2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

හිටු කියලා අඳින්න අලුත් චිත්‍ර කලාවක් ඇවිත් සහෝ දැන්

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 58

ඔන්න මචෝ අද අපි අරගෙන ආවේ සිත්තර Video Y Trend එක ගැන කතාවක්. අහපු ගමන් එකපාරට තේරුණේ නෑ නේද? චුට්ටක් ඉන්නකෝ.

සිත්තරු නැතිනම් චිත්‍ර ශිල්පීන් කියන්නේ ඉතිහාසය පුරාවටම බොහොම නිහඬව තමන්ගෙ කලාව කරගෙන ගියපු පිරිසක්. නැටුම් ගැයුම් වැයුම් වගේ ප්‍රාසාංගික කලා මාධ්‍යයක් විදිහට කවදාවත්ම සිතුවම්කරණය තිබුණේ නෑ. ඒ නිසා අදටත් සමහර චිත්‍ර ඇඳපු අය කවුද කියලා දැනගන්න අපිට ක්‍රමයක් නෑ.

ඒත් මචෝ පසුගිය දශකය දෙක තුන ඇතුළේ මේ තත්ත්වය කණපිට ගැහුණා. සුදාලා කිව්වට එකඟ වෙයිද දන්නෙ නෑ. දැන් ඇත්තටම චිත්‍ර ඇඳීමත් සමහරුන්ට ප්‍රාසාංගික කලාවක් වගේ. දඩිං බිඩිං ඩෝං ගාලා එකදිගට play වෙන Music එකකට විවිධ මාධ්‍යයන් භාවිත කරලා එක එක විදිහට අඳින චිත්‍ර සිතුවම් Video ඕනෑ තරම් social සමාජ මාධ්‍යවල තියෙනවා. ඒවා හෝ ගාලා Viral වෙනවා.

ඇත්තටම මචෝ මේ සීන් කෝන් එක ලොකු Y Trend එකක්. මේක වීදි චිත්‍ර කලාවේ විකාශනයක් විදියට කාට හරි හඳුන්වන්න පුළුවන්. ඒත් මචෝ ඇත්තටම මේක වෙනම සීන් එකක්. මේකට ආර්ථික කාරණා, ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය සම්බන්ධව ගොඩනැගිලා තියෙන නූතන සමාජ වටපිටාවක් හේතුවෙලා තියෙනවා. එක අතකට මේක වස්තු Fashion එකක්.

චිත්‍ර ශිල්පීන් මේ විදිහට සමාජ මාධ්‍යවල Trend වෙන්න උත්සාහ කරන්න ලොකුම හේතුව තමා මේ Platforms ඇතුළෙ පහසුවෙන්ම නිර්මාණය වෙලා තියෙන වෙළෙඳපොළ. අනික තමා පහසුවෙන් තමන්ට නමක් හදාගැනීමට මේ ඔස්සේ අවස්ථාවක් ලැබීම. සුදාලා මේ විදිහෙ Videos සිය ගාණක් දැකලා ඇති. මීට කාලෙකට කලින් TV එකේ විශේෂ වැඩසටහන්වලත් මේ වගේ Video දැකලා ඇති.

දැන් නම් ලංකාවෙත් මේ වැඩේ කරන ගොඩක් දෙනෙක් ඉන්නවා. සමහරු තමන්ගේ Art සමාජ මාධ්‍ය ඇතුළෙ අලෙවි කරනවා. ඒ වගේම විනෝදෙට මේ වැඩ කරන අයත් ඉන්නවා. කොහොම වුණත් වැඩේ Viral වුණොත් මෙයාලා ගොඩ. මේ දවස්වල දුම්රියේ මඟ තොටේ දකින අය චිත්‍රයට නගන කිහිප දෙනෙක්ගේ Video Viral වෙලා තියෙනවා අපි දැක්කා.

ඒ විතරකුත් නෙවෙයි Omegle වගේ Video chatting වෙබ් පඩිපෙළක් Live Painting දැකගන්න පුළුවන්. ඇත්තටම එක එක මානයන් ඔස්සේ මේවා ප්‍රවර්ධන වෙනවා. දැන් මේ සිතුවම් කරන එක එක හැඩතල සහ ක්‍රම උපායන් ගොඩක් තියෙනවා.
සමාජ මාධ්‍ය තුළට පැමිණීමෙන් චිත්‍ර ශිල්පීන්ට ලැබෙන Benefits මොනවද කියලා වෙනම ලිපි වෙබ්අඩවිවල පවා දැකගන්න පුළුවන් වුණා. අපිට එයින් කිහිපයක තොරතුරු මෙහෙම පෙළගස්වන්න පුළුවන්.

