අද අපි කල්පනා කළා කාලෙකට පස්සේ Wedding ගැන Y Trend එකක් අරගෙන එන්න. බුකිය පැත්තේ කරක් ගහද්දි තමා මචෝ මේ අමුතු Wedding Trend එක දැක්කෙ. සමහරු නම් මේකට කියන්නේ මචෝ, 'වෙඩින් හානවා' කියලා. දැන් මේ සීන් කෝන් එක රට පුරා සිද්ධ වෙනවා. එක එක ලෙවල්වලින් වැඩේ යනවා. සිරාවට කියනවනම් මේක අමුම අමු පිස්සුවක්.
මචංලා දන්නවා වෙඩිමක් කියලා කියන්නෙ ඕනෑම කෙනෙක්ගෙ ජීවිතේ වැදගත්ම සංධිස්ථානයක්. ඉතින් ඒ වගේ අවස්ථාවක් කවුරුහරි එකතුවෙලා විනාශ කරලා දානවනම් ඒක මහා අපරාධයක්. මුලදි මුලදී මේ සීන් කෝන් එක ගැන අපිටත් හිතුණේ එහෙම. ඒත් දැන් බලනකොට මනමාලයෝ මනමාලියෝ අතරත් වෙඩින් හෑම Fashion එකක් වෙලා.
සුදාලා බුකිය පැත්තේ සරනවා නම් මීට මාස හය හතකට කලින් දකින්න ඇති සුපිරියට හාපු වෙඩිමක්. මනමාලයට පොවලා විනාශ කරලා පූල් එකේ දාලා යාළුවෝ ටික පිස්සු ආතල් එකක් ගත්තා. Tik Tok වල ජනප්‍රිය වුණු මේ වීඩියෝ එකත් එක්ක තමා ලංකාවේ මිනිස් සීන් එක මෙච්චර ලොකුවට Trend වෙන්න පටන් ගත්තේ.
හැබැයි ඊට කලින් ඉඳලා වැඩේ කෙරීගෙන ගියා. අපි වස්තුලට පැහැදිලි කරන්නම් වෙඩිමක එක එක ලෙවල්වලින් මේ ආතල් එක ගන්න විදිහ. අපේ සුදාලා දන්නවා නේද Free shoot කියන සීන් කෝන් එක ගැන. මේ දවස්වල Wedding Free shoot වල ආතල් දීම තමා හොඳටම Trend වෙලා තියෙන්නෙ. මෙතැනදී Free shoot එක කරන්න යන අතරතුර මනමාලයා මනමාලිය අතර සිද්ධවෙන ආතල් වැඩ කවුරු හරි කෙනෙක් වීඩියෝ කරනවා.
මුලදී මේ වීඩියෝ තරමක් 'සප්‍රයිස් වීඩියෝ' වගේ තමා හැදුණේ. දැන් ඉතින් මනමාලයා මනමාලියම මේ වගේ වීඩියෝ එකක් හදාගන්න ඕනෑ නිසාම හිතාමතා ආතල් දෙනවා. සමහර මනමාලියෝ මනමාලයට ගහනවා බණිනවා. එක එක පිස්සු ආතල් එකට. ඉතින් ඒවා 'ප්‍රී ෂූට්' කරන කණ්ඩායම හරි වැඩේට උදව් වෙන්න යන යාළුවෝ හරි වීඩියෝ කර ගන්නවා.
ඊටපස්සේ ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ වෙඩිම දවසේ මේ කෑලි බෑලි ඔක්කොම එකතු කරලා එක වීඩියෝ එකක් හදලා නෑදෑ සනුහරේ ඉස්සරහ ප්‍රදර්ශනය කරන එක. ඉතින් මචෝ මේ වැඩෙන් සමහර couple වල රෙදි ඉල්ලෙ වෙනවා. හොඳම සීන් කෝන් එක තමයි මේ සිද්ධවෙන හැම දෙයක්ම අවසානයේ කවුරු හරි එකෙක් Social media දාන එක.
ඒ වීඩියෝ එක තමා වීඩියෝ එක. එතකොට ඒ වීඩියෝ එක Viral වෙනවා අනිවා. Viral සීන් එක දැක්කම අනිත් උන්ටත් මේක කරන්න ආසා හිතෙනවා. ඒ ආසාව නිසාම තමා මෙහෙම Trend නිර්මාණය වෙන්නේ. අවධානයෙන් පොඩ්ඩක් හොයලා බැලුවොත් මේක කොච්චර බරපතළ විදියට රට පුරා පැතිරිලාද කියලා සුදාලට දැනගන්න පුළුවන්.
ඊළඟට wedding හෑමේ කලාවේ තවත් අංගයක් තමයි මංගල සභාවේ මිත්‍රයකු විසින් පවත්වනු ලබන කතාව. මෙතනත් වෙනම ආතල් එකක් තියෙනවා. සුදාලට කියන්න, සමහර යාළුවෝ තමන්ගේ විවාහප්‍රාප්ත වෙන මිතුරු මිතුරියන්ව සෑහෙන්න අපහසුතාවයට ලක් කරනවා. මංගල සභාවේ දෙපැත්තෙම අය ඉන්නකොට සිද්ධවෙන මේ වැඩේ සිරාවට ආතල්.
