ගම්මානයේ කෙළවරකම වීදියක
මතකද මම ඔයත් එක්ක
ආදරේ වින්ද හැටි
චෙරි ගස් පාමුල
කියන්න ජෝ මතකද ඔයාට...
හැන්දෑ අඳුර ඇන්ද දම්පාට සෙවණැල්ල
ඔයාගෙ ඇස් අස්සෙ හැංගෙද්දී
දිලිසෙන ලොකු ඇස් වලින්
ඉගැන්නුව ජීවිතය
මම දැන් ඉගෙන ගන්නෙ තනියමම
වචන නැතුවම අපි කතා කළ
තරු දිලිසිච්ච ඒ රාත්‍රිය
මතකයක් විතරමද
අපි දෙන්නගෙම ප්‍රථම ප්‍රේමයේ
මට හිතෙන්නෙම ජෝ ඔයා තාමත් මගේමයි
එකම අහසක් යට දස දහස් යොදුන් ඈතක
ළෙන්ගතුම මතක විතරක් මගේ ළඟ
නොකියාම වෙන්ව ගිය නිසාවෙන් අප දෙදෙන
සංසාරෙ කෙළවරක ආයෙමත් හමුවේද
ආදරය එහෙමමයි ජෝ මගේ හිත ගාව
Saara