2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

ඔහ්... මිනිස් බුද්ධියට බෝම්බයක්!

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 58

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. අපි කවුරුත් අහලා තියෙන්නෙ එහෙමනෙ මචෝ. ඒත් අද වෙනකොට සංගීතය කියන විශ්ව භාෂාව, මනුෂ්‍ය වර්ගයා අතික්‍රමණය කරලා යන්න පටන් අරගෙන. පොඩ්ඩක් ඔළුව මඤ්ඤං වෙනවා නේද? මේක සිරා කතාවක් සිරා Y Trend එකක්. හිමීට ගලපගමු.

මේ දවස්වල ලෝකය පුරා පට්ට විදිහට ජනප්‍රිය වෙමින් තියෙන AI Music කියන Trend එක ගැන තමා අපි අද කතා කරන්න. මේක සංකීර්ණ මාතෘකාවක් පැංචෝ. සරලව පැහැදිලි කරගන්න ට්‍රයි එකක් දෙමු. මුලින්ම අපි අවධානය යොමු කරන්න ඕනෑ Artificial intelligence කියන සීන්කෝන් එකට. ඔයාලා දන්නවා මේ දවස්වල මුළු ලෝකෙම ඒ ගැන ලොකුවට මේ ගැන කතා කරනවා.

පහුගිය දවස්වල කෘත්‍රිම බුද්ධියේ වේගවත් වර්ධනය නිසා ලෝකෙ පුරා ගොඩක් වෘත්තීන්වලට කෙලවෙන්න යනවා කියලාත් News ගියා සුදාලා දකින්න ඇති. සංගීතඥයන්ට, ගායකයන්ට වගේම වාදකයන්ටත් එහෙම වෙයිද? සිරාවටම AI සීන් එක ගැන හරියට හොයලා බැලුවොත් අපේ පුතීලටත් එහෙම බයක් ඇතිවෙන්න පුළුවන්.

සරලවම කිව්වොත් වස්තු, AI Music වලදී වෙන්නේ කෘත්‍රිම බුද්ධිය භාවිත කරලා සංගීත නිර්මාණ සිදුකිරීම. මේක එක එක විදිහට කරන්න පුළුවන්. සංගීතඥයෙක් ලබාදෙන නිවැදියකට ගීතයක් AI සංගීත ඛණ්ඩයක් නිර්මාණය එක සීන් එකක්. මේ වෙනකොට එහෙම කරන සංගීතඥයෝ ලෝකෙ පුරා ඉන්නවා.

අනිත් එක අපේ අවශ්‍යතාවය සඳහන් කරාම ඊට අනුකූලව කෘත්‍රිම බුද්ධිය විසින්ම සම්පූර්ණ නිර්මාණයක් සිදුකර ගැනීම. මෙතනදී තත්ත්වෙ ටිකක් භයානකයි මචෝ. සිංදුවක වචන ටික ලියන එකේ ඉඳන් තනුව යොදලා සංගීත සපයලා ගායනා කිරීම දක්වා කටයුතු සියල්ලම AI හරහා සිද්ධ වෙනවා. ඒ කියන්නේ මචෝ AI හරහා Lyrics, Melody, Singing, composing, Mix and Master ඔක්කොම කරගන්න පුළුවන්.

කොහොම වුණත් මේ විෂය තාමත් ආරම්භක අවස්ථාවේ තියෙන්නේ. හැබැයි අනිවා ඩෙපා හෙට අනිද්දාට මේක පට්ට විදිහට දියුණු වෙනවා. AI Music Generators හරහා තමා දැන් මේ වැඩේ කරන්නේ. Jukebox.ai, Amper Music, AIVA, Soundful වගේ generators ඕනතරම් තියනවා අන්තර්ජාලය හොයාගන්න පුළුවන්.

YouTube එකේ මේ ගැන පාඩම් කියාදෙන කට්ටියත් ඉන්නවා සෑහෙන්න. සරල උදාහරණයක් කියනවා නම් ඔයා වචන ටිකක් ලියලා ඒකේ ෆීල් එක, අවශ්‍ය සංගීතය ගැන සහ කටහඬ ගැන පොඩි අදහසක් දුන්නොත් මේ Generator හරහා ඔයාට පුළුවන් සිංදුවක් හදාගන්න. සිරාවට මේක පිස්සුවක්. තාලෙට අප්පුඩියක් ගහගන්න බැරි එකෙක් උනත් සින්දු හදයි හෙට අනිද්දට.

Ai Music මේ මොහොතේ ලොකු Trend එකක් වුණත් මේ සීන් එක පිටුපස්සේ ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. 1960දී රුසියානු පර්යේෂක වුණ Rudolf Zaripov ඒ කාලෙ තිබුණු ''Ural-1'' පරිගණකය භාවිතයෙන් ඇල්ගොරිතක් අනුව සංගීතය රචනාවක් කරලා තියෙනවා. ඒක මේ සීනේ එකේ මූලික අවස්ථා විදියට සමහරු හඳුන්වනවා. පස්සේ මේ සම්බන්ධව විවිධාකාර පර්යේෂණ සිද්ධවෙලා තියෙනවා. 1997දී EMI කියන AK Program එකක් හරහා Johann Sebastian Bach කියන ඓතිහාසික සංගීතඥයාගේ ශෛලිය අනුකරණය කරමින් සංගීත ඛණ්ඩයක් රචනා කරල තියෙනවා. මානව නිර්මාපකයෙක් අභිබවා ගිය අවස්ථාවක් විදියට තමයි සමහරු ඔය සීන් එක හඳුන්වන්නෙ.