ඒ කොහොම වුණත් මේ වැඩෙන් සමහර වෙලාවට දෙමව්පියන්ගෙ එහෙම සිත් රිදෙනවා සුදෝ. පුංචි විහිළුවක් දෙකක් කරලා ෂේප් එකේ කතාවක් කරනවා වගේ නෙවෙයි, මේ ආතල් එක ඉමක් කොණක් නැතුව දෙන්න ගියොත් මංගල්‍ය වුණත් කොටඋඩ යන්න පුළුවන්. ඒ නිසා තමයි ඇත්තටම මේ දේවල්වලදි පරිස්සම් වෙන්න ඕනෑ.
ඊළඟට මචෝ මම කලින් කිව්වා Supreme level එකේ වෙඩින් හෑම. සිරාවටම ඒක පිස්සුවක්. ගොඩක් වෙලාවට මේ සීන් කෝන් එක ගැට ගැහෙන්නේ මත් වතුර එක්ක. වෙඩින් එකකට ගිහිල්ලා හොඳට දෙක තුනක් නවාගෙන කොහොම හරි වෙඩින් එක හාලා එන උන් ඉස්සරත් හිටියා. ඒක ඉතින් එයාලගෙ හැටි. දැන් ගැටලුව තියෙන්නෙ මචෝ මේක සංවිධානාත්මකව සිද්ධ කිරීම. දැන් සමහරුන්ට වෙඩිම ළං වෙද්දී යාළුවෝ වෙඩිම හායි ද කියලා බයකුත් දැනෙනවා.
මේ සම්බන්ධ වීඩියෝ social media වල viral වෙලා නිර්මාණය වෙන Trend එකත් එක්ක ගොඩක් යාළුවෝ කණ්ඩායම් plan කරලා වෙඩින් හානවා. ළඟදි මනමාලිගේ පවා 'ෂොට් එකක්' දාගන්න වීඩියෝවක් Viral වෙලා තිබුණා. හැබැයි මේ සීන් කෝන් එක ඇතුළෙ මනමාලයන්ට තමා ඇපත් නැතිවෙන්නේ. කන බොන පොරක් නම් යාළුවෝ ටික අනිවාර්යෙන් මනමාලයාට පොවන්න තමා try කරන්නෙ.
අපි මේ කියන කතාව සුදාට තේරෙන්නේ නැත්නම් මේ Trend එක ගැන හොඳටම දැනගන්න "වෙඩින් හෑම" කියලා ෆේස්බුකියේ පොඩ්ඩක් search කරලා බලන්න. අපේ මචාට සිද්ධිය තේරුම් ගන්න පුළුවන් වීඩියෝ තියෙනවා ඕසෙට.
සුදාලට මතක ඇති ඉස්සරත් මනමාල යුවළට පොඩි ආතල් එකක් දෙන්න යාළුවෝ කටයුතු කළා. මංගල ගමනෙදි වාහනේ ටින් කෑලි ටිකක් එල්ලන්න, මනමාලිව කැන්දගෙන එනකොට ගෙවල් කිට්ටුවද මනමාලයාට පොඩි රුග් එකක් දෙන්න කටයුතු කළා. ඒත් මචෝ මේ වෙද්දි ඒවා එච්චර සිද්ධ වෙන්නෙ නෑ.
ඒ වෙනුවට දැන් මනමාලයා පැණි හඳේ යනකොට අරගෙන යන ඇඳුම් පැළඳුම්වලට ගේමක් දෙන එක, පැණි හඳ රූ දෙන්නට පොඩි වදයක් දෙන්න plan එකක් ගහන එක වගේ වැඩ තමා සිද්ධ වෙන්නෙ. මේ නිසා දැන් සමහර යුවළවල් තමන් නවාතැන් ගන්න හෝටලය මොකක්ද කියන්නවත් මිතුරන්ට දැනගන්න ඉඩ තියන්නේ නෑ. මොකද දැනගත්තොත් විසුමක් වෙන්නේ නැහැ කියලා ඒ අය දන්නවා.
ඉතින් මචෝ මේක තමා වෙඩින් හෑම ගැන කතාව. මේ Trend එක හරිම වේගයෙන් රට පුරා පැතිලා යනවා. තරුණ අයට ආතල් වුණත් මේ වැඩෙන් වැඩිහිටියන්ගේ හිත් රිදෙන බව නම් නොකියා බෑ. ඒ නිසා කවුරු කවුරුත් හැමදේකටම සීමාවක් තියාගත්තොත් හොඳයි. ඔබේ සතුට තවත් කෙනෙක්ගෙ දුකක් වෙන්න ඉඩ තියන්න එපා.
I චමිඳු නිසල්