ඔන්න මචෝ Traveling පැත්තට බර වෙච්ච Y Trend එකක් අරගෙන අපි ආවා. Camping කියලා කිව්වම කවුද නොදන්නෙ. අද ලංකාවේ Young Generation එක හරිම වේගයෙන් මේ Camping Trend එකට සෙට් වෙනවා. මීට කාලෙකට ඉස්සෙල්ලා මේ සීන් එකේ හිටියෙ හරිම ටික දෙනයි. දැන් මේක පිස්සුවක් වෙලා මචෝ. සෝෂල් මීඩියා පැත්තට ගියාම ඒක පට්ටෙට දැනෙනවා.
ඔන්න දැන් ලංකාව හතර වටේ Camping කරන ස්ථාන වැහි වැහි වැහැලා මචෝ. මේක වෙනම Economical සීන් එකකුත් වෙලා තියෙන්නෙ. ලෝකය පුරා වේගයෙන් Viral වුණ Traveling පිස්සුවෙ එක කොටසක් විදියට තබා Camping පිස්සුව අපේ ලංකාවේ පැංචන්ට පැංචියොන්ට බෝවුණේ.
මේ සීන් එකට එන්ටර් වෙන්න ඉස්සෙල්ලා Camping කියන Concept එක ගැන පොඩ්ඩක් කතා කරල ඉමු සුන්දරා. මේක බොහොම පරණ සීන් කෝන් එකක් හරිය. මිනිස්සු ගල් ගුහාවලින් එළියට බැස්සට පස්සෙ ස්ථීර වාසස්ථාන හදාගන්න කලින් තැනින් තැනට යමින් කඳවුරු බඳිමින් තමා ජීවත් වුණේ. හැබැයි ඉතින් සුදෝ, ඒ කාලෙ මිනිස්සු කඳවුරු බැඳලා තියෙන්නෙ විනෝදයට නම් නෙවෙයි.
අනික සම්ප්‍රදායක් විදියට තවමත් ලෝකෙ පුරා සංචාරක කඳවුරු සංස්කෘතිය ගරුකරන ජන කණ්ඩායම් ගෝත්‍රිකයන් ඉන්නවා. සුභාට දැන් තේරෙනවා නේද? කඳවුරු බැඳීම කියන අත්දැකීමට තියන Love එක අපේ ජානවලින් වෙන සීන් කෝන් එකක්.
කොහොම වුණත් අපි කතා කරන විනෝදාස්වාදය සඳහා කඳවුරු බැඳීම කියන සීන් කෝන් එක නිර්මාණය වෙන්නේ එක්දහස් අටසීය ගණන්වල අග භාගෙ. 1880 වගේ කාලේ බ්‍රිතාන්‍ය තේම්ස් නදියේ ඔරු පැදීම පිස්සුවක් වෙලා තියෙනවා මචෝ. ඒක ලොකු කතාවක්. මේ කාලේ බ්‍රිතාන්‍යයේ විවිධ ප්‍රදේශවලින් කට්ටිය ඇවිල්ලා තේම්ස් නදිය අවට කඳවුරු බැඳගෙන විනෝද වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ ගැම්මෙන්ම කඳවුරු බඳින්නන්ගේ සමාජ පවා යුරෝපෙ ඇතිවෙලා.
මේක ආරම්භක සිදුවීම කියලා සමහරු කිව්වත් මීට සමාන සිදුවීම් මේ කාලවකවානුවේ ලෝකෙ පුරා වාර්තා වෙනවා මචෝ. යුද කටයුතුවලදී සහ ගවේෂණවලදී Camping කරන්න පටන් අරගෙන තියෙන්නේ මීට ගොඩාක් ඈත අතීතයේදී. කොහොම වුණත් භාර බාලදක්ෂ ව්‍යාපාරයත් මේ Captain Culture එක පුතු මහජනතාව වැළඳගන්න හේතුවක් වුණා. අද වෙද්දී මේ සම්බන්ධ යුරෝපයේ වෙනම නීති රීති පවා තියෙනවා.
කොහොමහරි ඉතින් විසිවැනි සියවසේ මුල්කාලේ වෙනකොට ධනවත් ප්‍රභූ පාන්තික පිරිස් එළිමහන් විනෝදාස්වාදය වෙනුවෙන් Camping වලට යොමුවෙලා වුණා. මචෝ මේ සීන් දෙකත් එක්ක දඩයම් කිරීම, කඳු නැගීම්, මාළු ඇල්ලීම වගේ එළිමහන් ක්‍රියාකාරකම් ගොඩක් ලින්ක් වෙනවා.
දැන් අපි පොඩ්ඩක් ලංකාව පැත්තට එමු මචෝ. පහුගිය දශක හතරක පහක කාලය ඇතුළේ යුරෝපයේ ඇමරිකාවෙ මේ Camping සීන් එක කොච්චර දරුණුවට නැගලා ගියත්, අපි වගේ රටවල් සීන් එක එච්චර ලොකුවට ටච් කළේ නෑ. ලංකාවේ බාල දක්ෂයෝ, පරිසරවේදීන්, ගවේෂකයෝ වගේ අය තමා Camping සීන් එකේ හිටියේ.