කොහොමහරි පස්සෙන් පහු මෑත දශක දෙක ඇතුළත AI Musicවල දැවැන්තම පරිවර්තනය සිද්ධවුණේ. YouTube එක පැත්තෙ ගිහිල්ලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවොත් AI Cover ඕනෑ තරම් හොයාගන්න පුළුවන්. මෙතනදී තමන් ආසකරන ගායකයන්ගේ කටහඬවල් පවා AI Music වෙනුවෙන් භාවිතා කර ගැනීමේ අවකාශය තියෙනවා. මියගිය පැරණි ගායකයෙක්ගේ කටහඬ අලුත් සින්දුවක් අහන්න හෙට අනිද්දට AI Music වලින් ඔයාලට පුළුවන් වෙයි. මයිකල් ජැක්සන්ගේ එහෙම AI සින්දුත් ඕනෑතරම් දැන් තියෙනවා.

මේ අස්සේ ආතල් සීන්කෝනුත් තියෙනවා වස්තු. අපි දැක්කා යූටියුබ් එකේ ඩයල් එකක් ඇඩොල්ෆ් හිට්ලර්ගේ කටහඬ පවා යොදාගෙන AI Song එකක් Create කරල තියෙනවා. AI Music සීන් එකට මේ වෙද්දි වැඩිපුරම සෙට්වෙලා ඉන්නේ Content creators ලා. Social media content, Advertising, Filming වගේ ක්ෂේත්‍රවල තමා මේ ගැන ලොකු අවධානයක් තියෙන්නෙ මචෝ. ඒ ක්ෂේත්‍රවල සමහරු මේ සම්බන්ධව අත්හදා බැලීම් පවා සිද්ධ කරනවා. මොකද මේ හරහා සංගීතය වෙනුවෙන් වැයවන අධික පිරිවැය අඩු කරගන්න පුළුවන්. ඇත්ත ගායකයෙක්ට, සංගීතඥයකුට දෙන්න වෙන මුදල ඉතිරි කරගැනීම තමයි එයාලගේ අරමුණ.

අනිත් කාරණය තමා සුදෝ AI Music සම්බන්ධව තාමත් නීති රීති නම් ලෝකේ හරියට හැදිලා නෑ. Copy Rights සම්බන්ධව කටයුතු කරන්න ඕනෑ කොහොමද කියලා කොහෙවත් නිශ්චිත පැහැදිලි කිරීමක් නෑ. ඒ නිසා අනාගතයේදී AI Music ලෝක සංගීත ක්ෂේත්‍රයේ ලොකු අවුලක් ඇති කරන්නත් පුළුවන්. කොහොම වුණත් අපේ රටේ වගේ නෙවෙයි, වගකිවයුතු පාර්ශ්ව ඉක්මනින්ම මෙය හා සම්බන්ධව නීති රීති හදයි කියලා අපි හිතනවා.

වස්තුලා දන්නවද? මේ වෙනකොටත් AI Song Contest තරගාවලි ලෝකය ආරම්භ වෙලා තියෙනවා. Karen van Dijk නිර්මාණය කරපු AI Song Contest එක මේ වෙනකොට ලෝකේ බොහොම ජනප්‍රියයි. 2020දී නෙදර්ලන්තයෙන් ආරම්භ වුණු මේ concert එක මේ වසරෙ නොවැම්බර් මාසේදී පැවැත්වෙන්නේ ස්පාඤ්ඤයෙදී. පහුගිය සැරේ පැවැත්වුණේ තායිලන්තේ. මෙතැනදී කෘත්‍රිම බුද්ධිය ඇසුරෙන් කරන ගීත නිර්මාණ ජූරියක් කරා විනිශ්චයට ලක් වෙනවා. ජයග්‍රාහකයන්ට තෑගි ලැබෙනවා.

ඇත්තටම මචෝ මේ වෙනකොට AI Music Culture නිර්මාණය වෙමින් තියෙන බව මේ වගේ දේවල් නිසා අපිට පැහැදිලි. මේ අවුරුද්ද මේ හැමදේකටම තීරණාත්මක අවුරුද්දක්. කෘත්‍රිම බුද්ධිය විශාල පරිවර්තනයක් 2023 අවුරුද්ද ඇතුළෙ සිද්ධ වුණා. ඒ නිසා හෙට අනිද්දට අපිටත් මේ පරිවර්තනයට මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්න වෙයි.

සැබෑ මනුෂ්‍ය කලාකරුවන්ගේ වටිනාකම මෙය හරහා අඩුවෙයිද, වැඩිවෙයිද කියන සංවාදය මේ වෙනකොටත් ලෝකය පුරාම තියෙනවා. කොහොම වුණත් මේ තාක්ෂණික ලෝකය මගහැරල යන්න අපි කාටවත් බෑ. ඒ නිසා මේ දේවල්වලට අනුවර්තනය වෙමින් අපේ වටිනාකම් ආරක්ෂා කරගනිමින් ඉස්සරහට යන වැඩපිළිවෙළක් හදාගන්න එක තමා හොඳම.

I චමිඳු නිසල්