රෝස මල් දෙකක නටු එකට පටලවලා දෙන්නේ මංගල යෝජනාවකට
තනි රෝස මලක් දෙන්නේ ආදරේ වැඩිකමට
රෝස මල් හයක් දෙන්නේ රැකබලාගන්න කියන එක ඉල්ලන්න
රෝස මල් දහතුනක් දෙන්නේ හිතින් විතරක් පෙම් කරද්දි
ඔන්න මචෝ අද අරගෙන ආවේ මල් මල් Y Trend එකක්. මේක මල් ගැන කතාවක්. මල් කියන්නෙ දුරාතීතයේ ඉඳලම බොහොම ජනප්‍රිය Trend එකක්. දුකට සතුටට මිනිස්සු එකින් එකාට මල් දෙන්න පටන් ගත්තෙ අදක ඊයෙක ඉඳලා නෙවෙයි මචෝ. ඒ අතරෙනුත් රෝස මලට තියෙන්නෙ විශේෂ තැනක්. ඉතින් මේක සිරාවට පට්ට Trend එකක්. ඒ නිසාම අපි අද කතා කරනවා, රෝස මල් Trend ගැන.
මුලින්ම පොදුවේ මල්වලින් කතාව පටන් ගමු. ලොව සුවඳ විහිදුවමින් ස්වාභාවිකවම හටගන්නා අපූර්වතම වස්තුව තමයි මල්. මල් කියන්නෙ ගස්වල ලිංගික ප්‍රජනන අවයවයක්. සුදාලා දැනගෙන හිටියත් මේ ගැන එච්චර හිතලා නැතුව ඇති. ජීව විද්‍යාඥයන්ට අනුව මල්වල පුරුෂ හා ස්ත්‍රී ලිංගික කොටස් දකින්න ලැබෙනවා. ඉතින් මල්වල මේ ස්ත්‍රී හා පුරුෂ කොටස් එක්වීම පරාගනය සිද්ධවෙනවා. මේ කතාව කිව්වම මිනිස්සු මල්වලට ආසාවෙන එක ගැන සුදලාට ඩීප්ලි හිතන්න වෙනවා.
කොහොම වුණත් මල් කියන්නේ මානව පරිණාමයේ මුල් කාලේ ඉඳලාම මිනිසුන්ට හරිම සුන්දර විදිහට පෙනුන දෙයක්. ඒක කොතැන කොහොම පටන් ගත්තාද කියලා හිතාගන්න බැහැ. ඒත් මල් කියන්නෙ මිනිස්සුගේ හැඟීම් නිරෑපණය කරන්න පුළුවන් සර්වකාලීන භෞතික වස්තුවක් මචෝ. රෝස මල් ඒ අතරින් ඉහළින්ම ඉන්නවා.
රෝස මල සම්බන්ධ ඓතිහාසික සම්බන්ධය නම් මධ්‍යම ආසියාවේ ආරම්භ වුණ බව තමා කියන්නේ. සියවස් ගණනාවක් පුරා උතුරු යුරෝපය හරහා ව්‍යාප්ත වූ රෝස මල් හරිම සුවිශේෂී මල් ජාතියක් බවට පත්වුණා. රෝස ගැන එක එක විදිහේ කතා තියනවා මචෝ. ඉතිහාසඥයෝ කියන විදියට, රෝස ප්‍රභේද වගා කිරීම මධ්‍යම ආසියාවේ ආරම්භ වෙලා තියෙන්නේ මීට වසර 5000කට පමණ පෙර. ක්‍රිස්තු පූර්ව 500දී පමණ අධිරාජ්‍ය උද්‍යානවල රෝස මල් වගා කිරීම ගැන මහා දාර්ශනික කොන්ෆියුසියස් ලියලා තියෙනවා.
යුරෝපය විතරක් නෙවෙයි රටකම සංස්කෘතියට අනන්‍ය වෙච්ච රෝස මල් පිළිබඳ චාරිත්‍ර වාරිත්‍ර වගේම විශ්වාසත් තියෙනවා. අපි දැන් පොඩ්ඩක් බලමු මල් පිළිබඳව ඇත්තටම ලෝකෙ දැනට පවතින විශ්වාස කිහිපයක් ගැන.
