2023 මාර්තු 05 වන ඉරිදා

ලෝකයම එක අතකට අර ගමුද?

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 85

හැමෝම කියන්නේ මචෝ ලෝකය යන්නෙ ඉස්සරහට කියලා. අඩේ එහෙම නෑ. සමහරු කියන විදිහට, වෙලාවට ආපස්සට යනව වගේ සීන් එකකුත් තියෙනවා. චූටි උදාහරණයක් දෙන්නම් අද Y Trend එකෙන් වස්තුලාට. Mobile Phones ගැන ආතල් කතාවක් හරිය.

සුදාලාට මතක ඇති සමහරවිට ගඩොල් බාගේ සයිස් එකේ Hand Phone තිබ්බා මීට අවුරුදු විස්සකට විසි පහකට කලින්. එදා තිබිච්ච එක මතක් කරලා දැන් අතේ තියෙන එක දිහා බැලුවම, ලෝකෙ තාක්ෂණික දියුණු සිද්ධවෙච්ච විදිය ගැන තවත් උදාහරණ ඕන නෑ. දැන් අපේ සුදාලා කා අතෙත් තියෙන්නේ Smart Phone එකක් නේද? හැබැයි ඔය සුපිරි වණ්ඩිය අතේ තියාගෙන සමහරු මෙහෙම කියනවා.

''අඩෝ පොඩි ෆෝන් කෑල්ලක් නැද්ද බං හොයාගන්න. නොකියා වන් වන් ඩබල් සීරෝ එකක් හරි කමක් නෑ.''

ඔහොම කියනවා විතරක් නෙවෙයි. සමහරු තමන්ගේ අතේ තියෙන Smart Phone එකට අමතරව චූටි Mobile දැනටමත් පාවිච්චි කරනවා.

''සිරාවට බං මේක තමයි Phone  එක. කිසි කරදරයක් නෑ. ලොකු Phone එකත් තියෙනවා. හැමතැනම ඒක අදින්න කරදරයි, බං''

ඉතින් මචෝ මේක තමයි අද අපි කතා කරන Y Trend එක. චූටි Phone පිස්සුව. අපි හිතනවා අපේ සුදාලාට මේ සීන් එක, පොඩ්ඩක් හරි ටච් වෙලා ඇති. සමහරක් විට ඔයාලගෙ සෙට් එකෙත්, චූටි Phone එකයි Smart Phone එකක් දෙකම පාවිච්චි කරන අය ඇති. ඉතින් වස්තු මේක අද වෙනකොට ලංකාවේ ලොකු Trend එකක්.

විශේෂයෙන්ම ළාබාල හිච්චි කොල්ලො කෙල්ලො වගේම, අවුරුදු 25 - 35 අතර තරුණ කොටස් මේ Y Trend එකට සෙට්වෙලා ඉන්නවා. තව තව ගොඩක් දෙනෙක් මේකට සෙට් වෙමිනුත් ඉන්නවා. ඔන්න එයාලා මේ දවස්වල චූටි ෆෝන් හොයනවාලු.

ඇත්තටම Trend  එක Fashion එකක් බවට පත්වෙන්න පාටක් තියෙන්නෙ. සුදාලාට කියන්න දැන් ලෝකෙ ලොකු ලොකු Smart Phone හදන සමාගම් පවා, චූටි Phone මාදිලි කිහිපයක් එළියට දාලා තියෙනවා. වෙළෙඳපොළ ඉල්ලුම පිළිබඳ අධ්‍යනයක් නැතුව, එයාලා ඒ වගේ වැඩ කරන්නේ නෑ. ඒ නිසාම මේ සීන්කෝන් එක ලංකාවෙ අපේ අය අතර විතරක් Trend වෙච්ච දෙයක් නෙවෙයි වස්තු.

