2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

අහෝ ඒක ක්‍රිකට් ප්‍රේමයක්!

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:00 54

පහුගිය ටිකේ ක්‍රිකට් උණුසුම හොඳටම දැනුණ නිසා ඔන්න ක්‍රිකට් ගැනම Y Trend එකක් අරගෙන ආවා සුදෝ. මේක ටිකක් විතර වෙනස් කතාවක්. මේ Trend එක තියෙන්නෙ අපේ රටේ නෙවෙයි හරිය. සීන් එක නැගලා යන්නෙ ආසියානු කුසලානෙදී අපේ ප්‍රතිවාදීන් වුණ පකිස්තානය ඇතුළෙ. ඒත් හැබැයි සීන් කෝන් එක අපිට සම්බන්ධයි. Trend එක තමා ''පකිස්තානුවන්ගෙ ශ්‍රී ලංකා ප්‍රේමය''

සුදාලා දකින්න ඇති අවසන් මහ තරගෙ ප්‍රතිවාදියො වුණත් මේ පාර Asian Cup එකේදී පකිස්තාන්කාරයෝ මුල ඉඳන්ම ශ්‍රී ලංකාවට සෑහෙන්න සපෝට් එකක් දුන්නා. ඉස්සරත් මේ සීන් එක තිබ්බා වස්තු ඒත් එච්චර පෙනුණේ නෑ. මොකද Social Media ඒ කාලේ තිබුණෙ නෑනේ මචෝ. දැන් මේ සීන් එක හොඳටම පේන්නේ Social Media Post සහ Comment නිසා. මැච් එක පැරදුණත් Pakistan Fans ලා ලංකාවට Love එකේ ඉන්නෙ.

මේ සීන් එකේ ඉතිහාස කතාව ලාවට හරි ගලපන්න ඕනෑ වස්තු. ක්‍රිකට් වලට ආදරය කරන කොයි කවුරුත් දන්නවා පකිස්තානෙ ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැත්වුණ 96 යේ ලෝක කුසලාන අවසන් මහ තරගය ගැන. අවසන් පූර්ව වටයේ ඉන්දියාව එක්ක 'කේස්' එකකුත් ගියානෙ. මතකද වස්තු, කොහොම හරි එදා පකිස්තානුවො ලක්ෂ ගාණක් අපි 'සපෝට් ' කළා. 96 යේ අපේ ජයග්‍රහණ ගැන අපි තරමට පකිස්තානුවොත් සතුටු වුණා. ඕස්ට්‍රේලියාව එක්ක වගේම ඉන්දියාව එක්ක තිබ්බ 'ඇරියස් ' එකත් මේකට හේතු වුණා.

මේ ඉතිහාස කතාව කොහොම වුණත් මචෝ. ඊට පස්සේ අපි දෙගොල්ලෝ අතර කරට කර සටනක් තිබුණේ ක්‍රිකට් ලෝකෙ. මේ අතර තමා 2009 වසරේදී පාකිස්තානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩාම ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වෙන්නෙ. ලෝකයම අවධානය දිනාගත් ලාහෝර් ප්‍රහාරය එක්ක පාකිස්ථානයේ ක්‍රිකට් අර්බුදකට ලක්වෙනවා. ඒත් සුදෝ, මේ ප්‍රහාර කොච්චර භයානක වුණත් Pakistan Bus Diver ගෙ ක්‍රියාකලාපය වගෙ දේවල් එක්ක, මෙතැනදී අපි දෙගොල්ලො අතර ඇතිවුණේ තරහක් නෙවෙයි. පොඩි ලව් එකක්.

මේ සිද්ධියත් එක්ක පකිස්තාන් ක්‍රිකට් පිස්සෝ ඇතුළේ පොඩි වරදකාරී හැඟීමක් ඇතිවෙලා තිබේ මචෝ. කොහොම හරි ශ්‍රී ලංකාව තරග කරන ඕනෑම තරගයකදී බහුතර Pakistan ක්‍රිකට් Fans ලා අපිට සපෝට් කරන්න පටන් ගත්තා. වැඩේ මෙහෙම ලාවට පටන් ගත්දී 2017 දී ලෝක ක්‍රිකට් කණ්ඩායක පකිස්තාන ගියා. අපේ තිසර පෙරේරාත් මේ කණ්ඩායමේ සාමාජිකයෙක් වුණා.

ශ්‍රී ලංකිකයෙක් වුණ තිසරගෙ පකිස්ථාන් ගමන පකිස්ථානුවන්ට ලොකු දෙයක් වුණා මුල ඉඳලාම. හැබැයි සුපිරිම සින් එක වුණේ දෙවැනි මැච් එකේදී. පකිස්ථාන් කණ්ඩායම පරාජය කරන්න තිසර ප්‍රමුඛ ලෝක ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. පන්දු 19 කදී දැවැන්ත හයේ පහර 5ක් සමඟින් වේගවත් ලකුණු 47ක් රැස්කළ තිසර, තරගයේ වීරයා විදිහට සම්මානයක් ගත්තා. තරගාවලිය පුරා තිසර ගිණිකෙළි සංදර්ශනයක් පැවැත්වුවා. පන්දු කඩුලුත් දවාගත්තා.