රෝස
රෝස කියන්නේ ලෝකේ ජනප්‍රියම මල් විශේෂය කියලා කිව්වොත් වරදක් නෑ. රෝස මලෙත් ප්‍රභේද කිහිපයක් තියෙනවා. ඒ නිසාම විවිධ රෝස වර්ගවලට විවිධ තේරුම් මිනිස්සු ලබාදීලා.
රතු රෝස
රතු රෝස ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. සුදාලා හොඳටම දන්නවා රතු රෝසවල තේරුම. රතු රෝස කියන්නේ ප්‍රේමය සහ ආදරයේ සංකේතය. රෝස මලේ රතුපාට වැඩිවෙන්න වෙන්න ආදරය ප්‍රමාණයත් වැඩිවෙනවා වගේ අදහසක් තමා තියෙන්නේ.
රෝස මල් ගැන කතා කරද්දී, ඒ වගේම මලක් සහ මල් පොකුරක් අතරත් අපූරු වෙනසක් තියෙනවා. කාට හරි තෑගි දෙනකොට, තනි රෝස මලකින් කියන්නෙ ඉතා තදබල ආදරයක් බැඳීමක් තියෙනවා කියන එක. රෝස මල් දෙකක නටු එකට පටලවල දෙන එක මංගල යෝජනාවක් වගේ දෙයක් මචෝ. එතකොට රෝස මල් හයක් දෙන එක තමන්ව ආදරෙන් රුකබලාගන්න කියලා ඉල්ලා සිටීමක්. රෝස මල් එකොළහකින් කියන්නේ ලබන්නාට අතිශයින්ම ආදරයෙන් ඉන්න බව. හැබැයි ඔයා කාට හෝ රෝස මල් දහතුනක් යැව්වොත් ඔන්න පුංචි අවුලක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ ඔයා ඒ කෙනාට හිතින් විතරක් රහසෙන් පෙම් කරනවා කියලා.
සුදු රෝස
රතු රෝසවලට වගේම සුදු රෝස වලටත් ආදරය සංකේතය කියලා සමහරු කියනවා. අපි හොයලා බලපු විදිහට ඉස්සරම කාලේ සුදු රෝස තමයි සත්‍ය ප්‍රේමය ප්‍රකාශ කරන්න භාවිත කරලා තියෙන්නේ. ඒත් මචෝ දැන් තත්ත්වෙ පොඩ්ඩක් වෙනස්. දැන්නම් සුදු රෝස හුඟක් වෙලාවට ගන්නෙ මංගල උත්සවවලට.
ඒ වගේ තැන්වලදී ගොඩක් වෙලාවට සුදු රෝසවලින් අදහස් වෙන්නේ පිවිතුරු බව. නැත්නම් අහිංසක ආදරණීය බවක්. හැබැයි සුදු අවමංගල්‍ය අවස්ථාවලටත් භාවිතා වෙනවා. ඒ නිසා තේරුම නොදන්න කෙනෙක් එක්ක සුදු රෝස ගනුදෙනුව ටිකක් පරිස්සමෙන් කරන්න ඕනෑ.
කහ රෝස
ගොඩක් වෙලාවට දැන් කහපාට හැඟවෙන්නෙ මිතුදම්. ඒ නිසාම ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා කහ රෝස තමා මිත්‍රත්වයේ සංකේතය කියලා. අන්න ඒ නිසා ගොඩක් වෙලාවට යාළුවෝ යෙහෙළියෝ අතර කහ රෝස තමා හුවමාරු වෙන්නෙ. හැබැයි මේකෙම තවත් කතාවක් තියෙනවා සුදෝ, රතු මිශ්‍ර කහ රෝස දෙනව නම් ඒ කියන්නේ ප්‍රේමයක් දළු දාගෙන එන මිත්‍රකමක් කියල. ඔන්න එයා ඔයාට කෙනෙක් ගැන ප්‍රේමයක් ඇතිවේගන එනවා නම් රතු, කහ මිශ්‍ර රෝස මල් පොකුරක් එයාට දෙන්න පුළුවන්.
