ඉපල් වූ තුරු මුදුන සරසන්න මලක් වී
හිතයි පෙම්බරා මට ආදරෙන් සුවඳ දී
නළල මත වගුරුවා හාදුවක් ප්‍රේමයේ
සිහින සංසාරයක් මවනවද ජීවිතේ......
හඬනු මැන නිල් අහස හැන්දෑව මනරම්ය
නොවැසි වැසි අවැසිමය ගින්දරට හදවතේ
පෙරදාක මල් ගැවසි වසන්තය කොහි ගියේ
පෙම්බරා නුඹ නැතුව හීනයක් නෑ ප්‍රියේ.....
දෑස් මත හැංඟිච්ච කඳුළකට වාරු වී
නිම්නයක ඇවිද යමි තුරුල් වී සීතලේ
පෙම්බරා ප්‍රේමයේ සුව දැනෙන යාමයේ
එනු මැනව සනසන්න මොහොතක ට ජීවිතේ
අනා බත් ගුලි හෙමින් කවන්නද වස්තුවේ
ගී ගයා නැලවිල්ලෙ සුව සදමි තොටිල්ලේ
පෙම්බරා නුඹ නමින් ලෙයක් කිරි නොවුණාට
ආදරේ තරම මගෙ නුඹ දන්නෙ නෑ තවම
පූදින්න මලක් වී මතු දිනක අගිසි අග
පෙම්බරා විවරණය දෙන්න ප්‍රේමයේ මට
සංසාර මන්දිරය සරසන්න ප්‍රේමයක්
ඇති තැනක තව ඉසුරු කුමකටද රත්තරන්
ජීවිතය ලස්සනයි විසිරෙද්දි ප්‍රේමයක්
සිහින දිග ඇවිද යමු මගෙ මැණික ඇතිතරම්
පෙම්බරා මට දෙන්න උරහිසේ එක තැනක්
නුඹෙන් තොර ලෝකයක් තිබුණේ ම නෑ ඉතින්