අංශුමාත්‍රික සඳ බිඳක්
ගල්වමි
නිය තුඩින් පපුව මැද
මගෙ මැණික
සඳ එළිය කියන්නෙම
ආදරේටම නමක්...
ජීවිතයේ අතු අගක
පිපෙන්නට වූ වරද
සංසාර වරදක්ද
මට කියන් මගෙ මැණික
කොහේ පිපුණත් ඉතින්
හැබැයි මං මලක් බං...
ගින්දරක ඇවිලෙන්න
ගුලි ගැහී පපුව මැද
හීනයක් හීනයක් හීනයක් ගාණේම
මට ඕනෑ මගෙ මැණික
ආදරය බිංඳුවක්
සාගරය සේ දැනෙන...
සංසාර නටුව මත
ඇනෙන්නට එපා බං
රිදෙනවා කටුවකින්
පාරද්දි සියුම් තැන්
ප්‍රේමයක් කියන්නෙම
සොඳුරු රිදුමක් ඉතින්
මගෙ මැණික මට කියන්
ආදරය ඇති තැනක්
I සංජු