2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

ශකාබූම් කෙල්ලො කොල්ලොන්ගේ පිස්සුවක්

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 100


අන්තර්ජාලේ කොතැන ගියත් මේ දවස්වල අපි කවුරුත් දකින පට්ටම Trend එක තමයි "ශකාබූම්" කියලා කියන්නේ. මේ සීන් එක අහලා නැති ජාලාගත වුණු කෙල්ලෙක් කොල්ලෙක් නම් ලංකාවේ ඉන්න බෑ. Facebook එකේ වගේම YouTube, Tik Tok එකෙත් සුදාලා මේ සීන් එක දැකලා ඇති. මොකක්ද මේ "Shaka Boom” සීන් කෝන් එක. අපි Y Trend වලින් හොයලා බලන්න යන්නෙ ඒ ගැන.

නොදන්නා මචෝ අයට කියන්නේ, “Shaka Boom” කියලා කියන්නේ තත්ත්පර 10 ක Music clip එකක්. මචෝ Tik Tok ඇතුළේ තමා සීන් එක ජනප්‍රිය වුණේ. Tik Tok video හදන්න මේ Clip එක පුදුම විදිහට භාවිත කරනවා මේ කාලේ. ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම මේක පට්ට Trend එකක්. 

සුදාලට තේරෙන විදිහට පොඩ්ඩක් ගණන් හිලව් කියන්නම්. Tik ToK එකේ විතරක් "ශකාබූම්" hashtag එක මිලියන 180 ක් භාවිත කරලා තියෙනවා. ඔක්කොම සමාජ මාධ්‍යවල තියෙන Shaka Boom වීඩියෝ ප්‍රමාණය එකතු කරලා ගත්තොත් මිලියන දෙතුන් සියයක් වෙන්නත් පුළුවන්. ඉතින් සුදෝ හිතාගන්නකෝ මේකෙ තරම.

ඒ ටික නම් කිව්වේ නොදන්න අයට, දන්න අය දන්නවා මේක කොච්චර ජනප්‍රිය සීන් කෝන් එකක්ද කියලා. බුකිය පැත්තට හරි ටික් ටොක් එක පැත්තට හරි ගොඩවෙලා වීඩියෝ දෙක තුනක් බැලුවොත් අනිවාර් යෙන් එකක ශකාබූම් කෑල්ල තියෙනවා.
හැබැයි ඉතින් කවුරුත් දන්නෙ නෑ මේක කොහෙන් පාත්වෙච්චි සීන් එකක්ද කියලා. අන්න ඒ නිසාමයි නිදහසේ පාඩුවේ සීන් එක කරන්න පොඩ්ඩක් Search පාරක් දාලා බලන්න හිතුවේ. සුදාලට කියන්න පස්සේ ඒක වෙනම ආතල් එකක් වුණා.

Tik Tok හි viral වුණු "Shaka Boom” කියන්නේ මොකක්ද? Tik Tok හි ජනප්‍රිය වූ Shaka Boom සංගීත ඛණ්ඩය අයිති වෙන්නේ The Beatnuts සහ Method Man විසින් නිර්මාණය කරපු Se Acabo Remix එකට. කොටින්ම කිව්වොත් මේක Remix කරපු Song එකක්. The Beatnuts ඇල්බමයේ ගීත එය නිකුත් කරපු ගමන් මෙච්චර ජනප්‍රිය වුණේ නෑ. මුල් පිටපතේ හෝ  Remix එකක් නම් නෙවෙයි. 

කොහොම වුණත් මීට අදාළ මුල් නිර්මාණය 1999 විතර එළිදක්වපු එකක් කියලයි කියන්නේ. කොහොම වුණත් මේ නිර්මාණයේ තනුව 1969 විතර නිර්මාණය වෙලා තියෙනවයි කියලා දැනගන්න ලැබෙනවා මචෝ. ඒ තොරතුරුවලට අනුව මේක මාර්කෝ ඇන්ටෝනියෝ මුනිස් කියන කෙනාගේ පැරණි තනුවක්ලු.

