ඔන්න මචං අද අපි අරගෙන ආවේ කංසා ගැන Y Trend එකක්. මුලින්ම කියන්න ඕන අපි කිසිම දෙයක් අනුමත කරන්න හරි, ඒ වෙනුවෙන් පෙනී ඉන්න හරි නෙවෙයි මේ කතාව සුදාලාට කියන්නේ. මීට කලිනුත් කංසා ගැන අපි Y Trend කිහිපයක්ම අරගෙන ආවා. මෙන්න අලුත්ම එක.
සුදාලා දන්නවා මේ දවස්වල ලංකාවෙත් කංසා නීතිගත කිරීම කියන්නෙ පට්ට මාතෘකාවක්. ඒත් වස්තු මේ සීන් කෝන් එක කතා වෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි. ලෝකෙ පුරාම කංසා සම්බන්ධ පට්ට discussion එකක් මේ දවස්වල සිද්ධ වෙනවා. පසුගිය ජූලි මාසේ තායිලන්තයේ කංසා නීතිගත කිරීම ඒකට ලොකු හේතුවක්. හරිය..
එහෙත් සුන්දරා, තායිලන්තයේ මරිජුවානා නීතිගත වෙච්ච සීන් කෝන් එක ගැන මුලින්ම අපි කතා කරමු. මචෝ ඒක පට්ට සීන් කෝන් එකක්. හරිය... ඔය ගෝලීය ආර්ථික අර්බුදය කියන සීන් එකත් තායිලන්තයේ මේ decision එකට හේතු වුණා. තායිලන්තයේ ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සඳහා Tourist ලාව වැඩි වැඩියෙන් රටට ගෙන්වන්න එයාලට ඕන වෙලා. ඇත්තම කිව්වොත් වස්තු, විදේශ විනිමය ඉපයීමේ අරමුණින් තමා තායිලන්තකාරයෝ කංසා නීතිගත කරන්නෙ.
සුදාලාට කියන්න නීතිගත කරපු දවස්වල තායිලන්තයේ බැංකොක් නගරයේ කංසා කඩ මාර සෙට් එකක් Open වුණා. ඒ Shops ළඟ කට්ටිය හිටියේ පෝලිමේ. හරියට අපි තෙල් පෝලිම්වල හිටියා වගේ. මේ කියන Cannabis shop වල ලයිට් දාලා මාර ලස්සනට සරසලා කරලා තිබුණේ. හරියටම අපේ සුපිරි සැලොන් වගේ තමා ඒවා. පසුගිය කොවිඩ් එකත් එක්ක වැටිලා තිබුණු tourism තායිලන්තය ආයෙ නැගලා යන්න පටන් ගත්තේ මේ සීන් එකෙන්.
හැබැයි මචෝ මුලදී සීන් සීන් කෝන් අවුලකුත් තිබුණා. තායිලන්තෙ තහනම් ලැයිස්තුවෙන් කංසා ඉවත් කරපු එක ඇත්ත වුණත් විනෝදාස්වාදය සඳහා භාවිතය තවදුරටත් තහනම් කරලා තිබුණේ. පස්සෙ තවත් රෙගුලාසි වගයක් තායිලන්ත රජයෙන් දාලා තිබුණා.
කංසා මිලදී ගන්න පුළුවන් ප්‍රමාණයන් ගැන වගේම කංසා අවුරුදු 20 ට වඩා අඩු අයට ගන්න බැහැ කියලත් එයාලා සීමා දලා තිබුණා. විනෝදාස්වාදය සඳහා භාවිත කරන්න බැරිනම් මෙතන පොඩි අවුලක් තියෙනවනේ මචෝ.
කොහොම වුණත් සීන් කෝන් එක ගැන අපි හොයලා බැලුවම දැනගත්තේ, දැන් නියාමන පනතක් ගෙනල්ලා මේ දේවල් හරියට පාලනය කරන්න තායිලන්තය සූදානම්. සංචාරක අමාත්‍යාංශයයි කෘෂිකර්ම අමාත්‍යාංශයයි එකතුවෙලා වැඩේ ගොඩ දාන්න mission එකක ඉන්නෙ. තායිලන්තේ කංසා බීජ, කංසා පැළ බෙදා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා කියලා තමයි එයාලා කියන්නේ.
සුදාලට තේරෙනවනෙ දැන් මේක පට්ට Trend එකක් වෙලා තියෙන්නේ. පසුගිය අවුරුද්දේ ගංජා වගා කිරීම සහ පෞද්ගලික භාවිතය නීතිගත කළ පළමු යුරෝපා සංගම් රට බවට මෝල්ටාව පත් වුණා. නෙදර්ලන්තේ යම් යම් සීමාවලට යටත්ව කංසා නීතිගත කරපු බවකුත් පේන්න තියෙනවා. ඊට අමතරව මචෝ යුරෝපයේ ජර්මනිය, ලක්සම්බර්ග්, ස්විට්සර්ලන්තය වගේ තවත් රටවල් කංසා නීති ලිහිල් කිරීම සම්බන්ධව මේ දවස්වල කටයුතු කරගෙන යනවා. පිස්සුවක් නේ...
