2022 දෙසැම්බර් 04 වන ඉරිදා

පිස්සු හැදෙන Fashion මවන Football

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 61


ඔන්න මචෝ මේ දවස්වල FIFA World Cup නැගලා යනවා. සුදාලා දන්නවා පාපන්දු තමයි ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව. ඒ නිසාම අපි අද කතා කරන්න හිතුවා පාපන්දු ලෝකේ Fashion Trends ගැන. මේ දවස්වල ගොඩක් කට්ටියට හැදිලා තියෙන Football උණත් එක්ක මේ සීන් කෝන් එක ගැන බිඳක් හරි කතා කරන එකේ වෙනම ආතල් එකක් තියෙනවා.

පාපන්දු ක්‍රීඩකයන්ගේ සහ පාපන්දු ලෝලීන්ගේ විලාසිතා උණ මේ අද ඊයෙක හැදුණු එකක් නෙවෙයි. කතාව චුට්ටක්  සුදාලා එක්ක බෙදාගන්නම්. 50 දශකයේ තමයි පිටියේ දක්ෂතාවයන්ට අමතරව පිටියෙන් පිටතදීත් පාපන්දු විලාසිතා ක්‍රීඩා තරු ලොකුවට බිහිවෙන්න පටන් ගත්තේ. හැට ගණන්වල පාපන්දුවට තිබුණු උපරිම වැටුප අයින් කළා මචෝ. පස්සේ මේක ඩබල් ට්‍රිබල් වෙන පිස්සුවක් වුණා.

මචෝ සීන් එක හොයාගෙන යද්දි මෙහෙම දෙයක් තිබුණා. Mike Summerbee සහ George Best කියන හැටේ දශකයේ හිටපු සුපිරි ක්‍රීඩකයන් දෙදෙනෙක් Manchester වල Edwardia කියන ඇඳුම් සාප්පුවක් සල්ලිවලටම ගත්ත සීන් එකක්. විලාසිතා  කරන්න විතරක් නෙවෙයි ඒ Market එකටත් ගහන්න ඒ කාලෙ පාපන්දු ක්‍රීඩා තරු  උත්සාහ කරලා තියෙනවා.

අද වෙනකොට මචෝ විලාසිතා ලෝකය මත පාපන්දුව ඇති කරන බලපෑම අපිට හිතාගන්න බැරි තරම් විශාල එකක් වෙලා. අද වෙනකොට ලෝකය පුරා මිලියන 265 ක් විතර පාපන්දු ක්‍රීඩා කරනවා. Fan base එක ඊට වඩා වැඩියි.
ඉතින් සුදලාට සරලව කිව්වොත් පාපන්දු විලාසිතා ලෝකය කියලා කියන්නේ ඩොලර් බිලියන ගාණක Market එකක්.

මේක අංශ ගොඩක් යටතේ කතා කරන්න පුළුවන් Subject එකක් වස්තු. කොහොම වුණත් අපි මේක හරි සරලව කෙටියෙන් ගලපාගන්න බලමු. 

70, 80 දශකවල අර ආපු ගැම්ම ඩබල් ට්‍රිබල් වෙලා ලොකුවටම පාපන්දු ලෝකය විලාසිතාකරණය වෙන්න පටන් ගත්තා. පාපන්දු වටා මුදල් විශාල වශයෙන් සංසරණය වෙද්දී ක්‍රීඩකයෝ මුලින්ම Fashionable චරිත බවට පත්වුණා. පස්සේ ඒ චරිත නළු නිළියො තරම් ජනප්‍රිය වෙද්දි ඒ අයගේ Fashion Follow කරන පිරිසක් නිර්මාණය වුණා.

මෙතැනදි තමයි විලාසිතා සම්බන්ධ ප්‍රසිද්ධ Brand පාපන්දුවක් දක්වා නිර්මාණය වන වෙළෙඳපොළ හොයාගන්නෙ. ඇත්තටම මචෝ මෙතන තමා ලෝකෙ විශාලම ක්‍රීඩා වෙළෙඳපොළ තියෙන්නේ. මුලින්ම වෙළෙඳ දැන්වීම් වගේ දේවල්වලට ක්‍රීඩකයෝ භාවිත කළත්, අද වෙනකොට ඒක හරි සංකීර්ණ Mrketing සීන් එකක් බවට පත්වෙලා තියෙනවා.