ක්‍රිකට් පිපාසයෙන් හිටපු පකිස්තානුවන්ට තිසර වීරයෙක් වුණා. තිසරව පකිස්ථානයට දෙන්න කියලාත් Social Media වල පකිස්තාන් Fans ලා Post දාලා තිබ්බා මේ කාලේ. පකිස්තානුවන්ගේ ශ්‍රී ලංකා ප්‍රේමය තවත් දලු දාන්න පටන් ගත්තා තිසර නිසා. තිසර පෙරේරා ආදරය කරන පකිස්ථානුවෝ තාමත් ඉන්නවා සෑහෙන්න.

ඔන්න ලෝකයේම අවධානය දිනාගනිමින් 2019දී ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර් ප්‍රහාරයෙන් පසු පළමු වතාවට පකිස්තානයට ගියා. පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නුසුදුසු ආරක්ෂක වාතාවරණයක් තිබෙන රටක් කියලා තමා ඒ වෙනකොටත් ගොඩක් දෙනා කිව්වා. අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයොත් සංචාරය මගහැරියා. කොහොම වෙතත් වත්මන් නායක දසුන් ශානකගේ නායකත්වයෙන් එදා අපේ කණ්ඩායමක් පකිස්තානයට ගියා.

අපි අංක එකේ Ranking වල හිටපු Pakistan කණඩායම පාරජය කළා. ඒත් Fans අපිට Love කළා. අපිට ස්තුති කරලා එයාලා ප්‍රචාර පුවරු පවා ප්‍රදර්ශනය කළා. මේ සංචාරයත් එක්ක පකිස්තාන් ශ්‍රී ලංකා ප්‍රේමය තවත් වැඩි වුණා මචෝ.

ඔන්න ඔහොම තමා මේ Trend එක පකිස්තාන ඇතුළේ නිර්මාණය වුණේ. අද වෙනකොට ICC Facebook Page එක ඇතුළු Social Media ක්‍රිකට් Page දිහා බැලුවොත් මේ සීන් එක හොඳට දැකගන්න පුළුවන්. සුදාලට කියන්න Comment තීරුවල Pakistanis ලා ලියලා තියෙනවා පකිස්තානයට පස්සේ තමන් වැඩිපුර ආදරය කරන රට ශ්‍රී ලංකාව කියලා. බංග්ලාදේශ්කාරයෙක්, ඉන්දියානුවෙක් ශ්‍රී ලංකාවට කෝචොක් කළොත් පාකිස්ථානුවෝ අපි වෙනුවෙන් සටනට අවතීර්ණ වුණා.

මේ වෙනකොට අපේ පර්සි අංකල් වගේ අපිට සපෝට් කරන ජමීල් හුසේන් කියලා පකිස්තානුවෙකුත් ඉන්නවා. ලංකාවේ ක්‍රිකට් පිස්සෝ ගොඩක් ඔහු ගැන දන්නවා. ලංකාව සහ පකිස්තාන අතර තිබුණ අවසන් මහා තරගය බලන්න ඔහු ගියේ ශ්‍රී ලංකා ජර්සියක් ඇඳගෙන. ඒ වගේ ලංකාවට බනින ඕනෑම කෙනෙක්‍ට විරුද්ධව Facebook එකේ ඔහු පෙනී ඉන්නවා. මේ වගේ අප්‍රකට චරිත ගොඩක් Pakistan Cricket Fans ලා අතර හොයා ගන්න පුළුවන්.

මේ වෙනකොට පකිස්තානෙ Viral Video එකක් තියනවා. ආසියානු කුසලාන අවසන් මහා තරගෙදී පකිස්තානය පරාජය වුණාට අඬන පකිස්තානු Girl කෙනෙක්ව සනසන අපේ කෙල්ලෙක්ගෙ. මේකටත් පකිස්තානුවෝ එක එක රචනා ලියලා තියෙනවා බලාගන්න පුළුවන් Social Media ඇතුළේ. මේ සිදුවීම සිද්ධවෙලා තියෙන්නේ පකිස්ථානෙ සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ චරිතයක් වුණ කෙල්ලෙක්ට. ඉතින් මචෝ මේ කෙල්ලත් පස්සේ Social Media එකේ දාලා තියෙනවා. මේ වගේ වෙලාවක ඉන්දියානුවෝ නම් අපිට විහිළු කරනවා. ශ්‍රී ලංකිකයෝ එහෙම නෑ කියලා. බලන්න කෝ ඒකෙත් හැටි.

ඉතින් මචෝ ඉන්දියාව එක්ක තියෙන ඇරියස් එක තමා මේ පකිස්තාන් - ශ්‍රී ලංකා ප්‍රේමයට ලොකුම හේතුව. ඒ වුණත් අද වෙනකොට මේක පකිස්තානයේ පට්ට Trend එකක් වෙයි. හැබැයි ඉතින් එකක් කියන්න ඕනෑ ලංකාවට Love එකේ ඉන්න ඉන්දියානුවොත් ඉන්නවා. එයාලට මේවා දරාගන්න බෑ.

මේ සීන් එක අපිට නම් බලන් ඉන්න පට්ට ආතල්. සුදාලා කැමති නම ICC, ESPNCRICINFO වගේ Facebook page වලට ගිහිලා අපි ගැන දාලා තියන Post වල Comment කියවන්න. අපි කියන මේ සීන් කෝන් එක තවත් හොඳට තේරෙයි.

I නිසල්