තෑග්ග දුන්නෙ යෝ යෝ හනී සිංලු...
බොලිවුඩයේ නළු නිළියෝ එක එක කාලෙට අමුතු අමුතු දේවල් කරනවා. ඔන්න පහුගිය පෙබරවාරි 25 වැනිදා බොලිවුඩයේ තාරකාවියක් වන ඌර්වෂී රවුටේලාගෙ 30 වැනි උපන් දින සැමරුම යෙදිලා තිබුණා. මේ උපන්දින සැමරුමේ විශේෂම දේ වුණේ උපන් දින කේක් එක. මේ වෙනකොටත් ඉන්දියාව ඇතුළු ලෝකයේ ගොඩක් දෙනා කේක් එක ගැන කතා වෙනවා.
ඌර්වෂී තමන්ගේ උපන්දින කේක් එක කැපුවේ ‘Love Dose 2’ දර්ශන තලයේදී. මේ වෙනකොටත් ඉන්දියානු මාධ්‍ය වාර්තා කරලා තියෙන විදිහට මේ කේක් එක නිර්මාණය කරන්න කැරට් 24 රත්තරන් භාවිත කරලා තියෙනවා. ආරංචි විදියට මේ උපන්දින කේක් එකේ වටිනාකම රුපියල් කෝටි තුනක්.
ඌර්වෂී කියන්නෙ නිරෑපිකාවක් සහ නිළියක්. ඇය පැවත එන්නේ ඉන්දියානු රාජ්පුත් වංශයකින්. ඒ කියන්නේ ඌර්වෂී ඉන්දියානු රජ පවුල්වලට උරුමකම් කියන උසස් ක්ෂත්‍රීය පෙළපතකින් පැවත එන කෙනෙක්. නිරෑපිකාවක් විදිහට නව යොවුන් වයසේදීම තමා ඌර්වෂී කරළියට ආවේ. පස්සේ ඉන්දියානු 'පැජන්ට්' සැලකිය යුතු ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්න ඇය සමත් වුණා.
ඌර්වෂී බොලිවුඩයට පිවිසියේ Singh Saab The Great චිත්‍රපටයට රංගන දායකත්වය සපයමින්. එහිදී ඇය සනී ඩියෝල් සමඟ ප්‍රධාන කාන්තා චරිතයකට දායකත්වය ලබා දුන්නා. ඉන් පසුව ඌර්වෂී Yo Yo Honey Singh ගේ ජාත්‍යන්තර සංගීත වීඩියෝ ඇල්බමය Love Dose හි පෙනී සිටියා. 2014 දී නිකුත් වූ මේ ඇල්බමය ඔස්සේ ඇය අතිශය ජනප්‍රිය වුණා. ඌර්වෂී රවුටේලා 2015 දී ඉන්දියාව නියෝජනය කරමින් විශ්ව රෑ රුජන කිරුළ දිනා ගන්නත් සමත් වුණා.
ඌර්වෂී කියන්නෙ කවදත් පුවත් මවපු නිළියක්. ගිය සතියේ තමා ඇගේ මේ උපන් දින සැමරුම පිළිබඳ සමාජ මාධ්‍යයේ ඉහළ අවධානයක් ලැබුණේ. ඒකට හේතු වුණේ ඌර්වෂී රවුටේලා තමන්ගෙ Instagram ගිණුමේ ඇගේ උපන්දින සැමරුම්වල පින්තූර බෙදාගත් ආකාරය. ඇය සමඟ මෙම උපන්දින කේක් එක කපන මොහොතේ රැඳී සිටිය අනිත් චරිතය වුණේ ඉන්දියානු ජනප්‍රිය රුප් ගායකයෙකු සහ නළුවෙකු වන යෝ යෝ හනී සිං.
