2017 ජුනි 10 වන සෙනසුරාදා

ලොව ලාෙකුම පැන්ඩාවන්ගේ සෙල්ලම්

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 405

චීනය ගැන කියැවෙන කතාන්දරවල පැන්ඩා වලසුන් ගැන කතාන්දරයක් ද තිබේ. චීන පුරවැසියන් චීනය ගැන හිතන්නේ යම් සේ ද පැන්ඩාවන් ගෙන ද හිතන බවට විශ්වාසයක් තිබේ. යාළු මිත‍්‍රකම් ගැන සඳහන් වන විට චීනය නිතර සංකේතයක් සේ සලකන්නේ සුදෝ සුදු පසුබිමෙහි කළු පැල්ලම් ඇති අහිංසක පැන්ඩා වලසුන් ගැනය. එපමණකට චීන වැසියන් පැන්ඩා වලසුන්ට ආදරය කරති. එපමණක් නොවේ මුළු ලෝකයම මෙම දුර්ලභ සතුන් කෙරෙහි අති විශේෂ කැමැත්තක් දක්වති.

ස්තු පූර්ව 1020 ගණන්වල මින්ග් අධිරාජ්‍යයාගේ කාලයේ දී පැන්ඩා අදිසි සත්ත්වයෙක් සේ සලකා ඇත. එඩිතර නමුත් සාමකාමී වන අතර ප‍්‍රකෝපවුවහොත් ස්වභාවයෙන්ම කොටියෙකුට වඩා දරුණු හෙයින් පැන්ඩා තම අනන්‍යතාවයේ සංකේතය සේ සලකන්නට අධිරාජ්‍යයා නැඹුරු වී සිටියේය. චීන වැසියන් පැන්ඩා සතුන්ට මෙපමණ කැමැත්තක් දක්වන්නේ ඇයි? නොබෝදා චීනයේ සංචාරය කරන අතරතුර හමු වූ බෙයිජිං වැසියන් කිහිප දෙනෙකුගෙන්ම ඇසුවෙමු. ඔවුන් සිනාසුනේ අහිංසකවය. උත්තර සෑහෙන ප‍්‍රමණයක් එහි වූ අතර එකක් වෙන්නට ඇත්තේ සත්ත්වයන්ගේ දුර්ලභ බවය.

චීනය මහා සාගරය ඔස්සේ සේද මාවත අලුතින් සකස් කරමින් සිටී. ලෝකය පුරා රටවල් සමඟ ගනුදෙනු අලුත් කරන එක මාවතක් එක තීරයක් සංකල්පය ද ජාත්‍යන්තරයට ඉදිරිපත් කර ඇත. කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නොබෝදා මෙරට ජනමාධ්‍යවේදී කණ්ඩායමක් වෙනුවෙන් බෙයිජිං හි සිදුවන්නේ කුමක්දැයි අවබෝධ කරගන්නට ආරාධනා කළේය. චීන තානාපති යී ෂියැංලිංග් මහතා ගේ මෙහෙයැවීම අනුව එම සංචාරයට අවශ්‍ය පසුබිම සකස් කළේ එහි කාර්යභාර නිලධාරී සහන්ය. සහන් මෙරටට එන විට බෙයිජිං විශ්ව විද්‍යාලයෙන් සිංහල ඉගෙන ගත් අතර ඔහුට ආදේශ කළ සිංහල නම සහන්ය. චීනයේ දී ඔහුගේ නිල නම ක්ෂියැන්බින්ග්ය. කොළඹින් පිටත්ව චීනයේ චෙන්ඩු ගුවන් තොටුපොළට පැමිණ එම නගරයේ දින දෙකක් ගත කළ මාධ්‍ය කණ්ඩායම අග නගරය වන  බෙයිජිං බලා පිටත්ව ගිය අතර නැවතත් කොළඹට එන තෙක් වැඩසටහන සම්බන්ධීකරණය කළේ මෙම සහන් බව අපි ස්තූතිපූර්වකව සිහිපත් කරමු.