Remix එක නම් ඇවිල්ලා තියෙන්නේ 2001 විතර. ඒකට සුප්‍රසිද්ධ ඇමෙරිකානු රුප් ගායකයෙකු වන මෙතඩ් මෑන් සෙට්වෙලා තියෙනවා. ඇත්තටම මේ ඉතිහාස කතාව ගැන තොරතුරු හොයාගත්තේ බොහොම අමාරුවෙන් සුන්දරා. Shaka Boom කොච්චර ජනප්‍රිය වුණත් මේ ගැන තොරතුරු නම් අන්තර්ජාලෙ තියෙන්නෙ බොහොම අඩුවෙන්.

දැන් සුදාලට තියෙන ප්‍රශ්නය තමයි මේ වචනෙ තේරුම මොකක්ද කියන එක. අපි හොයාගත්ත විදියට නම් වස්තු මේක ස්පාඤ්ඤ වචනයක්. "ශකාබූම්" කියලා කියන්නේ "එය ඉවරයි" කියලා කියන එකට මචෝ. හරිම වචනය “Se acabó,” කියන එකලු. 

ලෝකේ Trend සමහරක් වෙලාවට සංස්කෘතියේ කොටසක් බවට පත්වෙනවා. "ශකාබූම්" සීන් එකත් මේ වෙනකොට අපේ සංස්කෘතියේ කොටසක් බවට පත්වෙලා කියලා කියන්න පුළුවන් මචෝ. ඒකට හේතුව අපේ භාෂාවේ කොටසක් බවට දැන් ශකාබූම් පත්වීම. මේ දවස්වල තරුණ තරුණියන් නිතර භාවිත කරන වචනයක් බවට ශකාබූම් පත්වෙලා තියෙනවා සුදාට දැකගන්න පුළුවන් වේවි.

මේ වචනය අපි භාවිත කරන විදිහට හරි අර්ථයක් දෙන්න බෑ මචෝ. වීඩියෝවලදී  අර කිව්වත් වගේ "It’s Over” කියන අර්ථයෙන් මේ වචනය භාවිත වෙනවා මචෝ. දෙයක් වැරදුණාම අපේ කට්ටිය කියන්නේ මල කෙළියයි ජූලි හතයි කියලා. අන්න ඒ වගේ අර්ථය කුමක් වුණත් මේක ටික් ටොක්වල භාවිත වෙනවා දැකගන්න පුළුවන්.

මිනිස්සු මුහුණදෙන එක එක අකරතැබ්බ, එහෙම නැත්නම් අපි වික්ෂිප්ත වන අවස්ථාවක් වීඩියෝගත වුණාම ඒවාට Shaka Boom සංගීත ඛණ්ඩය පසුබිම් කරගෙන Tik Tok හදන එක දැන් පිස්සුවක් වෙලා තියෙන්නේ වස්තු. එක අතකට මේක පට්ට ආතල් සීන් කෝන් එකක්. තවත් වීඩියෝ දැක්කම නම් දුක හිතෙනවා මචෝ. අනිත් කෙනාට කෙලවෙද්දි අපිට ශකාබූම්.

ශකාබූම් කියන්නේ viral වුණු පිස්සුම පිස්සු සීන් කෝන් එකක්. අපේ ලංකාවේ කට්ටිය මේකට පිස්සු වැටිලා ඉන්නේ. වෙලාවකට හිතෙනවා මේ දවස්වල නම් ලෝකේ වැඩිපුරම ශකාබූම් පිස්සුව තියෙන්නේ අපිට ද කියලා. මේකට වීඩියෝවල දාන පොදු action එකකුත් තියෙනවා දැන්. පොඩි රැප් සීන් කෝන් කෑල්ලක වගේ action එකක්.

ඔන්න අවසාන වශයෙන් කියන්න තියෙන්නේ එක දෙයයි. අපේ Y Trend එකෙන් තමයි පළවෙනි වතාවට ශකාබූම් ගැන හොයලා බැලුවේ. ගොඩක් කට්ටිය මේක අහලා තිබුණට විස්තර නම් කොහොමවත්ම දැනගෙන තිබුණේ නෑ. ඉතින් දැන් ඔයාටත් අවස්ථාවක් තියෙනවා ශකාබූම් ගැන හොයලා බලන්න.

හැබැයි විස්තර හොයලා බලන අතර ඔයාලත් ශකාබූම් වෙන්න නම් එපා හරිය වස්තු.

I නිසල්