''ඇයි එහෙම ඉල්ලුමක් නිර්මාණය වුණේ?'' මේක හරිම සරලයි වගේ පේන සංකීර්ණ ප්‍රශ්නයක්. හැබැයි මචෝ මේ Trend එක ගැන කතා කරන්න අපි ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්නම ඕනෑ. ලෝකේ දැනට ජීවත්වෙන තරුණ වැඩිහිටි පරම්පරා කිහිපයක, ඉතාම කෙටි කාලයක් ඇතුළත ජංගම දුරකථන තාක්ෂණයේ දියුණුව හරහා ගමන් කරල තියෙනවා. ඒ කියන්නේ මචෝ අපි Mobile Phone යුග කිහිපයක ජීවත් වුණා. හැබැයි ඒ යුග අතර පරතරය අහසයි පොළොවයි වගේ.

1973දී තමා මෝට්ට්‍රෝලා කිලෝ 2ක් බර ජංගම දුරකථනයක්, පළවෙනි වතාවට කලඑළි දක්වන්නෙ. 1983 දී තමා ලෝකෙ ප්‍රථම වතාවට වාණිජ වශයෙන් මිලදී ගන්න පුළුවන් DynaTAC 8000x කියන ජංගම දුරකතනය වෙළෙඳ පොළට ආවේ. එදා ඉඳලා අද වෙනකන් ලෝකය වෙළඳපොළට නිකුත් වුණු ජංගම දුරකථන මාදිලි ප්‍රමාණය අපිට හිතා ගන්නවත් බෑ මචෝ. මේ වෙනකොට ලෝකයේ සමස්තයක් විදිහට Mobile Phone බිලියන 20 කට කිට්ටු වෙන තියනවාලු. ඉතින් ඒ ගණන ලෝක ජනගහනයේ දෙගුණයකටත් වඩා වැඩියිනෙ මචෝ.

කොහොම  අපි ජංගම දුරකථන යුග කිහිපයක් දැක්ක. ඒ නිසා අපි දන්න අපිට හොඳටම සෙට් වෙච්ච. මොබයිල් මොනවද කියලා. ඒ නිසාම අපේ සුදාලා තාක්ෂණය කොච්චර දියුණු වුණත්, පහසුව තකා පරණ චූටි ෆෝන්වලට තමා Love. මේකෙ පොඩි නොස්ටැල්ජියානු සීන් එකකුත් තියනවා හරිය. මේ දක්වා ලෝක ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා වෙලා තියෙන්නෙ, අපි අර කලින් කිව්ව Nokia 1100 කියන ජංගම දුරකථන මාදිලියෙන්.

ඒක හරිම ශක්තිමත්, අතට පහසු, Battery ය අල්ලලා ඉන්න චූටි ෆෝන් එකක්. සුදාලාට හොඳට මතක ඇති. ඉතින් කොච්චර පරණ වුණත් ඒ Mobile Phone එක මිනිස්සු තාම හොයනවා. ඇත්තටම වෙළඳපොළේ හොයාගන්න කොච්චර අමාරු වුණත් 1100 එක තාම Market මචෝ. අස්ප ගණන් වලට සමහර වෙබ් සයිට්වල තියෙනවා අපි දැක්ක. ඉතිං ඒ ඒකට හේතුව අපි කලින් කිව්ව, Mobile යුග කීපයක් හරහා අපි ගමන් කිරීම.

චූටි ෆෝන් භාවිතය වැඩි වෙන්න හේතු විස්තරාත්මකව දක්වන්න පුළුවන් සුන්දරා. අපි දෙක තුනක් කියන්නම්.

මේ දවස්වල සමහරු තමන්ගේ ලොකු Phone එකේ ආරක්ෂාව ගැන හිතල චුටි ෆෝන් සීන් එකට සෙට් වෙනවා. අතට හම්බෙන්න වැටුපට ආදායමට වඩා විශාල වියදමක් දරලා, සුපිරි Smart Phone එකක් පාවිච්චි කරන එක දැන් අපේ වස්තුලා අතර සාමාන්‍ය දෙයක්. ඒ නිසාම ඔය ලොකු Smart Phone එක හරියට එයාලා පරිස්සම් කරනවා. චූටි ෆෝන් එක බිම වැටුණත් කමක් නෑ ඉතින්. ගොඩක් වෙලාවට අනතුරුවලට අපි කියන චූටි ෆෝන් ඔරොත්තු දෙනවා. ඒ නිසාම අතේ තියෙන ලොකු වන්ඩිය ෂෝ එකට තියාගෙන, සමහරු චූටි ෆෝන් පාවිචි කරනවා මචෝ.

