උදේම Office එකට එද්දි Traffic එකේ වාහනේ හිරවෙන වෙලාවට කවුළුවෙන් එහාට ඇහැ ගිහින් නතරවෙන හුඟක් තැන් තියෙනවා. School Van ඇතුළෙ පොඩිවුන් එක ගොඩේ නිදි. ඒ මුහුණු මත උදෑසන පිපුණු මලක තියෙන නැවුම්බව, සුන්දරත්වය ප්‍රාණවත් බව වෙනුවට තියෙන්නෙ මලානික නිදිබර වෙහෙසකර බවක්.
School Van එකේ එන්න උදේම ඇහැරෙනවා. හවසට ගෙදර ඇවිත් සමහරවිට ආයෙත් පන්ති. නැත්නම් ඉස්කෝලෙ බාහිර වැඩ නිසා පාසල් ඇරී ගෙදර එන්න කොහොමත් හවස් වෙනවා. ඒ ඇවිල්ලත් පහුවදාට කරගෙන යා යුතු පාසල් වැඩ. ලෝකය දිනන්න අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. ඒත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඒ ඒ වයස්වලට ඔරොත්තු නොදෙන තරම් සංකීර්ණයි කියලා මට හිතෙනවා. සරල නිදහස් මානසිකත්වයකින් දරැවන්ට ඉගෙන ගන්න පුළුවන් වටපිටාවක් ලංකාවෙ නෑ... ඉතින් උදේට කුසුම් සේ විකසිත වුණු මූණු පොඩි දකින්න නැති තරම්. තවත් සමහර රස්සාවලට යන අය කන්නෙ Drive කරන ගමන්. Traffic එකේදී කෑම පෙට්ටිය උකුලෙ තියාගෙන ටක් ටක් ගාලා හැන්දෙන් කනවා... රසක් ගුණක් වැඩක් නෑ ඔහේ ලේසියෙන් හදන්න පුළුවන් දෙයක් හදාගෙන ඇවිත් කටේ දා ගන්නවා. මේ හුඟක් අයට තියෙන්නෙ රෝද හතරක් උඩ සහ Office කාමරයක් ඇතුළෙ ගෙවන ජීවිතයක්. ජීවිතය බැඳීම් එක්ක විතරක් නෙවෙයි අඩුම තරමේ රසවත් කෑම පිඟානක් එක්කවත් Enjoy කරන්න හුඟක් අයට වෙලාවක් නැහැ... සජීවී බන්ධනයන්, අාදරණීය හැඟීම් එක්ක ඇති බැඳීම් හුඟක් වෙලාවට සීමාවෙලා තියෙන්නෙ FB එකත් එක්ක. නැත්නම් Viber, Imo call එකක් එක්ක. සමහරු බොන තේ කෝප්පෙ Photo එකත් FB එකට දාන්නේ මට හිතෙන්නේ ඒ මිනිස්සු තමන්ටත් නොදැනී අසීමිත හුදෙකලාවක ජීවත් වීමේදී තමන්ට දැනෙන මානසික අසහනයේ උපරිමය නිසා කියලා.
දැන් මිනිස්සු හිනාවෙනවා හුඟක් අඩුයි. හුඟක් වෙලාවට මිනිස්සුන්ගේ කටින් එළියට පනින වචනය තමා අනේ Sorry මම ගොඩක් Busy කියන එක. කෙනෙක්ට තව කෙනෙක් එක්ක කතා කරන්න, හිනාවෙන්න, ජීවිතය සහ මනුස්ස හැඟීම් මොහොතකට බෙදා හදා ගන්න නිදහසේ කෑම ටිකක් කන්න තේ කෝප්පයක් බොන්න වෙලාවක් නැති තරමට මිනිස්සු Busy. සතුට වෙනුවෙන් වැයකරන්න නිමේෂයක් නැත්නම් මැරීගෙන සල්ලි හම්බකරලා මොන ඉලව්වකටද ඕයි? විඳවලා විඳවලා මැරිලා යන්ටද අපි මිනිස්සු විදිහට මේ ලෝකෙට ආවේ... ඔයාට එහෙම හිතෙන්නෙ නැද්ද ?
එක දවසක් හවසක Private Hospital එකක් ළඟට ගිහින් බලන්න. Channeling වලට මිනිස්සු කී දාහක් ඇවිල්ලද කියලා. ඒ හැමකෙනාටම වගේ Heart problem, Blood Suger, Pressure, Cholesterol මේ වගේ ලෙඩ List එකක් තියෙනවා. Doctorsලත් අර Hospital එකට දුවනවා ඊළඟට තව Hospital එකකට දුවනවා. මේ හැම වේගවත් යාන්ත්‍රණයක් පිටුපසම තියෙන්නෙ සල්ලි සහ සමාජ තත්ත්වය උදෙසා මිනිසාට ඇති කෙළවරක් නැති ආශාව. කෑදරකම... අවසානයේ සතුට නම් කුමක්දැයි දැන හඳුනා නොගත් ඒ හුඟක් දෙනා උරුමකම් කියන්නෙ වේදනාත්මක මරණයකට විතරයි.
උදේට බේකරියක් ළඟ, Pastry Shop එකක් ළඟ විනාඩි 10ක් ඉඳලා බලන්න කෙටිකෑමක් උදේ කෑම විදිහට ගන්න කීදෙනෙක් එනවද කියලා .අම්මලා තාත්තලා කී දෙනෙක් තමන්ගෙ දරැවන්ට උදේ කෑම විදිහට කෙටිකෑම අරන් දෙනවද කියලා. දවල්ට රෑට Soft Drink එකක් බොන ගමන් Fried Rice වගේ දෙයක් නැත්නම් ඊටත් වැඩි දෙයක්. මිනිස්සු මේක තමා පොෂ් විදිහ මේක තමා Fashion එක කියලා හිතන හුඟාක් ජීවන පුරුදු පිටිපස්සෙ තියෙන්නෙත් මරණයේ සෙවණැල්ල ...
ඔයා සාර්ථක නම් ඔයා ළඟ තියෙන්න ඕනෑ සතුට... ඔයා හැම දවසකම එක මොහොතක් ඔයත් එක්කම කතා කරලා ඔයා ඔයාගෙන්ම අහන්න මම සතුටින්ද කියලා. උත්තරය නෑ නම් ඔයාට ජීවිතේ කොතනක හරි වැරදිලා... කොතනකදි හරි ඔයාට ජීවිතේ අත්හැරිලා...
ජීවිතය හොයාගන්න... එතකොට සතුට ඉබේම මුණගැසෙයි.
Sanju