ඔන්න මචෝ ඔයාලට ආතල් සුපිරි Y Trend එකක් ගෙනාවා. මේක වස්තු අපිට මඟහැරුණු සුපිරි සීන් කෝන් එකක්. දැනට දශක හය හතක ඉඳලම, Young Generation වල හද බැඳි පට්ට Y Trend එකක්. ඒ වගේම Fashion එකක්. මෙහෙම කියද්දි සුදාලට ටිකක් තේරෙන්න ඕනෑ හරි නම්. මේ කතාව "ඩෙනිම" ගැන. විශේෂයෙන්ම "ඉරුණු ඩෙනිම" ගැන.
ඔක්කොටම කලින් ඩෙනිම් ගැන පොදුවේ කතා කරන්න ඕන චුට්ටක්. ඩෙනිම කියන්නෙ මොන මොන Fashion ලෝකෙට ආවත් කවදාත් පරණ නොවුණ Fashion එකක්. ඒ විතරක් නෙවෙයි brother, ඔය ලොකු පොඩි Society වල හැමෝම කැත නැතිව ඩෙනිම අඳිනවා. ඉතින් classy පොරවල් වගේම ඩස්පි පොරවල් වුණත් භේද බින්න නොවී අඳින ඇඳුම තමා අපේ මේ ඩෙනිම. දැන් නම් ඩෙනිම් ඇඳපු නැති අය මේ ලෝකෙ ඉන්නෙ ඇත්තටම හරිම සුළුතරයි. ඒ නිසා මේක අපි අනිවා කතා කරන්න ඕනෑ සීන් කෝන් එකක්.
ඩෙනිම් කියන්නෙ රෙද්දක්. ඩෙනිම් වගේ හයිය රෙදි වර්ගයක් එක්ක කල් පවතින ඇඳුම් නිර්මාණය වෙන්න අරන් තියෙන්නෙ 18 වැනි සියවසේ විතර. ඒත් මචෝ, 19 වැනි ශතවර්ෂයේදී Levi Strauss ආයතනය තමා මේ ඩෙනිම පතල්කරුවන්ට හඳුන්වා දීලා තියෙන්නෙ. ඒක තමා සීන් එකේ ආරම්භය විදියට සැලකෙන්නෙ. ඒක ලොකු කතාවක්. සුදාලා කැමති නම් ගූගල් දෙයියන්ගෙන් අහලා බලන්න.
අපේ පැංචොන්ට පැංචියන්ට කියන්න, පහු කාලෙක Pop culture එක ඩෙනිම socialize වෙන්න ලොකු හේතුවක් වුණා. පොප් ගායකයෝ, සංගීත කණ්ඩායම් ඩෙනිමට බැස්සම ඩෙනිම් පිස්සුවක් ලෝකෙට හැදුණා. පනස් ගණන්වල හැට ගණන්වල සීන් එක හෙමිහිට නැගලා ගියා. 70, 80 දශකවල වැඩේ ටිකක් බරපතළ වුණා. Fashion designers ලා අලුත් අලුත් ඩෙනිම් විලාසිතාවන් ලෝකෙට හඳුන්වා දෙන්න ගත්තා.
මේ දවස්වල නම් ඩෙනිම් සීන් කෝන් එකේ වැඩිපුරම Trend වෙන්නේ ඉරුණු ඩෙනිම. ඉතින් අපි ඒ මාතෘකාවට එමු. "ඉරුණු ඩෙනිම" මේ නම් පිස්සුවක් වස්තු. හැබැයි මේක අලුත්ම අලුත් සීන් එකකුත් නෙවෙයි. ඒත් මේ දවස්වල වැඩේ සෑහෙන්න නැගලා යනවා.
දැන් ලෝකෙ පුරා Boys ලටත් වඩා Girls ලා මේ Ripped Denim, Distressed Denim සීන් එකට සෙට්වෙලා ඉන්නෙ. ලෝකය පුරා තරුණියෝ ඉරුණු ඩෙනිම් ලක්ෂ කෝටි ගාණක් මෑත අවුරුද්ද දෙක තුන ඇතුළත මිලදී ගත්තා. අපේ රටෙත් එහෙමයි. ටවුමට ගියත් class එකට ගියත් party එකකට ගියත් ඉරුණු ඩෙනිමක් දාගෙන ඉන්න කෙල්ලෙක් නම් ඉන්නවා අනිවා.
ඒ කොහොම වුණත් සීන් කෝන් එක පරණ Trend එකක come-back එකක්. ඉතිහාසයේ වගේම, මීට දශක කිහිපයකට ඉස්සෙල්ලා මේ ඩෙනිම් ඉරපු Trend එක තිබුණා. මුලින්ම පරණ වෙලා ඩෙනිම ඉරුණා. පස්සේ පරණ වෙනකොට කට්ටිය ඩෙනිම ඉරුවා. දැන් ඉරපු ඩෙනිම් Branded එනවා Fashion එකක් විදිහට.
