අමුතු චරිත පිළිබඳ කතාබහ අතරේ ඉඳහිට ලෝකයේම අමුතු චරිත ලෙස දකින සුවිශේෂී පුද්ගලයන් පිළිබඳවද තොරතුරු බෙදාගන්නෙ බොහොම කැමැත්තෙන්. ලොවම අමුතු චරිතයක් ලෙස දකිනෙ, තවත් විටෙක උමතු යැයි සිතා සිනාසෙන, රුව දුටු පමණින් මුළු ලොවක් හඳුනන ඔහු මිස්ටර් බීන්. පුංචි තිරය සහ රිදී තිරයේ විකට රංගනයෙන් කිරුළුපලන් මිස්ටර් බින් චරිතයට පණපොවන රෝවන් ඇට්කින්සන් නම් රංගධරයන් පිළිබඳවයි අද කතාව.
රෝවන් ඇට්කින්සන් මෙලොව එළිය දකින්නේ 1955 වසරේ. රෝවන් මධ්‍යම පාන්තික ගොවි පවුලකින් පැවත එන කෙනෙක්. පාසල් කාලයේ පටන්ම රෝවන් විහිළු තහළුවෙන් තමන් අවට සිටින අයව සතුටින් තබන්න උත්සාහ කරලා තියෙනවා. කොහොම නමුත් කුඩා කාලයේ පටන්ම රෝවන් යම් කථන අපහසුතාවකින් පෙළිලා තියෙනවා.
රෝවන් ඉගෙනීමටත් දක්ෂයෙක්. ඔහු කොතරම් දක්ෂයෙක්ද කියලා කියන්නෙ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ නිව් කාසල් යුනිවර්සිටි සහ ක්වීන්ස් කොලේජ් ඔක්ස්ෆර්ඩ් යන විශ්ව විද්‍යාල ද්විත්වයේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධි දෙකක් රෝවන් ඇට්කින්සන්ට හිමියි. කොහොම නමුත් පාසල් කාලේ ඉඳලම රංගනයට රෝවන් තුළ තිබිලා තියෙන්නෙ දැඩි කැමැත්තක්.
ඒත් පාසල් කාලේ වගේම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබපු කාලෙත් රෝවන්ගේ රංග උත්සාහයන් එතරම් ඵල දරලා නෑ. ඔහුගේ කථන අපහසුතාවය මෙතැනදී බාධාවක් වෙලා තියෙනවා. මෙයත් අර තිර පිටපත් රචනය පිළිබඳවත් රෝවන් ඇට්කින්සන්ගේ අවධානය යොමු කළා. චරිත තුළ ජීවත් වෙමින් එම චරිත රචනා කරද්දී තමන් සතු නිසඟ හැකියාව පිළිබඳව රෝවන්ට ලොකු විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා.
තමුන් උත්සාහ කළොත් විෂුවල් කොමඩි කියන ධාරාව තුළ සියලුම තැනකට යන්න පුළුවන් කියන අධිෂ්ඨානය රෝවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ සමයේම ඇති කරගෙන තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට රූපවාහිනී වැඩසටහන්වල නිරූපණ ශිල්පියෙක් විදිහට ඉදිරිපත් වෙන්න රෝවන් අයදුම්පත් යොමු කළා. ඒත් කථන අපහසුතාව නිසාම ඒ අවස්ථාවන් මඟහැරී ගියා.
කොහොම වුණත් මේ වනකොට විද්‍යුත් මාධ්‍ය තුළින් සොයා කලා ජීවිතය ආරම්භ කරන්නේ 1978 BBC Radio 3 ගුවන් විදුලි නාලිකාවෙන්. ඒ The Atkinson people විනෝදාස්වාද වැඩසටහන ඔස්සේ රෝවන් සමත්වෙලා හිටියේ. ඒත් රූපවාහිනියෙන් තමයි ඔහුට නිරන්තර වැට බැඳුනේ.
එක්තරා අවස්ථාවක රංගන කාර්යය තුළදී තමන්ගෙ කථන අපහසුතාවය බලපෑම අඩුයි කියලා තේරුම් අරගත්තෙ, නැවත රූපවාහිනි මාධ්‍ය ඇතුළට යන්න රෝවන් උත්සාහ කළා. ඒත් ඒ අවස්ථාවේ හොඳ මුහුණක් සහ කඩවසම් ශරීරයක් නොමැති බව කියමින් රෝවන් ඇට්කින්සන්ට නැවත ප්‍රතික්ෂේප වුණා.
ඒත් මේ වෙනකොට බීන් විදිහට නොවුණත් වෙනත් නම් යටතේ මිස්ටර් බීන් චරිතය රෝවන් ගොඩනගමින් හිටියෙ. අවස්ථා කිහිපයකදීම වේදිකා රංගනයන් විදියට මේ අපූරු චරිතය ඔහු කරළියට ගෙනාවා. ඒ සඳහා ඉතාම හොඳ ප්‍රතිචාර ඔහුට ලැබෙනවා.
