2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා

මගේ ලොකු ඇස් අස්සෙ ප්‍රේමයක් සොයා එන - මැණික නොකියා ඉන්න ආදරේ කතන්දර

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 01:59 38

ඇයි මැණික හැන්දෑව ඒ තරම් දම් පාට
කවියකට කවිකමක් අරන් ඇවිදින් හොඳද
මගේ ලොකු ඇස් අස්සෙ හොයනවා නම් ඔන්න
කවුරුත්ම නොහඳුනන කතාවක් ඇති ඔන්න

දන්නවද මගෙ මැණික තේරුමක් ප්‍රේමයට
අරුත් කොහෙ ලියන්නද සංසාරයක් ඒක
දම් පාට අරන් එන කවි හිතක් මනරම්ය
ඇස් අස්සෙ ඉපදිච්ච කතාවට පද හොයන

හුස්මකින් හුස්මකට ජීවිතය සොයා යන
ප්‍රේමියේ ප්‍රේමයක් හමුවීද කවදාක
දම් පාට කවි හිතක නවාතැන් සොයාගෙන
ආව දුර පසු කළේ මල් පිපුණු මාවත්ද 

එක අහස බෙදාගෙන හිරු සඳුත් පෙම් කරන
රාත්‍රිය මනරම්ය කවි හිතක් ඉකිගසන
මගේ ලොකු ඇස් අස්සෙ ප්‍රේමයක් සොයා එන
මැණික නොකියා ඉන්න ආදරේ කතන්දර

I සංජු