ශ්‍රී ලංකාවේ කතානාද චිත්‍රපට ආරම්භයේ සිටම චිත්‍රපටවල නාමාවලිය අඳින ලද්දේ දකුණු ඉන්දියානු චිත්‍රාගාරවල ගොරහැඩි කෘත්‍රිම පසුතල අඳින ලද චිත්‍ර ශිල්පියන් විසිනි. ඔවුන් අඳින ලද නම් වැල ගොරහැඩිය. විශාලය. අශෝභනය. කඩවුණු පොරොන්දුව හා 'අසෝක මාලා' චිත්‍රපටවල පැරණි ඩී.වී. තැටියක් නරඹන විට මදුරෛ නගරයේ චිත්‍රකලා චිත්‍රාගාරය හා කොයිම්බතුර්හි සෙන්ට්‍රල් චිත්‍රාගාරවල කලා අධ්‍යක්ෂවරුන් විසිනි. බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ චිත්‍රපටවල නාමාවලිය අඳින ලද්දේ එහි රඟපෑමට ගිය මාර්ක් සමරනායක විසින් බව ඔහු මා විසින් කරන ලද පුවත්පත් සාකච්ඡාවල කියා තිබුණි. ප්‍රේම් ජයන්ත් රඟපෑ ඇතැම් චිත්‍රපටවල නාමාවලිය අඳින ලද්දේ චිත්‍රශිල්පියකු වූ ඔහු විසිනි. පසුකලෙක සිකුරු තරුව (පිටපළු බාස්) පරසතුමල් හි අනුලාගේ පියා හා නිධානයේ (අරක්කැමියා) ලෙස රඟ පෑ කඳානේ නායගම්ට අයත් සුන්දර චිත්‍රාගාරය අසලම පදිංචිව සිටි කේ. ප්‍රුන්සිස් මුලින්ම ඇඳගැනීම සඳහාය. ඒ අතර ඔහු කුඩා චරිතද රඟපෑවේය. සුන්දර චිත්‍රාගාරය නිපදවූ සොහොයුරෝ, රම්‍යලතා, පුරුෂරත්නය චිත්‍රපටවල නාමාවලිය අඳින ලද්දේ තමා විසිනැයි ඔහු මට කියා තිබුණි.
නාමාවලිය ක්‍රමානුකූලව අඳින ලද්දේත්, පෝස්ටරය අමුතු ජයවයක් ආකර්ෂණයක් දුන්නේත් ටී, සෝමසේකරන්ය. 'සුජාතා' (1953) චිත්‍රපටයේ නිෂ්පාදන කෘත්‍යාධිකාරක වූ ඔහු තුළ අලුත් නිර්මාණාත්මක හැකියාවක් තිබුණි. 'සුජාතා' චිත්‍රපටයේ චිත්‍ර කර්මාන්තශාලාවක් පිහිටුවා නාමාවලිය ප්‍රචාරක පෝස්ටර් නිර්මාණය කර ඇත. හතර දෙනකුගෙන් යුත් චිත්‍ර ශිල්පීන්ට නායකත්වය දුන්නේ Dominic හා Krishnan දෙදෙනා බව 'සුජාතා' චිත්‍රපටය වෙනුවෙන් නිකුත් කළ සමරු කලාපයේ සඳහන් වෙයි. එස්.එම්. නායගම් නිපදවූ 'මාතලන්' චිත්‍රපටය නිපදවූ මදුරාසියේ වාහිනී චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂ Godgoankar විසින් නාමාවලියද සකස් වූ බව චිත්‍රපටයේ සමරු කලාපයෙන් හෙළිවෙයි. 1956 නිෂ්පාදනය වූ 'රේඛාව' චිත්‍රපටයේ සංස්කරණ ශිල්පි සහාය අධ්‍යක්ෂක හා කලා අධ්‍යක්ෂක වූ ටයිටස් ද සිල්වා (තොටවත්ත) විසින් නිමකරනු ලැබීය.
