පියාගේ මානසිකත්වය ප්‍රශ්නයක්
මම 28 හැවිරිදි විවාහකයෙක්මි. මාගේ පවුලේ අම්මා තාත්තා සහ බාල සහෝදරයෝ දෙදෙනෙක් සිටිති. සහෝදරයන්ගේ වයස පිළිවෙළින් වයස අවුරුදු 20 සහ 12කි. පියාගේ මානසිකත්වය හේතුවෙන් මගේ මව ඇතුළු පවුලේ සැම දැඩි පීඩනයක සිටිති. පුරා වසර ගණනාවක් මේවා ඉවසා විඳ දරාගෙන සිටියද මේ මොහොත වනවිට තත්ත්වය දරුණු වී ඇත. ජීවිත හානියක් වන ලකුණුද පහළ වී තිබේ. මෙම ගැටලුවට විසඳුමක් ලබා ගැනීමට මට අවවාද අවශ්‍යයි. ලබාදෙන මඟපෙන්වීම අගය කොට සලකමි.
කැළුම් - කොළඹ
උපදෙස:
මෙම ගැටලුව සම්බන්ධයෙන් සාර්ථක උපදෙස් ලබාදීමට ඉදිරිපත් කර ඇති තොරතුරු පිළිතුරු ලබාදීමට තරම් ප්‍රමාණවත් නැහැ. පියාගේ මානසිකත්වයේ ස්වභාවය සම්බන්ධයෙන් සවිස්තරාත්මකව ප්‍රශ්නය නැවත යොමු කරන්න.
යන කේන්තියට කසාදයක් හොයන්න බෑ...
මේ ප්‍රශ්නය යොමු කරන්නේ මාගේ අයියා සම්බන්ධවයි. ප්‍රශ්නයේ කියන අයියාගේ වයස අවුරුදු 32යි. ඔහු තවම අවිවාහකයි. අයියා ත්‍රිරෝද රියැදුරෙක්. අයියාට තිබෙන ලොකුම ප්‍රශ්නය ගේ ඇතුළේ වැරුදීමකින් හෝ වැලි තියෙන්න බෑ. තිබුණොත් මටයි අම්මාටයි විසුමක් නෑ. අපි දෙන්නාට ගොඩාක් බනිනවා. කෑ ගහනවා. තාත්තා රස්සාවට යන නිසා ගොඩාක් වෙලාවට තාත්තා ගෙදර නෑ. දවල් කාලයට ගෙදර ඉන්නේ අපි තුන්දෙනා. ඒ නිසා මමත් අම්මාත් මාරුවෙන් මාරුවට දවසට දහ පහළොස් වතාව ගේ අතුගානවා. අයියාට වැලි කැටයක් හරි පෑගුණොත් ඒක ගෙනත් පෙන්න පෙන්න අපිට බනිනවා අපි ගේ ඇතුළට වැලි ගෙනත් කියලා. ඉවසන්නම බැරි වෙලාවල තාත්තාට කිව්වාම තාත්තාත් අයියාට බැනලා තියෙනවා. ඒත් මෙයාට මේ තරහ යන දේ කියලා පැහැදිලි කරන්න බෑ. වෙලාවකට හරි අමානුෂික වෙනවා. මේ විදිහට අයියාට කසාදයක් හොයන්නත් පරක්කු වෙනවා. වෛද්‍යතුමනි, අයියාට මේ කාරණය පැහැදිලි කරන්නේ කෙසේද?