කහ රෝසවලින් සතුටත් නිරෝගී බවත් හැඟවෙනවා කියලත් විශ්වාසයක් තිබෙනවා. කාටහරි ඉක්මන් සුව ප්‍රාර්ථනා කරලා මල් දෙනව නම් කහ රෝස හොඳ තේරීමක්. ගොඩක් වෙලාවට රෝහල් ගතවෙලා ඉන්න නෑදෑයන්ට මිත්‍රයන්ට කහ රෝස පිරිනමන අවස්ථා දැකගන්න පුළුවන් වෙන්නෙ ඒක නිසා.
රෝස පාට රෝස
රෝස පාට රෝස මල්වලින් කියවෙන්නෙත් ආදරය. හැබැයි මචෝ ඒ ආදරය ප්‍රේමයම නෙමෙයි. දෙදෙනෙක් අතර ඇතිවන ප්‍රේමයට අමතරව තියෙන අනෙක් ආදරණීය බැඳීම්වලදී තමා ගොඩක් වෙලාවට රෝසපාට රෝස භාවිත කරන්නෙ. තමන්ගේ පාන්නට රෝස පාට රෝස දුන්නොත් ඒක ටිකක් සැර අඩු ආදරයක් කියල හිතන්නත් පුළුවන්. අනිත් අතට කෙනෙක්ව අගය කරන්නත් සහ ස්තුතිය ප්‍රකාශ කරන්නත්, සුභ පතන්නත් රෝස පාට රෝස මල් භාවිත වන අවස්ථා තියෙනවා.
කළු රෝස
කළු පාට රෝස මල් කියන්නේ ටිකක් සංකීර්ණ දෙයක්. සමහරුන්ට අනුව නම් කළුරෝස දීම අසුභයි. කළු රෝස මල්වල තේරුම වැලපීම, අහිමි වීම වගේ එකක්. හැලොවීන්වලට වගේම විශ්‍රාම ගැනීම් සමුගැනීම් වගේ අවස්ථාවලදීත් කළු පාට රෝස භාවිත වෙනවා. ඒ වගේම අභිරහසක් පිළිබඳ හැඟීමකුත් කළු රෝසවල තිබෙනවා කියලා සමහරු කියනවා. ඒ කොහොම වුණත් යාළුවෙක්ට මිත්‍රයෙක්ට නම් කවදාවත් කළු පාට රෝස මල් දෙන්න යන්න එපා.
රෝසවල තව ප්‍රභේද ගොඩක් වගේම ඒවාට අනන්‍ය වෙච්ච විශ්වාස ගොඩකුත් තියෙනවා. ඒ ඔක්කොම අද කියන්න බෑ. අපි කිව්වේ පොදුවේ ලෝකයේ තියෙන විශ්වාස. විශේෂයෙන්ම යුරෝපාකරයේ තියෙන විශ්වාස. චීනය, ජපානය වගේ පෙරදිග රටවල රෝස සම්බන්ධ වෙනම සංස්කෘතියක් තියෙනවා. චීනයේ රෝස මල් සදාකාලික වසන්තය සහ දීර්ඝ ආයුෂ සංකේතවත් කරනවා.
ඇත්තටම රෝස කියලා කියන්නේ ලෝකෙ තියෙන පුදුමාකාර මල් විශේෂයක්. ඔයාටත් රෝස මල් එක්ක මොනවා හරි සම්බන්ධයක් ඇති. ඒ නිසා සංස්කෘතිය ගැන පොතක් වුණත් ලියන්න බැරිකමක් නෑ. එහෙනම් ඕගොල්ලො හැමදෙනාටම රතු රෝස මල් වැඩිපුර ලැබෙන නව වසරක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා...!
I නිසල්