2022 දෙසැම්බර් 25 වන ඉරිදා

ආදරණීය මිනිසුන් හැමෝටම සුබ නත්තලක් වේවා!- ඉෂාක් බෙග්

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 55

කොවිඩ් වසංගතය නිසා පසුගිය කාලෙදි නත්තල මෙන්ම වෙසක්, රාමසාන් ඇතුළු කිසිම උත්සවයක් අපිට හිතේ සතුටින් සමරන්න බැරි වුණා. ඒ ඒ දිනවලදි ඒ බැතිමතුන් තම නිවෙස්වල ඉඳලා ඒ විශේෂ දිනය සැමරැවත් තම හිතමිතුරන් එක්ක පූජනීය ස්ථානවලට ගිහින් ආශිර්වාද ලබාගන්න අවස්ථාව ලැබුණෙ නැහැ. ඒ ගැන මම කනගාටු වෙනවා. නමුත් දැන් මඳ අස්වැසිල්ලක් ලැබිලා තියෙන නිසා මෙවර කතෝලික බැතිමතුන්ට නත්තල සමරන්න සුදුසු වටපිටාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ උදාවන නත්තල සියලු ලෝකවාසී කතෝලික බැතිමතුන්ට මෙන්ම ශ්‍රී ලාංකික අපේ ආදරණීය මිනිසුන්ට සුබ නත්තලක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.