළත් වෙනවා. සුදාලා හිතන විදිහට ලෝකයේ බලවත් බොහෝ යුද්ධවලට හේතුව වුණු අමෙරිකාවෙම තමා මේ පිරිස වැඩිපුර ඉන්නේ. මෙයාලගේ උපරිම ක්‍රියාකාරීන් Anti-war විරෝධතාවලට නගරයෙන් නගරයට ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට යනවා.
කලාව සංස්කෘතිය දෙක එකතු වුණාම මේක පොඩි ආගමක් වගේ බලවත් සංකල්පයක් කියලා කියන්න පුළුවන්. ඒ වුණත් සුදාලට කියන්නම ඕනෑ අමෙරිකානු දේශපාලනයටත් මේ කණ්ඩායම් හරහා විශාල බලපෑමක් වෙලා තියෙනවා කියන එක. ලෝක යුද්ධ කාලේ ඉඳන් අමෙරිකාවේ වර්ධනය වුණු මේ සීන් එක හැම යුගයකම තාරුණ්‍ය තමා මෙහෙවීම සිදු කළේ. අද වෙනකොට ලෝකය පුරා විශාල තරුණ ප්‍රජාවක් මේ සීන් එකේ ඉන්නවා. අමෙරිකානු මහද්වීපය පටන් ගත්ත නූතන Anti-war ව්‍යාපාරය යුරෝපය හරහා දැන් ආසියාවටත් ඇවිල්ලා.
අපි මේ සංකල්පය ගැන පළමුවැනි ලෝක යුද්ධයෙන් මෙපිට කතා කළාට මේ මතවාද ක්‍රිස්තු පූර්ව ගණන්වල ඉඳලා පෙරදිග වගේම ග්‍රීක රෝම යුගවලත් තිබිලා තියෙනවා. සුදාලා පොඩ්ඩක් හොයලා බලන්න... යුද විරෝධීන් ලෙස ඉතිහාසගත වුණු රජවරු පවා ඉඳලා තියෙනවා. ආගමික අර්ථයෙන් නම් ඒ කාලේ ඉඳලම බොහෝ ආගම් යුද්ධය අනුමත කරලා නෑ. ඒක ඉතින් හැමෝම දන්න කාරණාවක්නේ මචෝ. ඒත් යුද්ධය නිසා බිහිවුණු ආගම් වගේම යුද්ධය ආගම කරගත්තු අයත් ඉතිහාසයේ ඉඳලා තියෙනවා කියන එකත් නොකියා බෑ.
කොහොම හරි යුක්‍රේන ආක්‍රමණය නිසා Anti-war කණ්ඩායම් ගෝලීය වශයෙන් ඒකාබද්ධ වෙනවා. දැන් ඒක ලොකු Y Trend එකක්. මේ සම්බන්ධව කටයුතු කරන සමාජ ජාල ක්‍රියාකාරීන් එන්න එන්න වැඩිවෙලා. වෙබ් අඩවි Face Book Page ඇතුළු සයිබර් එකෙනුත් දහස් ගණනක් හොයාගන්න පුළුවන්. කොහොම හරි අපිට හිතෙන විදිහට මේ නිර්මාණය වෙන්නේ Anti-war Global Trend එක. තවදුරටත් දේශසීමා විරහිතව මේ ව්‍යාපාරය ව්‍යාප්ත වෙනවා. මේ හරහා තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගන්න උත්සාහ කරන අය නැතුව නෙවෙයි. හැබැයි සුදෝ මේක ලෝක සාමය සමඟ සාධනීය තත්ත්වයක්.
I නිසල්