Facebook එක පැත්තේ යන්න බෑ. YouTube එකට යන්න බෑ. එක එක Advertisements Play වෙනවා. ඒ අතරින් නිතරම පෙන්නන මල කරදරයක් වුණු Ads වර්ගයක් ගැන අපි කතා කරන්නෙ නැතුව.. මේක සිරාවම Y Trend එකක්. පොඩ්ඩක් බලන්න, සුදාලා මේ ජාතියේ දැන්වීම් දැකලා තියෙනවද?
“ඔයාගේ පෙම්වතා පෙම්වතිය දැන් ඉන්නෙ කොහෙද? හරියටම දැනගන්න අපේ App එක download කරන්න."
“එයා ඉන්න තැන, call කරන අය, WhatsApp එකේ යවන message හොරෙන් බලමු."
“Phone number එක විතරක් පාවිච්චි කරලා Google map එකෙන් එයා ඉන්න තැන හොයාගමු."
බුකියෙ ඒ මේ අත සරන ඔයාලා, මේ ජාති සීන් කෝන් අනිවා දැකලා ඇති. ඒත් ගොඩක් දෙනා මේවා එච්චර උනන්දුවෙන් බලන්නේ නෑ. Skip කරලා දානවා. වෙලාවකට මේ වගේ දේවල් අපිට පට්ට වදයක්. කොහොම වුණත් අද අපි Y Trend එක ගලපන්නේ මේ සීන් කෝන් එක ගැන. මොකද මෙතන 'සීරියස්' කතාවක් තියෙනවා වස්තු.
පටන් ගනිද්දිම කියන්න ඕනෑ, මේ සීන් එක "අමු චීත්ත වැඩක්". ''ඩස්පි ආතල් එකක්''. ඒත් මේ සීන් කෝන් එක මොකක්ද කියලා ඔයාලත් දැනගන්න එක වටිනවා. ඒකට හේතුවක් තියෙනවා. මේ වගේ ජල්තර සීන්වලින් ඔයාටත්, ඔයාගේ සමීපතමයන්ගේ privacy එකටත් හානි වෙන්න පුළුවන්. එහෙනම් ඔන්න කලින්ම කිව්වා "දැනගෙන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමඟ."
මේ Advertisement ඔයාලා දැකලා තියෙනවා නම් වස්තු, ගොඩක් වෙලාවට ඒවායේ කියන්නේ phone number එක භාවිත කරලා 'ට්‍රක්' කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මචෝ ඔයාගේ සමීපතම කෙනෙක්ගේ දුරකථනය හරහා, එයාට හොරෙන් එයා යන එන තැන් ගැන බලාගෙන ඉන්න ඔයාට පුළුවන් කියන එක. මේ Advertising කරන අය මේ සීන් කෝන් එක සඳහා මුදල් අය කරනවා. ඒ කියන්නේ මචෝ ලංකාවෙ මේක ව්‍යාපාරයක්.
ශ්‍රී ලංකාඩේ Digital බුවාලා වගේම ජල්තර සීන්වලට කැමති අය පොඩි පොඩි කම්පැනි වගේ ඒවා අටවගෙන තමා මේ වැඩේ කරගෙන යන්නෙ. SMS වලින් මුදල් කැපෙන විදියට සමහරු වැඩේ ගලපගෙන තියෙනවා. දැනට නම් මෙයාලා සම්බන්ධව අපේ නීතියේ ලොකු ලොක්කෝ එච්චර කතා කරන්නේ නෑ. මේ සීන් එක ඔස්සේ කෙළින්ම කීවොත් අමු චීත්තයක්. බරපතළ අපරාධයක් වෙනකම්ම ඒ මහත්තුරු නම් අනිවා බුදියන් ඉදියි මචෝ. දන්නවනෙ?
හැබැයි මචෝ ලංකාවේ මේක ප්‍රාථමික මට්ටමක තමා තියෙන්නෙ. විශේෂයෙන්ම ලංකාව, ඉන්දියාව, දකුණු ආසියාව, තායිලන්තය සහ පිලිපීනය වගේ රටවල මේ සීන් එක සැරට යනවා. කොහොම වුණත්, අන්තර්ජාලය භාවිත කරලා මීට වඩා දියුණු විදිහට ඔය ඔත්තු බලන වැඩේ කරන බුවාලත් ඉන්නවා. ඒකට වෙනම App තියෙනවා.
අපේ සුදාලා විශ්වාස කරන එකක් නෑ, මේ සීන් එක සෑහෙන්න බරපතළයි. ඔයාගේ දුරකථන කැමරාව පවා හොරෙන් on කරලා photo ගන්න පුළුවන්. Phone එකේ මයික් එක on කරලා අවට වෙන කතාබහ ගනින්න පුළුවන්. WhatsApp massage කියවන්න පුළුවන්. තව එක එක ජල්තර සීන් ගොඩක් මේ App හරහා කිරීමේ හැකියාව තියෙනවා.