යුරෝපය විතරක් නෙවෙයි, ලෝකෙ හැමතැනම මේක පිස්සුවක් වෙලා තියෙන්නේ. කැනඩාව සහ නෙදර්ලන්තය වගේම දේශීය වෙළෙඳපොළෙන් ඔබ්බට ගංජා විකුණන්න අන්න ඔසීලටත් ඕන වෙලා. ඒ වෙනුවෙන් දැනට පවතින රෙගුලාසි වෙනස් කර ගන්න ඔස්ට්‍රේලියානු බලධාරීන් සැලසුම් කරනවා. ඇත්තටම මෙතනදි මත්ද්‍රව්‍යයක් විදිහට නෙවෙයි ආර්ථික බෝගයක් විදියට තමයි මෙයාලා කංසා සලකන්නේ.
ඒ විතරක් නෙවෙයි ඔසීලාට ඖෂධමය ගංජා අපනයනය කරනු ලබන ලෝකයේ ප්‍රධාන රට බවට පත්වීමේ අභිලාෂයක් තියෙනවා කියලා එයාලගෙ ආණ්ඩුව කියලා තියෙනවා. කොහොමද ඒක...
මේ කියන රටවල් කංසා සම්බන්ධව නීති ලිහිල් කරන්නේ වෛද්‍ය නිර්දේශ එක්ක. ඉතාම දැඩි සීමා එය ඇතුළෙ තියෙනවා. හරිය... ඒත් මචෝ සීන් කෝන් එක අපි හිතනවට වඩා බරපතළයි. සමහර රටවල් මෙතෙනිනුත් එහාට යන්න හදන්නේ.
ඔන්න වෛද්‍ය නිර්දේශයකින් තොරව ගංජා නිත්‍යනුකුලව අලෙවි කරන පළමු රට බවට උරුගුවේ පත් වුණා. එහේ කංසා භාවිත කරනවා කියලා ලියාපදිංචි වෙලා තියෙන්න ඕන. එච්චරයි. මචෝ.. ලියාපදිංචි වන්නන් උරුගුවේ පුරවැසියන් හෝ ස්ථිර නේවාසිකයන් වීම අනිවාර්ය වෙනවා. මසකට ග්‍රෑම් 40ක (අවුන්ස 1.4) උපරිම ගංජා ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන්. මේවා නම් ඉතින් වෛද්‍ය කටයුතුවලට භාවිත වෙන ඒවා නෙවෙයි.
මේ වෙනකොට මේ සීන් කෝන් එක පට්ට Trend එකක් වෙලා කියලා දැන් සුදාලාට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑ. ලෝකය පුරා කංසා නීතිගත කිරීම සම්බන්ධව විශාල පිරිසක් පෙනී ඉන්නවා. තව සංවිධාන දහස් ගණනක් තියෙනවා. හැබැයි වෛද්‍ය විද්‍යානුකූලව මේ වැඩේට විරෝධය පළ කරන අයත් සෑහෙන්න ඉන්නවා.
කිසිදු මත්ද්‍රව්‍යකින් මිනිස් මොළයට යහපතක් සිදු නොවන බව තමා මෙයාලා කියන්නෙ. ඒක නම් ඇත්ත මචෝ. මේකට විරෝධය පාන්න විද්‍යාත්මක තර්ක මේ අය ඉදිරිපත් කරනවා. සිරාවටම මේ සම්බන්ධව පට්ට debate එකක් දැන් ලෝකෙ සිද්ධ වෙනවා. ඒකත් මේ Trend එකේම කොටසක් ඉතින්.
සුදාලාට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ, ලංකාවෙත් මේ දවස්වල සීන් කෝන් එක ගැන සෑහෙන්න කතා වෙනවා. කවුද හරි, කවුද වැරදි කියලා නම් අපිට කියන්න ඕනෙ නෑ. හරි වැරුද්ද මොකක් වුණත් ඕනෑම දෙයක් පිළිබඳව විද්‍යාත්මකව තාක්ෂණිකව හිතලා බලන එක වැදගත්.
ඇත්තටම කංසා කියලා කියන්නේ මත්ද්‍රව්‍යයක් විදිහට විතරක් භාවිත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඖෂධීය වගේම ආර්ථිකමය වටිනාකම් ගොඩක් මේ කංසා ගහ පිටිපස්සේ තියෙනවා. ඇත්තටම ඒ නිසා තමා ලෝකේ දියුණු රටවල් කංසා ගැන සිරාවට උනන්දු වෙන්නෙ.
I නිසල්