ඉන්දියානු මාධ්‍ය වාර්තා අනුව මේ කේක් එක ඌර්වෂීට දීලා තියෙන්නෙත් හනී සිං විසින්මයි. හනී සිං ගායකයෙක් වගේම නළුවෙක් විදියටත් සාර්ථක වුණු බොලිවුඩ් තරුවක්. 2014 දී හනී සිං කරපු Desi Kalakaar කියන ඇල්බමයේ දෙවැනි ගීතය වුණේ "Love Dose”. මේ ගීතයේ රෑප රචනයට හනී එක්ක ඌර්වෂී තමා රංගන දායකත්වය ලබා දුන්නෙ. මේක ඒ කාලේ ලංකාවෙත් ජනප්‍රිය වුණු ගීතයක්.
2014 ඔක්තෝබර් 3 වැනි දින ‘T-Series’ නිල YouTube නාලිකාවෙන් "Love Dose” නිකුත් කළාම ඒ කාලේ සතියක් ඇතුළත මිලියන 10ක් වීඩියෝව නරඹලා තිබුණා. මේවෙනකොට මේ ගීතය මිලියන 600 කට අධික නැරඹුම් වාර ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. ඉතින් පහුගිය පෙබරවාරි 25 වැනිදා "Love Dose 2” රෑපගත කිරීම් අතරතුර තමයි හනී ඌර්වෂීට රත්රන් කේක් එකක් අරගෙන ඇවිල්ලා තිබුණෙ.
ඌර්වෂී Instagram ඡායාරෑප සඳහා එක් කරලා තිබුණු සටහනේ හනී සිංට විශේෂ ස්තූතියක් සිද්ධ කරලා තිබුණා. හනී සිං තමන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගන්න විශාල දායකත්වයක් සැපයූ බවත්, මේ තිළිණය සමඟ ඔහු තමන්ගේ හැඟීම්වල ගැඹුරුම තැන ග්‍රහණය කරගත් බවත් ඇය කියා තිබුණා.
මේ සිදුවීම ප්‍රවර්ධනාත්මක එකක් විදියටත් සලකන්න බැරිකමක් නැහැ. මොකද මේ වෙනකොටත් හනී සහ ඌර්වෂී රංගන දායකත්වයෙන් එක්වන හනීගෙ ගීතයක් වන "Vigdiyan Heeryan” පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙලා තියෙන්නෙ. මේ ගීතයේ කතාවත් Love Dose ගීතයේ රෑප රචනයත් එක්ක බැඳිලා තියෙන බව පේන්න තියෙනවා.
කොහොම වුණත් පහුගිය කාලේ යෝ යෝ හනී සිං ටිකක් අමුතු කතාවක් කියලා තිබුණා. ‘Love Dose’ සඳහා 2014 දී ඌර්වෂීව තෝරගන්න හේතුව ඔහුගෙන් අහපු වෙලාවෙ තමා හනී මේ කතාව කියලා තිබුණේ.
“ඌර්වෂී රවුටේලා තමා ලෝකයේ ලස්සනම ගෑනු ළමයා. ඒ නිසා මම ඇයව ‘Love Dose’ සඳහා තෝරාගත්තා."
“Vigdiyan Heeryan” ඔස්සේ ඌර්වෂී සමඟ නැවත වැඩ කිරීමට ලැබීම ගැන තෘප්තිමත් වෙනවා කියලත් හනී සිං කියලා තිබුණා. ඒ වගේම ඔහුගේ නව නිර්මාණය පහුගිය නිර්මාණය තබපු වාර්තා බිඳ හෙලයි කියලත් ඔහු හිතන බව හනී සිං ඉන්දියානු මාධ්‍ය හමුවේ සඳහන් කළා.
කොහොම වුණත් ඒ වෙනකොට කෝටි තුනේ කේක් එක ගැන මුළු ඉන්දියාවම කතා වෙනවා. ඇත්තටම ඉතින් උපන් දිනයකට මේ වගේ කේක් එකක් කපන එක නම් වෙනම ලෙවල් එකක පිස්සුවක් තමයි. ඒත් Celebrity චරිතවලට මේ වගේ දේවල් ඒගොල්ලන්ගේ ජීවිතවල සාමාන්‍ය දේවල්.
I නිසල්