දිල්ශානි - මාවරල
උපදෙස:
ගෙදර පිළිවෙළට පිරිසුදුව පවත්වා නොගන්නා විට තරමක මානසික අපහසුතාවක් දැනීම සාමාන්‍ය තත්ත්වයක්. ඇතැම් අවස්ථාවලදී සාමාන්‍ය පුද්ගලයකුට වුණත් තරහ යන්නට පුළුවන්. නිවෙස පිරිසුදුව තබාගන්නට උදව් නොකරන අය සමඟ ගැටුම් පවා ඇතිකරගන්නත් අවස්ථාව තිබෙනවා. ඒත් කිසියම් කෙනෙක් සාමාන්‍ය තරමට වඩා මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් තරහ ගන්නවා නම් සුළු අඩුපාඩුවක් දුටු විටෙකදී පවා අනිත් අය සමඟ කලහ කරගන්නවා නම් ඒ පුද්ගලයා තුළ තිබෙන මානසික ගැටලුවක් නිසා මෙය සිදුවීමේ හැකියාවක් තිබෙනවා. ග්‍රස්ථිය නැමැති රෝගයක් ඔබ අසා ඇති. එම රෝගයේදී පිරිසුදුකම අධික ලෙස බලාපොරොත්තු වෙනවා. කොච්චර පිරිසුදුව තිබුණත් ඒවා අපිරිසුදු යැයි සිතිවිල්ලක් නැවත නැවතත් මෙවැනි අයගේ සිතට දැනෙනවා. මෙවැනි සිතිවිලි පාලනය කරගැනීමට ඇති අපහසුව නිසා එම පුද්ගලයාට අධික ලෙස තරහ යන්නට පුළුවන්. ඇතැම් අය නැවත නැවතත් ඒවා පිරිසුදු කරන්නට පෙළඹෙන්නේ මෙවැනි හේතූන් නිසායි. වෛද්‍යවරයකු වෙත යොමු කිරීමෙන් පසු මෙම පුද්ගලයාට රෝගයක් තිබේදැයි සායනිකව පරීක්ෂා කරගන්නත් අවශ්‍ය නම් ප්‍රතිකාර ලබාගන්නත් පුළුවන්.
බබා ඇඬුවත් තරහ යනවා
මම ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දී සිටින 29 හැවිරිදි එක්දරු මවක් වෙමි. සැමියාගේ බීමත් හැසිරීම මා හට හිසරදයකි. ඔහුගේ බීමත්කමේ සීමාවක් නැත. දැන් දැන් ජීවත් වෙන්න බැරි තත්ත්වයකට පත්වෙලා ඉන්නේ. සැමියාගේ කාබාසිනියා වැඩවලින් පවුලේ සමගිය දවසින් දවස දියවෙලා ගියා. මා සමගියෙන් ඉන්න ආදරයෙන් සැමියාට කරුණු පහදා දෙන්න කොතෙක් හැදුවත් ඔහු එයට කන් දෙන්නේ නෑ. මට අවුරුදු 3ක පුතෙක් ඉන්නවා. මැරෙන්න හිතෙන හැමවෙලාවකම දරු පැටියාගේ මුහුණ බලලා ජීවත් වෙන්න හිත හදාගන්නවා. මට වෙලාවකට දරුණු හිසරදයක් තිබෙනවා. ඒ වගේම ගොඩාක් කේන්ති යනවා. මට බබා කෑගහන සද්දයක් පවා ඇහෙද්දී තරහ යයි. මගේ තරහා පාලනය කරගන්න අමාරුයි. මට උදව් කරන්න.
තිලිණි - මීරිගම
උපදෙස:
සැමියාගේත් දරුවාගේත් ගැටලු නිසා ඔබ දැඩි පීඩනයක සිටින බව කියනවා. මේ නිසාම නිරන්තරයෙන් දුකට පත්වීම සහ තරහ යාම වැනි දේවල් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී තරහ පාලනය කරගැනීමේ ක්‍රම ඉගෙන ගැනීම ඉතාම වැදගත්. මෙවැනි මානසික පීඩාවන් දිගින් දිගටම පැවතීමෙන් ඇතැමුන්ට විශාදය වැනි රෝග තත්ත්ව ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. නින්ද නොයාම, දුකෙන් සිටීම, කෑම අරුචිය, ජීවිතය ගැන කලකිරීම වැනි තත්ත්වයන් පවා එයින් ඇතිවෙනවා. මේ නිසා ළඟම තිබෙන රෝහලේ මානසික වෛද්‍යවරයා හමුවී තරහ පාලනය කරගැනීමට අවශ්‍ය උපක්‍රම ගැන දැනගන්නට පුළුවන්. විශාදය වැනි රෝග තත්ත්වයක් තිබෙනවා නම් එයටත් ප්‍රතිකාර ලබාදේවි. සැමියා සමඟ තිබෙන ගැටලු වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර ඒවා විසඳා ගැනීමටත් උදව් ලබාගන්න පුළුවන්. දරුවා රුකබලාගන්නා ආකාරය සම්බන්ධයෙනුත් උපදෙස් ලබාගන්නට පුළුවන්.
ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන් හමුවෙමු
ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්.
ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com
සංස්කාරක,
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.
I සසංක චලන ගිම්හාන