2024 මාර්තු 02 වන සෙනසුරාදා

අසීමාන්තය

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 27

එසඳ ඒ සරා සඳ
කොහිද මම සොයන්නෙමි
විඳි සඳේ සඳ එළිය
සුරම්‍ය සුවඳක්ය

ඔබ නොරැඳි සිහිනයක්
ඔබ නොරැඳි උණුසුමක්
ඔබ නොරැඳි ස්නේහයක්
ඔබ නොරැඳි ප්‍රේමයක්

නෑ මගේ සොඳුරු සඳ...

දම් පාට සඳ එළිය අතුරාන හැන්දෑව
පෙම් කතාවක් ලියයි රාත්‍රියෙ පැදුර මත
හදවතේ හිස්තැනක් සොයමි කවි ලියන්නට
ඒත් ඔබ හැමතැනම හදවතේ හැමතැනම

මගේ සඳ ඇවිද යමු අපි ප්‍රේම පුරාණෙක
කොහේ කොතැනකදි හෝ හමුවේවි අපි අපිට
යළි සඳක් නැග ඒවි තරු විසුල රාත්‍රියක
මගේ සඳ ඔබේ ළඟ සඳ සුවඳ හැමදාම

I සංජු