Tourism ඇතුළෙත් ලොකුවට මේ සීන් එක මුල් මුල්කාලෙ තිබුණේ නෑ. අපේ රටේ සංචාරක කර්මාන්තය තිබුණෙ වෙනම level එකක. ලංකාවට ආපු සංචාරකයෝ වගේම ලංකාවේ අයත් විනෝදෙට මේ Camping කලේ බොහෝම අඩුවෙන් මචෝ.
ඒත් පහුගිය කාලේ අන්තර් ජංජාලෙ සෝෂල් මීඩියා වගේ දේවල් නිසා හරිම වේගෙන් අපේ පරම්පරාව Camping සීන් එකට Intrust වුණා. ට්‍රුවලින් හයිකින් වගේ Trend වලට අපේ කෙල්ලො කොල්ලො ටික සෙට් වෙනකොට Camping ඉබේම වගේ Trend වුණා ඉතින්.
කොහොමහරි දැන්නම් මේ සීන් කෝන් එක පට්ට පිස්සුවක් වෙලා තියෙන්නෙ. දැන් තියෙන්නෙ පරිස ගවේෂණයක් කරන යනවා වගේ සීන් එකක් නෙවෙයි, ආතල් එකක් ගන්න යන සීන් එකක් තමා දැන් ගොඩක් අය නම තියෙන්නෙ. කොහොම හරි ලංකාවේ කඳු ආශ්‍රිතව සුන්දර දසුන් මේ උමතුව තවත් වැඩි වෙන්න හේතුවක්.
දැන් ලංකාවේ Tourism වල ලොකු කොටසක් බවට Camping සීන් එක පත්වෙමින් තියෙනවා. කඳුකරයේ සහ Beach Side ලොකු වාණිජ වටිනාකමක් Camping වලට තියෙනවා. Camping වලට පහසුකම් සපයන්නන් ඉන්නවා. හෝටල් වගේ Camping Site එහෙමත් තියෙනවා.
ලංකාවේ විතරක් නෙවෙයි තායිලන්තේ, මැලේසියාවේ, ඉන්දුනීසියාවේ බාලි දූපත්වල පවා මේ සීන් එක දැන් නැගලා යනවා. හැබැයි ඉතින් මේවා Real Camping අත්දැකීම් කියලා නම් කියන්න බෑ සුන්දරා.
ලංකාවේ Young Generation එකේ Camping Trend එක ගැන කතා කළොත් මචෝ, එක වැඩිපුරම සෙට් වෙන්නේ ලංකාවේ කඳුකරයට. හයිකින් සීන් එකත් එක්ක තමා මේක යන්නෙ. ඇත්තටම අපේ රට වර්ග කිලෝමීටර 65,610ක් තරම් කුඩාතර දිවයිනක් වුවත් අපිට කඳු මුදුනක් උඩ කෑම්ප් එකක් ගහලා සුපිරිම අත්දැකීමක් ගන්න කියාපු කඳු ගොඩක් තිබෙනවා.
අපේ ලංකාවෙ කෙල්ලො කොල්ලො මේ සීන් එක දැන් අවබෝධ කරගෙන ඉන්නෙ. අපේ රට මැදට වෙන්නටම පිහිටා ඇති කඳුකරය නිසා රටේ ඕනෑම පළාතක අයෙක්ට පැය කිහිපයක ගමනකින් කඳුකරය Camping Sade වලට එන්න පුළුවන්. හැබැයි ඉතින් සංචාරක බලධාරීන් සහ කර්මාන්ත කර්මාන්තයේ නියුතු ලොකු ලොකු ව්‍යාපාරිකයෝ තාමත් මේ සීන් එක එච්චර අවබෝධ කරගෙන නෑ.
තව එක එක සීන් දෙකක් තියෙනවා අවසාන වශයෙන් අනිවාර්යෙන්ම කියන්න ඕනෑ. මොනවගේ පරිසර පද්ධතියකට වුණත් එකවර මිනිස්සු දහයකට වඩා ඇතුළු වුණාම එතැන ඇති ස්වභාවික පරිසරය බිඳ වැටෙනවා. ඒ නිසා හෝ විනෝදයට එහා ගියපු වගකීමක් ලංකාවේ Camping කරන අයට තියෙනවා මචෝ. මේ කඳවුරු සීන් එක නිසා පරිසර හානි, ගම්වාසීන්ට බාධා ඇතිවුණු අවස්ථා ගැන අපට අපිට අහන්න ලැබෙනවා.
ඔය එනපොට නම් හොඳ නෑ මචෝ. අනික Camping සීන් එක වන්දනා නඩ වගේ ගිහිල්ලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක සීමිත පිරිසක් එක්ක ලස්සනට කරන්න ඕන නිදහස් දෙයක්. ලංකාවෙ කට්ටිය ඒ ටික මතක තියාගත්තා නම් ඇති.
I නිසල්