ලෝකය පුරා Fashion Shows වල Social Media වල බැලුවත් Normally බලාගන්න පුළුවන් Ripped Denim, Distressed Denim අඳින සෑහෙන්න පිරිසක් ඉන්නවා. ඒ කොහොම වුණත් මචෝ සමහරුන්ට නම් මේ සීන් කෝන් එක එච්චර අල්ලන්නෙ නෑ. දැන් සමහර ඉරුණු ඩෙනිම් තියෙනවා, ආයේ අපරාදේ කියන්න බෑ රෙද්ද ඇත්තෙම නෑ.
නිකම් කලිසමක් ඇඳන් ඒක ඇන්ඳෙ නෑ වගේ සීන් එකක් තියෙන්නෙ. ඉතින් දැන් මේ ඩෙනිම් සෑහෙන්න ගෑනු ළමයිනුත් අඳිනවානෙ. සමහරුන්ට සීන් එක ලස්සනයි, සමහරුන්ට කැතයි. අපිට අදාළ නෑ. ඒත් මේවා ඉතින් සමහරුන්ට දිරවගන්න බෑ. බ්ලා බ්ලා බ්ලා...
But මචෝ ඒක දැන් Fashion එකක්. අපි ඒක මුලින්ම තේරුම් ගමු. ඒත් කාලෙකට කලින් මේක Fashion එකක් නෙවෙයි. ලෝකය පුරා වැඩ කරන ජනතාවගේ උරුමයක්. 40, 50, 60, 70 දශකවල ගොඩක් කම්කරුවෝ ඉරුණු ඇඳුම් ඇන්දා සෑහෙන්න. ඒ අතර ඩෙනිම් එහෙමත් තිබුණා. ඉරුණු ඇඳුම් කියන්නෙ දුප්පත්කමේ සංකේතයක් විදිහට මනුෂ්‍ය වර්ගයා ඉතිහාසය පුරාවට සැලකුවේ.
කොහොම වුණත් සුදෝ 80 දශකයේ අග තමයි ඉරුණු ඩෙනිම් යුරෝපයෙ, ඇමෙරිකාවේ Fashion එකක් විදියට Hit වෙන්න පටන් ගත්තෙ. අනූ ගණන්වල මේක නැගලා ගියා. සුදාලා එක්ක මීට කලින් අපි කතා කරලා තියෙන "Pop”, “හිපි" වගේ උප සංස්කෘතිවල බලපෑමත් සීන් එකට හේතු වුණා. ප්‍රසිද්ධ අය Trend එකට සෙට් වුණාම සීන් එක ලෝකය පුරා පැතිරුණා සට පට ගාලා.
ඔය 90 දශකයේ වගේම 2000 මුල තාරුණ්‍යය ගත කරපු අපේ රටේ සුදාලා හොඳටම සීන් කෝන් එක ගැන දන්නවා. ගෙවල්වලින් පට්ට බැණුම් අහගෙන ඩෙනිම් ඉරපු කාලයක් සමහරුන්ට තිබුණා. කොහොම වුණත් මේ කාලේ පරණ ඩෙනිම් තමා ගොඩක් වෙලාවට තමන්ම දණහිස ගාවින් ඉරාගෙන ඇන්ඳේ. ඒ කාලේ වැඩේට වැඩිපුරම සෙට්වෙලා හිටියෙ පිරිමි ළමෝ තමා.
හැබැයි ඔය කාලේ ඩෙනිම් ඉරණ සීන් කෝන් එකත් ආවට ගියාට කරන්න පුළුවන් එකක් නෙවෙයි මචෝ. කොල්ලො බජාර්වල වැඩේට experts ලා හිටියා. අවුරුදු ගාණක් පට්ට ගැහුවම ඩෙනිම් ඉරෙන එක, තුනීවෙන එක normal සීන් කෝන් එකක්. හැබැයි පිළිවෙලකට ඩෙනිමක් ඉරණවා කියන එක වෙනම කලාවක්.
ඔයා ඩෙනිම ඉරාගන්න කැමති නම් Black color, Wash Black, Dark Gray, Light Gray, Faded Gray, Dark Blue, Light Blue වගේ ඕනෙම වර්ගයක ඩෙනිමක් ඉරාගෙන කරගෙන අඳින්නත් අදත් ඔයාට පුළුවන්. හැබැයි දැන්නම් Branded ඉරපු ඩෙනිම් තියෙනවා ඕනෑ තරම්. ඒත් මචෝ සමහරක් වෙලාවට හොඳට තියෙන ඒවට වඩා ඉරපු ඒවා ගණන්. කොහොමද ඒ ආතල් එක.
මචෝ තවදුරටත් ලෝකෙ ඩෙනිමවත්, අපි කතා කරපු "ඉරුණු ඩෙනිම" වත් නැති බැරිකම පෙන්වන සීන් කෝන් එකක් නම් නෙවෙයි. මේක Classy fashion එකක්. කොහොමද ඒ දවස්වල වැඩේට වැඩිපුර සෙට්වෙලා ඉන්නෙ අපේ නම්කිලා අක්කිලා තමා. කයින පොබ්ලම්. What to do මචා. As your choice.
I නිසල්