කුසයහන වැඩෙන බිලිඳු කළල උල් අඬු වලින් ඇදලා මරලා දාද්දී ඒ පුංචි කළල රැකවරණයක් ඉල්ලගෙන මව් කුසය අස්සෙ හැංගෙද්දීත් ජීවිතය යදින ප්‍රාණ මරලා දාන්න, තමන්ගෙ දරු පැටවුන් දස වද දීලා මරලා දාන්න අම්මලට තාත්තලාට පුළුවන්.
ඒත් ඒ අම්මා... ඒ අම්මා මේ මොහොතේ ජීවතුන් අතරේ නෑ. ඒ අම්මා මැරුණෙ නෑ... මැරුවා... ඒ අම්මව මැරුවේ මිනිස්සු... හදවත් තියෙන්නෙ මිනිස්සු වෙච්ච අපිට විතරක් නෙවෙයි... සත්තු වෙච්ච උන්ටත් හදවත් තියෙනවා... අපිට තරම් ලෝකෙත් එක්ක පුළුල් ගනුදෙනු නැතිවුණාට උන්ටත් උන්ගෙ ලෝකෙ උන්ගෙ උන් එක්ක ගනුදෙනු තියෙනවා. උන්ටත් ආදරය දැනෙනවා. උනුත් ආදරය විඳිනවා. උනුත් ආදරය කරනවා. සමහරවෙලාවට මිනිස්සු වෙච්ච් අපිටත් වඩා ආදරය ළඟදී උන් සංවේදී වෙනවා. ඒ අම්මත් එහෙම වුණා.
මිනිස්සු වෙඩි තිබ්බෙ එහෙම අම්මා කෙනෙකුට...
ඔයත් සමහරවිට ඒ අම්මව දකින්න ඇති... මෑත දවසකදී පොලීසියේ පිස්තෝලෙකින් වෙඩි තියලා මරලා දැම්ම ඒ අලි අම්මා ඔයාට මතකද? කොච්චර අවාසනාවක්ද කියනවනම් සතුන් සහ පරිසරය සුරකින්න කැපවෙච්ච වනජීවියේ කෙනෙක් දෙන්නෙකුත් ඉන්න තැනම තමා ඒ අලි අම්මට පොලීසිය වෙඩි තිබ්බෙ. ඒ අලි අම්මගෙ අලි පැටියා පාර මාරුවෙද්දී වාහනයකට හැප්පිලා මිය ගියා. ඒ හබරණදී. දරු සෙනෙහසින් හද මඬල අවිස්සෙද්දී ඒක දරාගෙන අම්මා කෙනෙක් කොහොම නිහඬ වෙන්නද? ඒ අලි අම්මා පැටියා අත්හැරලා ගියේ නෑ. කකුලෙන් පයින් ගහ ගහා පැටියව නැගිට්ටුවන්ට උත්සාහ කළා. මරණය නියත දහමක් කියන සාධාරණ යථාර්ථය තේරැම් ගන්න ඒ අලි හදවත දන්නෙ නෑ. ඒ අලි අම්මට දැනුණේ තමන්ට වෙච්ච අසාධාරණය විතරයි. ඒ අලි අම්මගේ හදවතට දැනුණේ දරු දුක විතරයි. තමන්ගේ දරු පැටියගේ ප්‍රාණය නිරැද්ධ සිරුර අතැර නොගොස් ඒ අලි අම්මා වේදනාවෙන් දඟලද්දී පොලිස් පිස්තෝලයෙන් වෙඩි තිබ්බෙ දරු දුකෙන් දඟලපු ඒ අම්මට. තමන්ගේ අවනඩුව කියන්න කෙනෙක් ඒ අලි අම්මට හිටියේ නෑ. දැනෙන දුක කියන්න කෙනෙක් නැති වුණාම, මහ ඝණ වනන්තරේ හුදෙකලා වුණාම, තමන්ට අයිති මහ කැලය ඵල වැල මිනිස්සු අඟලෙන් අඟල තමන්ගේ කරගනිද්දී උන්ට දැනෙන දුක කියන්න උන්ට කෙනෙක් නෑ. උන්ගේ නඩු අහන්න අධිකරණයක් නෑ. උන් වෙනුවෙන් තියෙන නීතියත් සල්ලිවලට මිල වෙද්දී උන් ඒ සියලු අසාධාරණයන් මුදාහරින්නේ ප්‍රචණ්ඩත්වයක් විදිහට. මිනිස්සු අන්න එතෙන්දි සද්දන්ත සනුහරේට වෛර කරනවා. ඒත් හෘද සාක්ෂියට එකඟව හිතන්න වැරැද්දෙ මුල මිනිස්සු වෙච්ච අපි ළඟම නෙවෙයිද?
පිස්තොලේට හෘර්ද සාක්ෂියක් නැති වුණාට පිස්තොලේ අතට ගත්ත මනුස්සයට හෘර්ද සාක්ෂියක් තියෙනවා. අම්මා කෙනෙක්ට වෙඩි තිබ්බෙ කොහොමද? දරු දුකෙන් ඔද්දල් වෙච්ච හදවතකට වෙඩි තිබ්බෙ කොහොමද?
මේකද නීතිය?
මහත්තුරුනේ
හෘර්ද සාක්ෂියක් මනුස්සකමක් නැති මහත්තුරුන්ගේ නීතිය මේකද?
I SANJU