ඔබේ කලාව විශාල ප්‍රේක්ෂක පිරිසක් වෙත ප්‍රවර්ධනය කිරීමට ඉඩ සැලසීම.

සමාජ මාධ්‍ය අලෙවිකරණයේදී කලාකරුවන්ට ඉහළ පිරිවැයක් දැරීමට සිදු නොවීම. 

රසිකයන් නැතිනම් පාරිභෝගිකයන් සමඟ ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට හැකිවීම.

අතරමැදියන්ගෙන් තොරව‍ ඍජුව අලෙවිකරණයට අවස්ථාව සැලසීම.

මෙතැනදී ජනප්‍රිය වෙන්න බොහොම ලස්සන උපක්‍රමයක් ලංකාවේ චිත්‍ර ශිල්පීන් භාවිත කරනවා. ඔවුන් කරන්නේ ගොඩක් වෙලාවට තමන්ගේ සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතවල සිතුවම් ඇඳීම. නළු නිළියන්ගෙ ක්‍රීඩකයන්ගේ වගේ ප්‍රසිද්ධ චරිත තමන්ගෙ නිර්මාණ සඳහා ඔවුන් පාදක කර ගන්නවා. ඉතින් එහෙම වුණාට පස්සේ ඒ ප්‍රසිද්ධ චරිත ඔවුන්ට ප්‍රතිචාර දක්වනවා. ඊට ප්‍රතිචාර දැක්වීම ඇතුළෙම ලංකාවේ online සිත්තරුන්ට හොඳ අවස්ථාවක් නිර්මාණය වෙනවා Social Media ඇතුළේ.
ගොඩක් වෙලාවට Instagram, TikTok, Facebook වගේ Social media platforms තමයි චිත්‍ර ශිල්පීන් භාවිත කරන්නෙ. YouTube එකත් සිත්තරුන්ට තමන්ගෙ වෘත්තිය ඉහළ නංවාගන්න ලොකු අවස්ථාවක් හදලා දෙන සමාජ මාධ්‍යයක්. ඉතින් මචෝ මේ වන විට ලෝකය පුරා සිතුවම් මිලදී ගන්නන්ගේ පිරිසෙන් 74% ක් පමණ සමාජ මාධ්‍ය මත පදනම් වන බව කියැවෙන වාර්තා පළ වෙලා තියෙනවා.

ලෝකයේම තවත් වාර්තාවක සඳහන් වුණු විදිහට 2018 වසර වෙනකොට විතරක් සිතුවම් ඇඳීම පිළිබඳ වීඩියෝ නැරඹීමේ ප්‍රවණතාව 6 ගුණයකින් වර්ධනය වෙලා තියෙනවා. ඒ වාර්තාවට අනුව මචෝ වසරින් වසර 240% කින් මේ video සඳහා මිනිස්සු කැමති වීමේ ප්‍රතිශතය ඉහළ යනවා.

දැන් වස්තුලාට තේරෙන්න ඕනෑ මේක කොච්චර ලොකු Trend එකක්ද කියලා. ලෝකය පුරා මේ විදියට Social media platforms වල ජනප්‍රිය වුණු Arties ලා සෑහෙන්න ඉන්නවා. අපේ ලංකාවෙත් ඉන්නවා. ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වගේම මේ කලාවට අත්පොත් තියන අයට මේක ලොකු අවස්ථාවක්.

හැබැයි ලංකාවේ සමහර ඒවා දැක්කම නම් අපිට ප්‍රමිතියට හානියක් වෙලා තියෙනවා, නිසි වටිනාකමක් නැතිවෙලා වගේ හැඟීම් ඇතිවුණා. කොහොම වුණත් කලාව සම්පූර්ණයෙන්ම වාණිජකරණය වුණාම එහි තියෙන ගුණාත්මකභාවය නැති වෙනවා. කලාව කරන්න සල්ලි ඕනෑ. ඒත් සල්ලිම නෙවෙයි කලාව කියන්නේ. ඒක මතක තියාගෙන මේ Trend එකට සෙට් වුණොත් තමා හොඳ.

I චමිඳු නිසල්