ආදරවේදයේ සාංසාරික අක්ෂරය
පපුවටම දැනෙන්නට ලියමි එක් සෙනසුනක
සොඳුරු සෙල් ලිපියක් ද
එ සඳ ඒ ආදරය...
මරණයට පුළුවන් ද ආදරය මරන්නට...
අහස දන් නැතුව ඇති ඒ තරම් හඬන්නට
පොළොවකට බැරුව ඇති දරාගෙන හිනැහෙන්න
සුළඟකට පුළුවන් ද ඒ සුසුම් සිපගන්න
නෙත් වසයි තරු කැටත් මැදියමේ හීතලට
නොවැසි වැසි අවැසිමය කතරකදි දළුලන්න
මතක මං දිගේ බෑ නුඹ නැතුව ඇවිදින්න
ළය ලෙයට තුරුල් වූ ස්නේහයේ මතක අස
ප්‍රාණ සම ප්‍රේමයක් තනි රකියි හැමදාම
නුඹ නැතුව නුඹ එක්ක සංසාර වීදි දිග
ඇවිදින්න කියා දී දැන් ඉතින් සමුගන්න
පපුතුරට වාරු වූ සුපෙම්බර සරා සඳ
මා තරම් නුඹ කියවූ ප්‍රේමයක් තිබුණා ද....
(ඔබට ආදරණීයම සිත් මෙසේ සිතතැයි මට සිතේ)