සිරිසේන විමලවීරගේ නවජීවන චිත්‍රාගාරයේ 1958 නිපදවූ 'එකමත් එක රටක' චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වූ දයා කරුණාරත්න ප්‍රථමවරට නාමාවලිය කාටූන්වලින් නිර්මාණය කළේය. රජයේ චිත්‍රපට අංශයේ වාර්තා චිත්‍රපටවල නාමාවලිය නිර්මාණය කළ ගස්පේ රත්නායක විසිනි. ඔහු 'රන්සළු, පරසතු මල්' චිත්‍රපට වෙනස් මුහුණුවරක් ගත්තේය. 'අශෝක මාලා' චිත්‍රපටයේ උප කලා අධ්‍යක්ෂවරයා වූ ඒ.ජේ. වින්සට් බහුල ලෙස චිත්‍රපට නිර්මාණය කළ නිර්මාණාත්මක ශිල්පියෙකි. ප්‍රවේසම්වන්න හොඳම වෙලාව, එදත් සූරයා අදත් සූරයා, සූරයන්ගෙත් සූරයා ඇතුළු චිත්‍රපට රුසක නාමාවලිය නිර්මාණය කළ ඔහු ගොළු හදවත, අක්කර පහ, නිධානය චිත්‍රපටවලදී තමා විසින් එතෙක් නාමාවලි නිර්මාණවලට වඩා වෙනස් අමුතු මානයකින් ඉදිරිපත් කළේය. 'ගොළු හදවත' චිත්‍රපටයේ පාසලේ කළු ලෑල්ලක අකුරු හුණු අකුරුවලින් ලියන ලද නාමාවලියක් ඉදිරිපත් කළේය. 'රන්මුතු දූව' චිත්‍රපටයේ නාමාවලියද ඔහුගේ අපූරු නිර්මාණයකි.
'මඩොල් දූව' චිත්‍රපටය අපූරු වර්ණයෙන් චිත්‍ර තුළින් නිර්මාණය කළේ පසුගියදා ජීවිතයෙන් සමුගත් පියරත්න හේවා බැට්ටගේය. චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ හර්බට් රංජිත් පීරිස් තමාටම ආවේණික අකුරු ඇසුරෙන් තමාගේ චිත්‍රපටවලදී භාවිත කළේය. සමන් මුද්‍රණාලයේ දක්ෂ පොත් කවර නිර්මාණය කරමින් සිටි පොත් කවරවලට මේ අපූරු අත්අකුරු දක්නට ලැබුණි. ගිවන්ත අර්ථසාද දිනේෂ් ප්‍රියසාද් සමඟ එක්වී 1979 තිරගත වූ 'දුටුගැමුණු' චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ අතර එය ප්‍රථම සිංහල වෘතාන්ත චිත්‍රපටය විය. ඔවුන් දෙදෙනා එක්වී තැනුණ දෘෂ්ටි ප්‍රයෝග යන්ත්‍රයෙන් විස්මිත වැඩ කළේය. රෑපවාහිනී නිර්මාණවලදී නාමාවලියේද මේ දස්කම් ගිවන්ත වැඩිදියුණු කර ගත්තේය.
නාමාවලි නිර්මාණයේදී දායකත්වය දුන් පිරිස අතර ප්‍රේම් ජයන්ත, එඩ්වින් බටවල, තෝමස් තිලකරත්න, සාලිය ඩයස්, තිලක් තොටගහ, ලයනල් සිල්වා මට මතක් වන අසම්පූර්ණ නම් ලැයිස්තුවකි. පර්යේෂකයෙක් මේ විෂය ගැන පුළුල් පරීක්ෂණයක් කළ යුතුය. අද බහුල වශයෙන් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් භාවිත කරන්නේ පුෂ්පානන්ද ඒකනායක හා ප්‍රේම් දිසානායක කොම්පියුටර් නාමාවලියයි. ඒවායේද නිර්මාණාත්මක බව අප අගය කළ යුතුය.
මෙහිදී යම් නාමාවලී ශිල්පියෙකුගේ නමක් මඟහැරී ඇත්නම් මට කමත්වා!
I ඒ.ඩී. රන්ජිත් කුමාර