2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා

හිතුවක්කාරි

 2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 157

සීතල වැස්සෙ සුන්දරත්වය වින්ද අපි දැන් ගිනිදන මද්දහනේ රශ්මිය විඳිනවා. විඳිනවා කීවට විඳවනවා. තද රත්තරන් අව්රුල්ලෙ සැරට ඇස් දෙක නිදිමතින් පියවෙනවා. ස්වාභව ධර්මය වෙනස් වෙන හැටි... ඒ වෙනස අපිට දැනෙන හැටි... සීතල, රස්නය අපි විඳින හැටි... සොබාදහම කියන්නේ ලියාගන්න බැරිතරම් ලස්සන කවියක්... ඒ කවිය ලියලා ඉවර කරන්න බැරිතරම් අපූරැ කවියක්.

අපි සොබාදහමේ චමත්කාරය විඳින්න බලන් ඉන්න මිනිස්සු මිසක් විඳින මිනිස්සු නෙවෙයි කියලා මට වෙලාවකට හිතෙනවා. මේ ලෝකයේ මිනිස්සු හුඟක් දෙනා ඒ තරමටම අවිවේකියි. අපි ජීවිතය පුරා ඇවිදින මිනිස්සු නෙවෙයි. ජීවිතය පුරා දුවන මිනිස්සු. ජීවිතය විඳින්න ඉඩක් ඉතුරැ කර නොගෙනම ජීවිතය අරමුණු හා බලාපොරොත්තුවලින් පුරවා ගත්තු මිනිස්සු. අන්තිමේදී ජීවිතයේ රසය ස්පර්ශ නොකළ මළවුන් ලෙසින් මේ මහපොළවේ කොතැනක හෝ මිහිදන් වෙන මිනිස්සු. 
අපි ජීවිතය කියවන විදිහ නිවැරදිද කියලා මට හිතෙන්නෙ අපි අපෙන්ම ප්‍රශ්න කළ යුතුයි. ඒ ගැන නිශ්චිතයක් නැති බව ඇත්ත. ඒ අපි එක එක්කෙනාට ජීවිතය ගැන තියෙන දර්ශනය වෙනස් නිසා. ඒත් මට හිතෙන්නෙ මේ ලෝකෙට එන යන කවුද අකමැති ජීවිතය සුන්දර ලෙසින් විඳගන්න. මට හිතෙනවා ජීවිතය චමත්කාරයෙන් විඳින්න තියෙන එක විදිහක් තමා නවකතා කියවන එක.

නවකතාවක් අපි අරන් යන දුර වෙලාවකට අපිවත් නොදන්න තරම්. ඒ සැරිසැරීම හරිම ආස්වාදනීය අත්දැකීමක්. සමහරවිට කාලය ඉගිල්ලෙන හැටි නොදැනෙන නොහැඟෙන අත්දැකීමක්. ඒ වගේ නවකතාවක් එක්ක ඊෙය් ෙප ෙර්දා මාත් දවස් කිහිපයක් අමුතුම ලෝකෙක සැරිසැරැවා. සමහර දේවල් එක්ක දැහැන්ගත වෙද්දි කල්පිතයත් යථාර්ථයත් අතරෙ වෙනස අපිට දැනෙන්නෙත් නෑ. සමහරවිට ඒක එහෙම වෙන්නෙ හුදු ප්‍රබන්ධ වරෙක සත්‍යවාදීව හදවතට රිංගන හින්දා.

මට හැමදාමත් හිතෙන්නෙ ලෝකයට නිශ්චිත හැඩයක් නෑ කියලයි. ලෝකයට වගේම මිනිස්සුන්ගෙ හැඟිම්වලට සහ ජීවිතයටත් නිශ්චිත හැඩයක් නෑ. අපි උත්සාහ කරන්න ඕනෑ ජීවිතයට ලස්සන හැඩයක් දෙන්න විතරයි. ජීවිතය අත්දෙකට තුරැලු කරන් විඳගත්ත මිනිස්සු විදිහට මේ ලෝකෙන් නික්මී යන්න අපිට එදාට පුළුවන්.
 

දවස් හතකින් හමුෙවමු
♦ ස

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00