1989 සැප්තැම්බර් 01 වැනිදා තමයි අපි දකින මිස්ටර් බීන් මුලින්ම පුංචි තිරයේ තිරගත වුණේ. මෙතැනදී රංගනය, පිටපත හැමදේම ඇට්කින්සන්ම තමා. එදා මිස්ටර් බීන් රූපවාහිණියෙ විකාශය වුණේ පැය භාගයක් විදිහට.
1995 වෙනකල් කොටස් 14 කින් යුත් මිස්ටර් බීන් විකාශය වෙනවා. පසුකාලීනව රෝවන් ඇට්කින්සන් මිතුරන් වුණ රිචඩ් කර්ට්ස් තිර රචනයටත්, සංගීතවේදී මිතුරා වූ නෝවඩ් ගුඩෝල් මෙහි සංගීත නිර්මාණයටත් දායක වුණා. මේ අයගෙනුත් මේ චරිතය මේ මෙතරම්ම ජනප්‍රිය වෙන්න ලැබුණු දායකත්වය සුවිශේෂී එකක්. රෝවන් පවා ඒ පිළිබඳව සඳහන් කරලා තියෙනවා.
1991 වසරේ “The trouble with Mr Bean” කියන කතාංගය සඳහා මිලියන 18.74 ක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. රටවල් විශාල ප්‍රමාණයක් මේ වැඩසටහන මිලදී අරගෙන තියෙනවා. පසුකාලෙ පුංචි තිරයෙන් රිදී තිරයටත් මිස්ටර් බීන් ආවා. ඒ එක්කම රෝවන් ඇට්කින්සන් කියන අසහාය නළුවා ලෝකය හඳුනාගන්නවා. මේ චරිතය ඇසුරු කරගෙන සජීවීකරණ කාටූන් ඇතුළු තවත් නිර්මාණ බොහොමයක් මේ වනකොට ලෝකෙ බිහිවෙලා තියෙනවා.
රෝවන් ඇට්කින්සන් මේ නිර්මාණය නිසාම සම්මාන ගණනාවකින් පිදුම් ලැබුවා. මිස්ටර් බීම් චරිතය ගැන අදහස් දක්වමින් රෝවන් ප්‍රකාශ කරන්නේ “බීන් කියන්නේ වැඩුණු මිනිසෙක් තුළ ඉන්න පුංචි දරුවෙක්” කියලා. ඊට අමතරව ඇට්කින්සන් ප්‍රකාශ කරන්නේ ඔහුගෙ කථන අපහසුතාවයම ඔහුගේ මේ සාර්ථකත්වයට හේතු වුණා කියලා.
අද වෙනකොට රෝවන් ඇට්කින්සන්ට වයස අවුරුදු 68ක්. රෝවන් ඇට්කින්සන් කියන්නේ ලෝක පූජිත චිත්‍රපට නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, දැන්වීම් නිරූපණ ශිල්පියෙක්. මිස්ටර් බීන් තනිවම මහල් නිවාසයක ජීවත් වුණත් රෝවන් ඇට්කින්සන් නම් දෙවරක්ම විවාහ වුණ කෙනෙක්. ඔහුගේ මුල්ම විවාහය සිද්ධ වුණ 1990 දී BBC ආයතනයේ වේශ නිරූපණ ශිල්පිනියක වන සුනේත්‍රා සැස්ට්රි සමඟ. මෑතකාලීනව දික්කසාද වූ රෝවන් ඇට්කින්සන්ගෙ දෙවැනි විවාහය සිද්ධ වෙන්නේ ඉතා ළාබාල වියේ පසුවන ලුඩ්විස් ෆෝර්ඩ් සමඟ.
අද වෙනකොට රෝවන්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 132 ඉක්මවලා තියෙනවා කියලා මාධ්‍ය වාර්තා කරනවා. එදා ඔහු ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කරලා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවෙක් විදියට සමාජගත වුණා නම් අද අපි මිස්ටර් බීන් කෙනෙක් නෑ. තමන්ගෙ කථන අපහසුතාවයයි, ප්‍රතික්ෂේපවීම් නිසා ඔහු උත්සාහය අත හැරියා නම් ඒ මිස්ටර් බීන් කෙනෙක් අපිට නෑ.
ජාති, කුල මල, වර්ග වර්ණ, දේශ සීමා කිසි භේදයකින් තොරව මුළුලොවම සිනහා සයුරක ගිල්වන මිස්ටර් බීන් ඇත්තටම අමුතු චරිතයක්. ඔහු පිටුපස ඇති කතාව ඊට වඩා අමුතුයි. බ්‍රිතාන්‍ය රජ පවුලටත් වඩා ඔහු ප්‍රසිද්ධයි කියලා සමහර සමීක්ෂණ වාර්තා කියනවා. ඇත්තටම බීන් පිටුපස ඇති කතා අපි කාටත් හොඳ ආදර්ශයක්.
I නිසල්