2022 ඔක්තෝබර් 02 වන ඉරිදා

“නාලන්දියන්” වෙනුවෙන්ම Envoy Silver Club

 2022 ඔක්තෝබර් 02 වන ඉරිදා, පෙ.ව. 08:00 52

කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් "Envoy Sliver Club" නමින් ඇඟලුම් සන්නාමයක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි. ශ්‍රී ලාංකික ඇඟලුම් ක්ෂේත්‍රය හා සම්බන්ධව ප්‍රථම වරට පාසලක් විසින් මහත්මා ඇඟලුම් සඳහා සන්නාමයක් හඳුන්වා දීමේ ගෞරවයට හිමිකම් කියමින් ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් වන හමීඩියා (Hameedia) ආයතනයේ "Envoy London" සන්නාමය සමඟ මේ ව්‍යාපෘතිය දියත් කෙරේ. ගුණාත්මක බවින් පිරිපුන් නව ආරයේ විලාසිතාවන් සමඟ "Envoy Sliver Club" ඇඟලුම් නිෂ්පාදන නාලන්දා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් (store.nalandaoba.lk) ඇනවුම් කළ හැකි බව නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය පවසයි. මෙයින් ලැබෙන ආදායම නාලන්දා ශිෂ්‍ය සුබසාධනය සඳහා යොදවන බව සංගමය කියයි.

 

I සේයාරූ- සුමුදු හේවාපතිරණ