2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

අසීමාන්තය

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 01:59 29

නිල් වලා ඕවිල්ලේ
පාවෙමින් ඇවිද යමි
සුවහසක් සිහින අස
නෙත් පියා වැතිර ගමි
ජීවිතය මනරම්ය
සුවඳවත් සිහිනයක

නුහුරු නුපුරුදු ඉසව්
සිහිළැල්ම සුළං රුල්
හෙමින් ඇවිදින් ඔහේ
තවරාවි නුඹ සුවඳ
නිකළැල්ම සඳ ගිරක
ප්‍රේමයෙහි කවිකමක...

සීතලට නෙත් වසන
තරුත් දැන් ඇහැරගෙන
වචන නැති කතාන්දර
හරි දිගයි සොඳුරාණ
ජීවිතය කියා දෙන
සුපෙම්බර ප්‍රේමයක
තනිවෙන්න එන්න දැන්
ඒ තමයි ජීවිතය

I සංජු