2024 ජනවාරි 13 වන සෙනසුරාදා

මැලේසියාවේ සිංහල සංස්කෘතික නැටුම් සංසදය 30 වසර සමරයි

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 347

නැටුම් අංග 14 කින් සමන්විත සංස්කෘතික සංදර්ශනයක් සහ තවත් විශේෂාංග රැසක් සමඟින් එම තිස් වසර සැමරුම සංවිධානය වී තිබුණි. සභාපති ඒ. හේමදාස මහතා සහ වසර තිහක් මැලේසියාවේ දරුවන්ට නර්තනය නොමිලේ ඉගැන්වූ ජාතික තරුණසේවා සභාවේ හිටපු සහකාර තරුණසේවා නිලධාරිනී සහ බෙල්වුඩ් රෑපවාහිනී ගම්මානයේ හිටපු නැටුම් උපදේශිකා දයානි පතිරණ මූලිකව සංවිධානය කළ එම උත්සවයට තානාපති කාර්යාල 9 ක නිලධාරීන් ඇතුළුව 600ක් පමණ පිරිසක් සහභාගිවීම විශේෂත්වයකි.