2022 දෙසැම්බර් 25 වන ඉරිදා

මේ නත්තලේ ඉඳන් මමත් කතෝලික බැතිමතෙක් වෙනවා- නිරංජනී ශන්මුගරාජා

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 78

පසුගිය වසර කිහිපය තුළදි අපේ රටේ මිනිසුන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ආර්ථික ප්‍රශ්න, මානසික ප්‍රශ්න නිසා අපි හැමෝම හෙම්බත් වුණා. සල්ලි නැතිව මිනිසුන් දුක් වුණා. ලෙඩරෝග නිසා අපි අසරණ වුණා. කොවිඩ් වසංගතය නිසා අපි දන්න ජීවිත අප හැර ගියා. අඩුම තරමේ ඔවුන්ට අවසන් ගෞරවය දක්වන්න බැරි තරමට අපි අසරණ වුණා. මේ වසරෙදි අපිට හිතට යම් සැනසීමක්, සැනසිල්ලක් ලැබිලා තියෙනවා. මේ නත්තල මගේ ජීවිතේ මට සුවිශේෂී වෙනවා. අවුරුදු හත අටක කාලයක් තිස්සේ මම යම් රෝගී තත්ත්වයක් නිසා දරැණු ලෙස පීඩා වින්දා. කරපු නැති බෙහෙතක් නැති තරම්. නමුත් සුවයක් ලැබුණෙ නැහැ. නමුත් දෙවියන් වහන්සේව විශ්වාස කරලා උන්වහන්සේට යාඥා කිරීම නිසා අද මගේ ඒ රෝගය සුවවෙලා තියෙනවා. අද මම දෙවියන් වහන්සේව දැඩි විශ්වාස කරන කෙනෙක්. ඒ නිසා මේ නත්තල දා ඉඳන් මම දෙවියන් වහන්සේට අනුව කතෝලික බැතිමතෙකු වෙනවා. ඔබ සැමට අසිරිමත් හිතට සැනසීම ළං වන සුබ නත්තලක් වේවා.