2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

1970 Love story ගී එළිදැක්ම තරංගනීයේදී

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 105

ප්‍රේමය යනු ප්‍රේමයම මිස අන් කවරක්ද? කවදා කෙසේ කොතැනකදී හමුවුවත් ප්‍රේමය යනු ප්‍රේමයමය. 1970 දශකයේ කන්ද උඩරට වතු බංගලාවක සිදුවුණු සිදුවීම් මාලාවක් ප්‍රස්තුත කරගෙන නිමැවුණු සුන්දර ආදර කතාවක් 1970 Love story සිනමා රූපකාරකයට පාදක වී ඇත. විචිත්‍රවත් සිනමාවේදී අරුණ ජයවර්ධනගේ නවතම සිනමා වියමන ලෙසින් හඳුන්වා දිය හැකි 1970 Love story චිත්‍රපටයේ ගීත එළිදැක්වීම ඉකුත් දිනක ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලා පරිශ්‍රයේදී සිදුවිය. මහේන්ද්‍ර පෙරේරා, ‍හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, අශාන් ඩයස්, දිනෙත් ද සිල්වා, ගම්‍යා විජේදාස, සඳනි ප්‍රනාන්දු ඇතුළු රංගවේදීන් රඟන එම සිනමා සිත්තම නොවැම්බරයේදී රිදී තිරය සරසනු ඇත. 

I ස