වැසි සහිත දිනයක සිසුන් දාහත්දෙනෙකු මුහුණ දෙන අනපේක්ෂිත සිදුවීමක් වටා ගෙතුණු අපූරු චිත්‍රපටයක් නොබෝ දිනකින් සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට නියමිතය. මෙය මේ වනවිට කිසිදු සිංහල චිත්‍රපටයකින් ඉස්මතු නොවුණ මාතෘකා නිර්මාණයකි. සැන්දෑවේ ඇදහැළුණු වර්ෂාව සාමාන්‍ය වර්ෂාවක් නොව එය අම්ල වර්ෂාවක් බව සොයාගැනීමත් සමඟ තමන් පත්ව සිටින භයානක තත්ත්වය තේරුම් ගත් ඔවුන් කබලයට පත්විය. ඒ වෙද්දී ඇසිඩ් වර්ෂාවට තෙත් වුණ සිසුන්ට සිදුවන්නේ වේදනාකාරී බිබිලි අතරින් මතුවන පිළිස්සුණු නොමිනිසුන්ය. ඒ වටා භීතිය, කුතුහලය, සහෝදරත්වය ඉස්මතු වන ''The Wacky'' සමෘද්ධි රණසිංහගේ චිත්‍රපට අධ්‍යක්ෂණයකි.
''The Wacky'' චිත්‍රපටය ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ (NIBM) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.ඒ. කුලසූරියගේ නිෂ්පාදනයකි. මෙම චිත්‍රපටයේ සුවිශේෂී සිදුවීම වන්නේ මේ සඳහා රංගනයෙන් දායක වන සිසුන් දාහත්දෙනා NIBM ආයතනයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ය. දිවයින පුරා ව්‍යාප්තව පවතින NIBM ආයතනවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් විශාල සංඛ්‍යාවක් අතරින් අවසානයේදී මෙම සිසුන් දාහත්දෙනා තෝරා ගැනීමට එක්තරා අභියෝගයකි. චිත්‍රපටයේ ගුරුවරිය ලෙසින් රඟපෑ අපේක්ෂා කොඩිතුවක්කුද NIBM ගාල්ල ශාඛාවේ ඉගැන්වීම්වල නිරතවන ගුරුවරියකි.
''The Wacky'' චිත්‍රපටයේ රඟපාන දරුවන් සඳහා රංගන වැඩමුළු කිහිපයක් කරන්න කියල මටත්, සරත් කරුණාරත්නටත් ආරාධනා කළේ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක සමෘද්ධි රණසිංහයි. ඒ වෙද්දී මේ NIBM ආයතනයේ ඉගෙනුම ලබන ළමයින් කිසිම නිර්මාණයක රඟපාලා තිබුණේ නැහැ. ඒ නිසා ඒ දරුවන්ට රංගනය සම්බන්ධයෙන් ඉගැන්වීම සඳහා මටත් සරත්ටත් ඉතා කෙටි කාලයක් තමයි ලැබුණේ. ඒ අනුව දිවයිනේ විවිධ පළාත්වල ඇති NIBM ආයතනවල ඉගෙනුම ලබන ළමයින්ගෙන් රඟපෑමට කැමැති ළමයි අතරින් තමයි අවසානයේ තමයි මේ ළමයි දාහත්දෙනා අපි තෝරා ගත්තේ. ඒ වෙද්දී මේ කිසිම ළමයෙක් රඟපාලා තිබුණේ නැහැ. එයාලගේ ඉගෙන ගන්නා විෂය වුණත් රංගනයට කිසිම සම්බන්ධකමක් තිබුණේ නැහැ. හැබැයි අපි දෙන්නා පැවැත්වූ වැඩමුළුවලට ඉතා කැමැත්තෙන්, ඕනකමින් සම්බන්ධවෙලා ඒ ළමයින් තම හැංගිලා තිබුණ රංගනය ඉස්මතු කරගත්තා.'' යැයි ජනප්‍රිය රංගන ශිල්පි ආලෝක සම්පත් හදසරට අදහස් දැක්වීය.
''The Wacky'' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සමෘද්ධි රණසිංහ විසිනි. සමෘද්ධි අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, සංස්කාරකවරයෙක්, රචකයෙක් දශක දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලාංකික චිත්‍රපට ක්ෂේත්‍රයේ නියැලී සිටින අතර විවිධ රූපවාහිනී වෙළඳ දැන්වීම්, රූපවාහිනී කතා මාලා සහ රූපවාහිනී වැඩසටහන් සඳහා තම දායකත්වය ලබාදී ඇත.
''The Wacky'' චිත්‍රපටය ඇසිඩ් සහිත වර්ෂාවකට මුහුණ දීමට සිදුවන සිසුන් වටා ගෙතුණු කතාවක් වන අතර වේෂ නිරූපණ කටයුතු සිදුකර ඇත්තේ ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පියකු වන ප්‍රියන්ත දිසානායක විසිනි.
''The Wacky'' සමෘද්ධි රණසිංහ සහ සරත් කරුණාරත්න තිර රචනයක් වන අතර කැමරාකරණය දිමුතු කාලිංග රත්නායකගෙනි. සංකල්ප නිර්මාණය ඊෂා උෂ්නීෂා ජයසිංහගෙනි. මාලක වීරක්කොඩිගේ සංස්කරණයක් වුණ මෙම චිත්‍රපටය නොබෝ දිනකින් ප්‍රේක්ෂකයින්ටද දැකබලා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.
I දිශානි