නොපමාව එන්න දැන් ඉතින් මොහොතකට
ඇවිදින්න හිතයි මට එල්ලිලා එක අතක
තුරුළු කරගෙන ඉඹින කම්මුලේ මැද තවම
ඉතිරි වී ඇත ඉතින් රස්නයක් හරි මෘදුව
කොහේ කොතැනකදි හෝ හමුවුවත් නොවූවත්
සංසාර සරාගය පුරා ආ බව දැනී
වීසිකර ඈතකට අත්හරින හිතක් නැත
මොන තරම් සුවඳයිද මගෙ පපුව මැද මතක
දොඩම් වීදුරුවෙ රස දැනෙනවා තාම මට
අපි එකට තොල ගාපු දම් පාට සැඳෑවල
ආදරය වියැකෙන්නෙ ඇයි පිපෙන මල් සේම
නෑවිදින් උන්නනම් මේ කඳුළු නෑ හිතක
I සංජු