චීනයේ සිචුවාන් ප‍්‍රාන්තයේ චෙන්ඩු හි පිහිටි වූලෝන් පැන්ඩා සංරක්ෂණ මධ්‍යස්ථානය මෙම සංචාරයේ දී දැකගන්නට ලැබුණ අනර්ඝ තැනකි. ප‍්‍රවේශ පත‍්‍රයක් මිලදී ගෙන මධ්‍යස්ථානයට ඇතුළුවන සංචාරකයන්ට එය එපමණ අනගි ස්ථානයකි. ලෝකයේ අද ජීවත්වන පැන්ඩා වලසුන්ගෙන් සියයට අසූවක් වෙසෙන්නේ චෙන්ඩු පැන්ඩා පර්යේෂණ හා අභිජනන මධ්‍යස්ථානයේය. නගරයේ සිට සැතපුම් හයක් දුරින් පිහිටි මෙම මධ්‍යස්ථානය චීන රජයේ ආධාරයෙන් නඩත්තුවන ලාභ නොලබන ව්‍යවසායයකි. එය අරඹන්නේ 1987 අවුරැද්දේය. මෙම පැන්ඩා වලස් තෝතැන්න අක්කර හය සියයක් පුරා විහිදී ගිය අපූරැ වනාන්තරයකි. ස්වභාවික පරිසරය ආරක්ෂා වන සේ එහි ගහ කොළ වන වගාව සකස් කර තිබේ. දකින හැම තැනකම පැන්ඩා වලසුන් ආහාරයට කැමැති කොළ පැහැති උණ පඳුරු කුඩා උණු පඳුරැය. එහෙත් පැන්ඩාවන් ඉන්නේ ආරක්ෂිතවය. තතරමක් ඈතින්ය. නරඹන්නන් ඒ වෙනුවෙන් මනාව සකස් කර ඇති කසළ බිංඳුවක් වත් නැති පටු මාවත් දිගේ ඇවිද ගෙන යයි. අක්කර හය සියයක් ඇවිදින්නේ කොහොමද? සම්පූර්ණ කලාපයම බලන්නට යන්නට හැකියාවක් නැත. නමුත් පා ගමනින් යන්නට අකමැති අය වෙනුවෙන් හඬක් නොනැගෙන, දුමක්ද නැති විදුලිය බලයෙන් ධාවනය වන වාහන ඇනවුම් කළ හැකිය. කුඩා කණ්ඩායමක් එම රියේ නැගී වලස් පවුලක් ඉන්නා තැනකට ගොස් එයින් බැස ඇවිදගෙන නරඹන්නට සූදානම් වීම සුලබ දසුනකි. 
මධ්‍යස්ථානය අරඹන කාලයේ දී එහි ගමන පටන්ගත්තේ යෝධ පැන්ඩා සතුන් හයදෙනෙකුගෙන් ය. 2008 වන විට එහි පැන්ඩා ජනගහනය 124 ක් වූ අතර අප එහි යන විට ඉතාම කුඩා එනම් නොමේරූ වලස් ළදරු ඒකකයේ සිටි පැන්ඩා පැටවුන් ද සමග 184 දෙනෙකු ජීවත් වන බව අපට දැනගන්නට හැකි විය.