හැබැයි මේවා ගොඩක් වෙලාවට කරළියට එන්නේ Protection of children කියන වෙස්මූණ දාගෙන. ඒත් ඩොලර් තිහ හතළිහක් ගෙවලා මේ ජාතියේ App එකක් දාගත්තාම ඔයාට මාසයක් පුරා, ඕන කෙනෙක් target කරන්න පුළුවන්. ඒකට අදාළ පුද්ගලයාගේ phone එක ටික වෙලාවකට තමන්ගේ අතට අරගෙන access ටික හදන එක තමා කරන්න ඕනෑ. අද කාලේ ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි.
Phone එක අතට නොගෙන මේ වැඩේ කරන්න බැරිකමක් නෑ. ඒත් තාමත් ඒ තාක්ෂණය ගොඩක් වෙලාවට භාවිත කරන්නේ Hackers ලා සහ බුද්ධි අංශ. දැනට අපි අවටදී සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලා කිව්වා වගේ හොරෙන් access දීලා ඔත්තු බලන වැඩේ. කොහොම වුණත් මේවාට වැට බඳින්නත් ක්‍රම තියෙනවා. දියුණු Security system තියෙනවා, දැන් ඕනම phone එකකට භාවිත කරන්න පුළුවන්.
කොහොම වුණත් මචෝ මේක සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී වැඩක්. අපිට බෑ කිසිම කෙනෙක්ගෙ පෞද්ගලිකත්වයට හානි කරන්න. ඒත් මේ වෙනකොට මේ වැඩේ ලංකාවේ බොහෝ ප්‍රසිද්ධියේ සිද්ධවෙන එක තමයි ප්‍රශ්නෙ. ඇත්තටම මචෝ මේක පට්ට Trend එකක් බවට පත්වෙලා තියෙන්නෙ.
සුදාලා දැකලා තියෙනවා නම් මේ Advertisement ගොඩක් වෙලාවට ගහන්නේ පෙම්වතුන් පෙම්වතියන් ඉලක්ක කරගෙන. එයාලා අතර තියෙන සැකය තමන්ගේ සේවාව අලෙවි කර ගන්න මේ අය ලස්සනට පාවිච්චි කරනවා. මෙලෝ රහක් නැතිවුණත් Video Advertisement පවා පහුගිය කාලේ Social media වල අපිට දැකගන්න ලැබුණා. හැබැයි ඒවා Low budget වගේම Local වැඩ.
මෙතන මචෝ වැදගත්ම සීන් කෝන් එක තමයි අති මහත් බහුතරය මේ දේවල් touch නොකර පැත්තකට කළාට, මේ සීන් එකට පිස්සු වැටිච්ච උනුත් අපි අතර ඉන්නවා. බහුතරයක් දෙනා පෙම් පලහිලව් නිසා මඤ්ඤං වෙච්ච තරුණ අය. අනිත් සෙට් එක බිරිඳ හෝ සැමියා සැක කරන විවාහකයෝ. ඊළඟට එන්නේ නම් මානසික රෝගීන් තමා. ඊටපස්සේ ඉන්නෙ භයානකම අය, අපරාධකාරයෝ.
අපි කවුරුත් මේ සීන් එක සම්බන්ධව තේරුම් ගන්න ඕනෑ ලොකුම දේ තමා ඕනෑම වෙලාවක අපි කවුරුවත් අවදානමකට ලක්වෙන්න පුළුවන් කියන එක. මේ වගේ Application භාවිත කරද්දි, ඒවා හදපු අයටත්, වැඩ කරන අයටත් ඔයාගෙ සමීපතමයන්ගේ තොරතුරු එකතු කරන්න පුළුවන්. ඔයාලා දිහා හොරෙන් බලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම මේ දේවල් කළාම නිර්මාණය වෙන හිඩැස්වලින් අන්තර්ජාලයේ ඉන්න බහුබූත හැකර්ස්ලාටත් ඔයාලාව නිරාවරණය වෙනවා.
විශේෂයෙන්ම මේ වෙනකොට ලංකාවේ නම් පොඩි පොඩි ගැහැනු ළමයි තමයි පෙම්වතුන්ගේ සැකය නිසා Tracking සීන් එකට අහුවෙන්නෙ. ප්‍රචාරය වන දැන්වීම් දිහා බැලුවමත් එයාලම තමා ඉලක්කය. ඇත්තටම මචෝ මේක බොහොම භයානක තත්ත්වයක්. මේ සම්බන්ධව ලොකු ලොකු තැන්වල ඇස් ඇරෙන්නත් ඕනෑ. ඒ වගේම අපි හැමෝම දැනුවත් වෙන්නත් ඕනෑ.
මේක පැහැදිලිවම භයානක Y Trend එකක් සුදෝ. මේ වගේ add වලට post වලට වැටෙන comment දැක්කම ඔයාලට සීන් එක තේරෙයි අපේ පරම්පරාවේ සමහරුන්ගේ මොළ කරවෙලා කියලා. ඒ නිසා කවුරු කවුරුත් පරිස්සමින් හිටියොත් තමා හොඳ වස්තු.
I නිසල්