තව උදාහරණයක් විදියට කිව්වොත්, අද Smartphone බහුතරයක තියෙන පොදු ගැටලුව තමා බැටරි කැපෑසිටි එක. දුර ගමනක් යද්දී, දිගින් දිගටම වැඩ කරද්දී, ඉන්ටනෙට් වැඩිපුර පාවිච්චි කරද්දී, නිතරම Screen එක On එකේ තියෙද්දී, මේ Smart කටුවල සුටුස් ගාල ''බට්ටි ලව්'' වෙලා වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක බැටරිය හොඳට අල්ලලා තියෙන චූටි ෆොන් කට්ටක් සුදාලාට සෑහෙන්න වටිනවා.

අනිත් අතට මචෝ ලොකු Smart Phone එකක් හසුරුවා ගන්නවා කියන්නෙත් යම් විදිහකට කරදරයක් තමා. සරලවම කියනවා නම් සාක්කුවෙ දාගන්න එකයි, ආයේ ගන්න එකයි වුණත් එපා වෙන වැඩක්. ඒ නිසා ව්‍යාපාරය, රාජකාරිය එක්ක කාර්යබහුල අය චූටි ෆෝන් Lovers ලා වෙන්නෙ ඉබේමමයි.

එක SIM එකක් විතරක් දාන්න පුළුවන් සුපිරි මාදිලිවලට අයත් Apple වගේ Mobile Phone පාවිච්චි කරන අය දෙවෙනි SIM එක දන්න චූටි Phone එකක් පාවිච්චි කරනව. මෙතැනදි නම් සීන්කෝන් එක පොඩ්ඩක් fashion එකකුත් වගේ මචෝ. ලංකාවේ නම් නළු නිළියෝ, දේශපාලනඥයෝ, ලොකු ව්‍යාපාරිකයෝ වගේ ජනප්‍රිය චරිත ගොඩක් වෙලාවට මේ සීන් එකේ ඉන්නවා. ඒ නිසා තවත් සමහරු මේක සීන් එක Fallow  කරනවා.

ඉතින් සුන්දරා, අපි ඉස්සර පාවිච්චි කරපු පරණ මාදිලිවලට සමාන ශක්තිමත්, චූටි, ලස්සන Mobile දැන් ලෝකේ පුරා නිෂ්පාදන වෙනවා. ලංකාවේ දැන් තියෙන ආර්ථික තත්වයත් එක්ක බැලුවම ඒ ජාතියෙ චූටි Phone එකක් ගන්නත් ලේසි නෑ. හැබැයි මචෝ අවසාන කියන්න ඕනා. අලුත් Y Trend එකට අපේ කොල්ලො කෙල්ලොත් සෑහෙන්න සෙට් වෙමින් ඉන්නෙ. මේකත් පිස්සුවක් වෙන පාටයි.

ඉතින් මචෝ මේ සීන් එක දැක්කම පස්සේ Smart Phone කියන්නේ, සිරාවටා ජංගම දුරකථන වර්ගයක් ද කියලත් අපිට හිතෙනවා. අඩේ, මොකද හෙට අනිද්ද වෙද්දි ජංගම සීන්කෝන් එකට ගැලපෙන චූටි ෆෝන් Market එක මුළු ලෝකයම ආක්‍රමණය කරන පාටක් තියෙන්නේ. Phone එකේ ප්‍රධාන රාජකාරිය Call ගන්න එකනේ මචෝ. ඒකට මෙව්වා හොඳට ගැලපෙනවා.

අඩේ, අමතක වුනා අන්තිමට කියන්න ඕන, ලෝකේ ඉස්සරහටවත් පස්සටවත් නෙවෙයි ගමන් කරන්නේ. සුදු පුංචෝ, ඔන්න දැනගන්න ම්ම්ම්ම්... ලෝක බෝලෙ කැරකෙනවා. කැරකෙනකොට පහුගිය දැන් අපිට ආයේ හම්බ වෙනවා. එහෙනම් කැරකිලා අයේ ලබන සතියේ හම්බවෙමු.

I නිසල්