ඔන්න මචෝ අරගෙන ආවා සිරි Y Trend එකක්. අද කතාව කොණ්ඩ කැපිලි ගැන. කොණ්ඩ කැපිලි ගැන කිව්වට සුදෝ, මේ සීන් කෝන් එක කොණ්ඩ කැපිලි ගැන හැදෙන Videos ගැන. මේ දවස්වල YouTube එකේ Social media වල සුපිරියටම Hit වෙන වීඩියෝ ජාතියක් තමයි Haircut and shaving Videos. අපේ ලංකාවේ සුදාලට නම් මේක එච්චරම Touch වෙච්ච දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි මේ සීන් එක සුදාලා ලාවට හරි දැකලා ඇති.
අපි දන්නවනේ මචෝ, ලෝකෙ Trending වෙන වීඩියෝ ජාති ගොඩක් තියෙනවා මේ කාලේ. ඒ ඔය Cookery Videos ගැන එහෙම අපි මීට කලින් කතා කළා අපේ පැංචන්ට පැංචියන්ට මතක ඇති. අන්න ඒ වගේම සීන් කෝන් එකක් තමයි මේකත්. මේ සීන් එක Trending වෙන්න පටන් අරගෙන එච්චර කාලයක් නෑ. හැබැයි යුරෝපේ වගේම ඇමරිකාවේ සීන් එක දැන් නැගලා යනවා. ඒ නිසාම අපේ ආසියාව පැත්තෙ කට්ටියත් දැන් line එකට enter වෙන ගමන් ඉන්නේ.
අපි මේ සීන් එක මුල ඉඳන්ම පැහැදිලි කරන්න පටන් ගමු මචෝ. මේ ලෝකෙ කවුරුත් මේ වෙනකොට කොණ්ඩෙ කපාගන්න, රැවුල කපාගන්න සැලුන් එකකට යන එක බොහොම සාමාන්‍ය දෙයක්. හැබැයි එහෙම ගිහිල්ලා කවුරු හරි තමන්ගේ කොණ්ඩේ රැවුල කපන එක වීඩියෝ කරනවා නම්, ඒක ටිකක් අසාමාන්‍ය දෙයක් නේද? ඔන්න රූපලාවණ්‍ය වැඩසටහනකට හරි පුහුණු වැඩසටහනකට හරි බාබර් මේ වැඩේ වීඩියෝ කරනවා නම් කමක් නෑ. කොණ්ඩෙ කපන්න යන කෙනා මේක වීඩියෝ කරනවා නම් එතන පොඩි අවුලක් තියෙනවා.
මෙහෙම කොණ්ඩ කැපිලි වීඩියෝ කරන්න පටන් ගත්තෙ ලෝකෙ වටේ යන YouTube Travelers ලා සහ Daily Vloggers ලා. අපි මීට කලින් සතියකදී Travelling ගැන පැහැදිලි කරපු හින්දා අමුතුවෙන් ඒ සීන් එක පැහැදිලි කරන්න ඕනේ නෑ. සුදාලා දන්නවා ලෝකය වටේ Travel කරන තමන්ගේ අත්දැකීම් වීඩියෝ කරලා YouTube ඇතුළු Social media වලට දාන Travelers ලා සෑහෙන්න ප්‍රමාණයක් ලෝකෙ වටේ ඉන්නවා. මේ අය තමන්ගේ වීඩියෝ කන්දරාව ඇතුළේ අනිවාර්ය අංගයක් කරගෙන තියෙනවා කොණ්ඩෙ කපන රැවුල කපන වීඩියෝ. විවිධ රටවල විවිධ බාබර්ලා ළඟට ගිහිල්ලා මේ අය වීඩියෝ කරනවා.
ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය වගේ රටවල මහ පාරේ කොණ්ඩේ රැවුල් කපන අයගෙන් තමන්ගේ කොණ්ඩෙ රැවුල කපාගන්න මේ කට්ටිය කැමතියි. එහෙම කරන ගමන් තමන් ළඟ තියෙන වීඩියෝ කැමරාවක් භාවිත කරලා මේ කොණ්ඩෙ කැපිල්ල මෙයාලා වීඩියෝ කරනවා. කොණ්ඩෙ කපන ගමන් පුළු පුළුවන් විදියට බාබර් එක්ක කතා කරනවා. ආ ගිය තොරතුරු අහනවා. කොච්චර කල් වැඩ කරනවද කියලා අහනවා. මේ වගේ ලෝකෙ නැති ප්‍රශ්න අහනවා. හැබැයි ඉන්දියාව, පාකිස්ථානය වගේ නම් භාෂා ප්‍රශ්නය ලොකුවටම බලපානවා කොණ්ඩෙ කපන්න යන Travelers ලාට.
දුප්පත් රටවල පොඩි පොඩි Saloon වලින් වගේම ලොකු ලොකු රටවල Luxury Saloon වලිනුත් මෙයාලා කොණ්ඩෙ රැවුල කපා ගන්නවා. ඒ වගේ තැන්වල තියෙන සුපිරි වැඩකිඩ එහෙමත් මෙයාලා වීඩියෝ කරනවා. ඒ වගේම සුදාලාට කියන්න තව සීන් එකක් තියෙනවා. අපේ රටේ කොල්ලෝ එහෙමත් දන්නවා කොණ්ඩෙ කපලා ඉවරවෙලා පොඩි head මසාජ් පාරක් දාගන්න සීන් එක. ඒකත් පට්ටෙට Trending සීන් කෝන් එකක්. ඇත්තම කියන්න මේ සීන් එකේ හොඳම කෑල්ල තියෙන්නේ අන්තිමට. ගොඩක් වෙලාවට මේ විදිහට කොණ්ඩෙ රැවුල කපාගන්න කට්ටිය බාබර්ට හිතාගන්න බැරි ගාණක් දෙනවා එකෙන්ම.
මේ අතරම ඉන්නවා තමන්ගේ දෛනික ජීවිතය වීඩියෝ කරලා YouTube වලට දාන කට්ටියක්. ඒක වෙනම Trend එකක්. ඒ ගැන වෙනම දවසක පොඩ්ඩක් විස්තර කියන්නම් මචෝ. කොහොම හරි මේ ජාතියේ video හදන Daily Vloggers ලා මාසෙකට පාරක් වගේ තමන්ගේ Saloon ගමන අනිවාර් යෙන් වීඩියෝගත කරනවා. මේ සීන් එකේදී සමහරු එක එක cut කප කපා වෙනම ආතල් එකක් ගන්නවා. Traveling Videos තරම් ජනප්‍රිය නොවුණත් මේ කොණ්ඩ කැපිලිත් අද වෙද්දි සෑහෙන්න ජනප්‍රියයි.
Haircut and shaving Videos ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් ඔයාලට පුදුම හිතෙන දේවල් ගොඩක් තියෙනවා. අංක එක තමයි මේ වගේ videos ලෝකෙ තියෙනවද කියන එක. හැබැයි ලොකුම දේ තමයි මේවා මිනිස්සු බලනවද කියන එක. මිලියන ගණන් Views තියෙනවා මේ සමහර ඒවට. ඒ වගේමයි මේ සීන් කෝන් එකෙන් පටන් ගත්ත ගැම්ම එන්න එන්න වැඩි වෙනවා. ඒක එහෙම කියන්න හේතුව තමා මචෝ ලොකු අරමුණක් නැතුව Views ගන්න බලාගෙන තමන්ගේ කොණ්ඩෙ කපන videos සමාජ මාධ්‍යයට මුදාහරින්න ලෝකය පුරා සමහරු උත්සාහ කරමින් ඉන්න එක. YouTube එකට විතරක් නෙවෙයි Tik Tok වගේ සමාජ මාධ්‍යවලත් මේ සීන් එක දැන් එන්න එන්න ජනප්‍රියයි.