මැයි විසි හතරවැනි දා උදේ දහයට පමණ පරේෂණ මධ්‍යස්ථානයට ඇතුළු වූ අපට සුදු පැහැති පුළුන් බෝල එකිනෙකා සමඟ ආරවුල් ඇති කරගෙන බව පෙනෙන්ට තිබුණ සාක්ෂියකි. උදේ ආහාරයට පසු එකිනෙකා සමඟ පොර බදිමින් සිටියේ මේ සෙල්ලම් කරන වේලාව බව අපට කියමින්ය. දස දහස් සංඛ්‍යාත පිරිසක් ඒ වන විට දෙතුන් පොළක පැන්ඩාවන් රඟ දක්වමින් සිටි සෙල්ලම් බලා සිටියේ කුල්මත් සිතකින්ය. එක තැනකින් හෝ බිස්කට් කෑල්ලක් වත් වීසි කළේ නැත. අඩුම තරමින් හපමින් සිටි පලතුරු කෑල්ලක් හෝ විසි කරන්නට දෙස් විදෙස් සංචාරකයන් උත්සාහ නොකළේය. එසේ කරන්නට එපා යැයි දැනුම් දෙන පුවරු අඩුම තරමින් චීන භාෂාවෙන් හෝ ලියා එල්ලා නොතිබුණ අතර පැන්ඩාවන් ගැවසෙන තැන් වල තීක්ෂණ ඇසකින් බලා ඉන්නා තරබාරු ආරක්ෂකයන් ද නොවීය. එය එපමණකට විනීත තැනකි. 

පසුගිය අවුරුදු තිහක කාලය තුළ පැන්ඩා සතුන්ගේ පැවැත්ම, බෝවීම, පාරිසරක තත්ත්ව, රැකබලාගැනීම පමණක් නොව පැන්ඩා සතුන් ගේ චර්යාව අති විශාල ප‍්‍රචාරණ මෙවලමක් වශයෙන් ද චීනය ප‍්‍රයෝජනයට ගෙන තිබේ. වඳ වී යමින් තිබුණ අපූරු සත්ත්ව කොට්ඨාසයක් වන පැන්ඩා සතුන්ගේ ඉතිහාසය වසර මිලියන ගණනක් සේ සැලකේ. එදා සිට අද දක්වා විවිධ හේතු ස්වභාවික විපත් සහ මනුෂ්‍ය බලපෑම පැන්ඩා ජනගහනය ගණන් කරන්නට හැකි තරමට අඩු කර ඇති බව අධ්‍යයන වාර්තා දක්වයි. 

චෙන්ඩු හි වූලෝන් මධ්‍යස්ථානයේ සාර්ථක බව නිසා එතැනින් කිලෝ මීටර් තුන්සියයක් එපිටින් පිහිටි යාආන්යා බ්‍රිෆ්න්ෂියා හි තවත් බෝ කිරීමේ මෙහෙවරක් චීන ආණ්ඩුව ආරම්භ කරන ලද අතර එය සූදානම් කර වසර කිහිපයක් ගත වන විට ඩෙන්ඩු හි භූමි කම්පාවක් සිදුවූ අතර එහි සිදුවූ යම් හානිය වළකාගත්තේ පැන්ඩාවන් පිරිසක් අලුත් තැනට මාරැ කිරීමෙන් පසුවය. මෙවැනි සංරක්ෂණයක් නොතිබුණ පසුබිමක ක‍්‍රමයෙන් මුළු ලෝකයෙන්ම වඳ වෙමින් පවතින යෝධ පැන්ඩාවන් ආරක්ෂා කරන අභිජනනය කරන චෙන්ඩු හි එක්තරා ස්ථානයක දී හුරැබුහුටි පැන්ඩාවෙකු හා මොහොතක් ගත කරන්නටද නරඹන්නන්ට වුවමනාවක් තිබේ නම් එස පසුබිම සකස් කර තිබේ. නමුත් ඒ වෙනුවෙන් විනාඩි දෙක තුනකට අය කරන මුදල අමෙරිකානු ඩොලර් එකසිය දහයකට ආසන්නය. පොරොත්තු ලේඛනයේ ඉන්නට සිදුවෙයි. පැන්ඩාවෙකු නමුත් වලහෙක්ය. එහෙයින් සංචාරකයන් අතරින් වැඩිදෙනෙකු එයට කැමැත්තක් නැත. 

► Text - Gamnini Sarath Godakande / Pic Ravi Jayawickrama

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00