උදාහරණයක් කියනවා නම් මචෝ English Premier League, La Liga වගේ ලෝකය පුරා තියෙන ලොකු ලීග් තරගාවලි වෙනුවෙන් වෙනම Market තියෙනවා. ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන් ඇතුළු විශාල විලාසිතා වෙළෙඳ සන්නාම ප්‍රමාණයක් ක්‍රීඩාවට ආයෝජනය කරනවා. නයිකි, අඩිඩාස් වගේ නම් ක්‍රීඩාවත් එක්ක පත්තියම් වෙලා තියෙන්නෙ මචෝ.

සුදාලා පිටකොටුවේ පොඩි රෙදි කඩවලට යන්න. Football Jersey කොච්චර තියෙනවද කියලා බලන්නකො. ලංකාව කියලා කියන්නේ එච්චර පාපන්දුවත් එක්ක බැඳුණු රටක් නෙවෙයි. නමුත් මචෝ Football එක්ක බැඳුණු Fashion Marketing මෙහෙත් තියෙනවා. ලෝකෙ අනිත් රටවලට යද්දී තත්ත්වේ බොහොම දරුණුයි.

සීන් එක පැත්තකින් තියන්නකො. ලෝකයේ අලුත් කොණ්ඩ විලාසිතා කරන්නේ පාපන්දු ක්‍රීඩකයෝ. ඩේවිඩ් බෙක්ම්, රොනාල්ඩෝ වගේ කාලයක් ජනප්‍රිය වෙලා හිටපු චරිත සුදාලට මතක ඇති. බෙකම් තමා මේ සීන් එකේ Legend. බෙකම් කරපු Fashion තවමත් Trending. බෙකම්ගේ ඔය විලාසිතා සම්බන්ධ පවුම් මිලියන 10ක ගනුදෙනුවක් ගැන ලොකු කතාවකුත් තිබුණා ඒ කාලේ.

කොහොම හරි මේ වගේ සීන් නිසා පාපන්දු ක්‍රීඩකයන්ගේ කොණ්ඩ විලාසිතාවලට ලෝකයම පිස්සු වැටුණා. පස්සෙ නම් පවා වැටුණා ඒ අයගෙ නමින්. මේ ගැන විස්තර සුදාලත් හොයනවා නම් සුදු බූට් පැළඳ සිටින පළමු ක්‍රීඩකයා ඇලන් බෝල්, ලිවර්පූල් ස්පයිස් බෝයිස් හෝ රොනාල්ඩෝගේ කොණ්ඩා කැපීම් ගැන හොයන්න.

දැනුත් තත්ත්වේ එහෙම තමා මචෝ. අපේ අය එච්චර Football සීන් කෝන් එකේ නැති හින්දා Situation එක තේරෙන්නෙ නෑ. විලාසිතා සංදර්ශන පවා ලෝක කුසලානයට, ලීග් තරගාවලිවලට කලින් පැවැත්වෙනවා මචෝ. ක්‍රීඩාව නරඹන්න එන අයත් Fashion ගැන ලොකුවට හිතනවා. ඒ ඒ රටවල කණ්ඩායම්වල Jersey වලට සමාන Fashionable jersey, තව අනම් මනම් ගැජට් කෑලි Market එකේ තියෙනවා.

මේ පාර ලෝක කුසලානයේ ක්‍රීඩකයන්ගේ කොණ්ඩ විලාසිතා දැක්කොත් සුදාලට පිස්සු හැදෙයි. එක එක පාට කොණ්ඩ, අමුතු අමුතු කට් කපපු කොණ්ඩ, ගොතපු වවපු කොණ්ඩ.. ඒක නම් පිස්සුවක් මචෝ. මේ සැරේ අපි දකින මේ විලාසිතා ටික ලබන අවුරුද්ද පුරාවටම ලෝකෙ වටේ තාරුණ්‍යය අතර Trending යනවා එකෙන්ම. 

තාම ඉතින් පාපන්දු ලෝක කුසලානය පටන් ගත්තා විතරයි. සුදාලට මේ පාර ඇත්තටම Trending වෙන Fashion ගැන Y Trend එකක් අපි අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. අද කිව්වේ Basic දේවල් ටික. එහෙනම් බලාපොරොත්තුවෙන් ඉන්න. ලෝක කුසලානය අතර තවත් Football සහ Fashion ගැන Y Trend එකක් අපි අරගෙන එනවා.

I නිසල්