අනික් පැත්තට ගත්තම දැන් ලෝකේ ජනප්‍රිය බාබර්ලා ඉන්නවා YouTube Tik Tok වගේ සමාජ මාධ්‍යවලට ඇවිල්ලා. තමන්ගේ වැඩ කිඩ වීඩියෝ කරලා ජනප්‍රිය වෙන එක තමයි මෙයාලා කරන්නෙ. ඒකෙ පොඩි Marketing පාරක් තියෙනවා. අමුතු අමුතු කොණ්ඩෙ කපන ක්‍රම භාවිත කරන කට්ටියගේ වීඩියෝ දැන් කාලෙක ඉඳන් අපි දැකලා තියෙනවා. ඉස්සර ඔය අටපට්ටම, ලෝකේ වටේ වගේ රෑපවාහිනී වැඩසටහන්වලත් ඔය ජාතියෙ වීඩියෝ පෙන්නුවා සුදාලට මතක ඇති. දැන් ඔය වගේ වැඩ කිඩ දාන අය තමන්ටම කියලා YouTube චැනල් හදාගෙන ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ.
කොහොම හරි කෑම හදන වීඩියෝ බලන පිස්සුව වගේම කොණ්ඩෙ රැවුල කපන වීඩියෝ බලන පිස්සුවකුත් දැන් ගොඩක් දෙනෙක්ට හැදිලා තියෙනවා. කෑම හදන එකක් බලලා ඒ විදියට කෑම හදන්න බලනවා කියලා අපිට හිතන්න පුළුවන්. නැත්නම් රස කෑමක් දැක්කම ඇස් දෙකට පොඩ්ඩක් හිත පිරෙන ගතියක් එනවා. ඒත් මචෝ කොණ්ඩයක් රැවුලක් කපන වීඩියෝ එකක් බලලා මොන වගේ ආතල් එකක් ද එන්නේ කියන එක නම් සිරාවට තේරුම් ගන්න අමාරුයි. හැබැයි මේක මේ වෙද්දිත් සමහරුන්ගේ ඇබ්බැහියක් වෙලා ඉවරයි. ලංකාවෙ නම් සීන් කෝන් එක සැරට නැහැ. ඒත් ලෝකෙ පැත්තෙන් තොරතුරු හොයලා බලද්දි සීන් එක බොහොම තදේට නැගලා යනවා.
ලංකාව ගැන කිව්ව හින්දා මතක් වුණේ පසුගිය දවස්වල ලංකාවට ඇවිල්ලා හිටපු Travelers ලා තමන්ගේ කොණ්ඩ රුවුල් කපපු videos බර ගාණක් YouTube එකේ තියෙනවා. ඒවා කපලා අපේ පොඩි පොඩි saloon කරන කොල්ලන්ට මෙයාලා කීයක් හරි වැඩිපුර දීලා යනවා. ඒ වගේම අපේ රටේ සමහරු මෙයාලට වැඩිපුර ගණන් කියලා චාටර් වෙන සීන් එහෙමත් තියෙනවා. හැබැයි අපේ බාබර් කොල්ලො ගැන ලෝකෙට වැඩිපුර හොඳ කියන එක තමයි පසුගිය දවස්වල ලංකාවට බැහැලා හිටපු කට්ටිය නම් කළේ.
Haircut and shaving Videos ගැන සීන් කෝන් එක ඔන්න ඔහොමයි. සුදාලටත් පුළුවන් Google දෙයියන්ගෙන් අහලා වැඩි විස්තර දැනගන්න. ඒ වගේම YouTube පැත්තට ගොඩවෙලා පොඩි search පාරක් දැම්මත් සීන් එක සුදාලට තේරෙයි. එහෙනම් අදට ඇති. ලබන සතියේ හමුවෙමු.
නිසල්
සේයාරූ I අන්තර්ජාලෙයන්