කෝවලන්ලට සුන්දරීලා
ආලයෙන් උන් රාග තත්පර
ගෙවී අවසන් වෙච්ච මොහොතක
උන්නෙ තනියට කන්නගීලා...
ඉසුරු කුමකට ප්‍රේමයම හැර
හිතුව නම් ඒ සුන්දරීලා...
කිමැයි ප්‍රේමය සොයා යන්නට
හිතන්නෙම නෑ කෝවලන්ලා...
දරා පපුතුර නේක ගින්දර
උහුලනා සඳ කන්නගීලා
ඇයි කෝවලන් නුඹට හිතුණේ
සොයා යන්නට සුන්දරීලා...
හුස්ම ගාණේ මලින් සරසන
දිව්‍ය ප්‍රේමෙන් නුඹව හිඳුවා
සුරුකි කන්නගි අතැර ගියදා
කඳුළු සීතල වැඩිද මන්දා
• සංජු