රජත් - ආයුබෝවන් ආප්කී අදාලත් වැඩසටහනට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද ආප්කී අදාලත් වැඩසටහනට සහභාගීකර ගන්නේ තරුවක් වෙන්න කිසිම බලාපොරොත්තුවක් නැතුව මුම්බයි වලට පැමිණි කෙනෙක්වයි. ඔහු මුම්බයිවලට ආවේ උගන්නන්න. මේ නළුවා කොමඩි චරිත, රොමෑන්ස් චරිත වගේම සටන් නළුවෙක් වගේම නර්තනයෙනුත් බොලිවුඩ් සිනමාපටයන්හි ජනප‍්‍රිය නළුවෙක්. ඔහු රංගනයෙන් දායකවන සෑම චිත‍්‍රපටයක්ම ආදායම් වාර්තා තබමින් අතිසාර්ථක වෙනවා.
1967 සැප්තැම්බර් 09 වැනි දින රාජිව් හරි ඕම් භාටියා නමින් ඉපදුන මොහුව අපි හැමෝම හින්දි සිනමා නළුවෙක් විදියට හඳුනගන්නේ වෙනත් නමකින්. ඔහු ඉන්දියාවේ මුම්බායීවල සහ මහරාෂ්ට‍්‍රවල ජීවත් වෙන කෙනෙක්. කැනේඩියන් ජාතිකයෙක් වන මොහු ඉන්දියාවේ පන්ජාබ්වල අම්රිත්සර්වල ජීවත් වුණා. ඒ වගෙම මොහු නළුවෙක්, නිෂ්පාදකයෙක් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්ද වෙනවා. ඛිලාඩියෝන්ගෙත් ඛිලාඩී ආක්ෂය කුමාර්ව අද ආප්කී අදාලත් වැඩසටහනට ඉතාම ආදරයෙන් පිළිගනු ලබනවා.
(ප්‍රේක්ෂකයින්ගේ විසිල් සහ අත්පොළසන් නාදය මැද ඔහු පැමිණෙයි.)
අද ආප්කී අදාලත්හි විනිසුරැ ලෙසින් කටයුතු කරන්නේ ජනප‍්‍රිය ලෙඛිකාවක් සහ සිනමා විචාරකයෙක් වන සෝනල් කාල් රා. අධිකරණයේ චෝදනා ඉදිරිපත් කිරීම සහ ප‍්‍රශ්න කිරීම් ආරම්භ කිරීමට අද විනිසුරැතුමියගේ අවසරය ප‍්‍රථමයෙන්ම ලබාගත යුතුයි.
විනිසුරු මිටිය ගසමින් - අවසරය ලැබෙනවා. ප‍්‍රශ්න කිරීම ආරම්භ කරන්න.
රජත් - ඔබේ උසාවියෙන් ආක්ෂය කුමාර්ට කරනු ලබන පළමුවැනි චෝදනාව. ඔබගේ රඟපෑම අදටත් හඳුනා ගැනීමක් සිද්ධ වෙලා නැහැ. ආක්ෂය ඔබත් ෆිල්ම් ෂූට් කරන පුටුත් අතර මුල් කාලයේදී වෙනස්කමක් තිබුණේ නැහැ කියලා කියනවා.
අක්ෂය - ඒක වෙන කෙනෙක් නෙවෙයි මමම මම ගැන කිව්ව දෙයක්. වාසනාවකට මම ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ඇතුළට ආවා .මම කැමරාවට පළමුවැනි වතාවට ෆේස් කරද්දී තමයි කැමරාවක් පවා දැක්කේ. මොකක්ද කැමරාවක් කියන්නේ කියලා දැනගත්තෙත් එදා. මම මේ වෙනකොට ඉගෙන ගත්ත හැමදෙයක්ම මගේ අත්දැකීමෙන් ඉගෙන ගත්තේ.
රජත් - ඇක්ෂන් කරන්න නම් අාක්ෂයව ගන්න ඇක්ටින් කරන්න නම් ගන්න එපා කියලා මහේෂ් භාත් කියලා තියෙනවා.
අක්ෂය - එතුමා කිව්වදේ ඉතාම නිවැරදියි. මම රඟපාන එනකොට මම ඇක්ටින් කියන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියෙත් නැහැනේ.
රජත් - ඔබ 1987 ඉඳලා චිත‍්‍රපටවල රඟපානවනේ. අවුරුදු 25ක් වුණු ඔබේ රංගන දිවියේදී ෆිල්ම් 100කට වඩා අධික ප‍්‍රමාණයක් රඟපාලා තියෙනවා. දැන් ඔබ ඇක්ටින් කියන්නේ මොකක්ද කියලා දන්නවද?
අක්ෂය - තවමත් නැහැ මම හිතන්නේ මොකද සම්මාන උළෙලවල් දිහා බැලුවම මට සම්මාන හම්බවෙන්නෙම නැති එකේ තේරුම තවමත් මම ඇක්ටින් දන්නේ නැහැ කියන එක වෙන්න ඕන.
ප්‍රේක්ෂකයින් අත්පොලසන් දෙනවා)
රජත් - කවුරුවත් ඔබව ඇගයීමකට ලක් කරන්නේත් නැහැ. සම්මාන ලබා දෙන්නෙත් නැහැ. ඇයි ඒ?
අක්ෂය - බොහෝ වෙලාවට සම්මාන උළෙලවල් සංවිධානය කරන අය කතා කරලා කියනවා ඔබ යම්කිසි ඉදිරිපත් කිරීමක් කරනවානම්, ඒ වෙනුවෙන් භාගයක් සල්ලි ගන්නවානම් ඔබට සම්මානයක් ලබා දෙන්නම් කියලා. ඉතින් මම කීවා මට සම්පූර්ණ මුදලම දෙන්න. ඔයගොල්ලෝ සම්මාන තියාගන්න කියලා.
රජත් - ඔබට එයාර් ලිෆ්ට්, රුස්ටම් වගේ ෆිල්ම්වලටත් සම්මාන ලැබුෙණ් නැහැ. මම දැක්ක ඒ වෙනුවෙන් සෝශල් මීඩියාවල ලොකු කැම්පෙන් එකක් ගියා ඔබ ගැන ඔවුන්ට ලොකු ගෞරවයක් තියෙනවා කියලා.
අක්ෂය - ඒ ඔවුන් මට දක්වන ආදරය. ඒක ඔවුන්ගේ ශ්‍රේෂ්ඨබව
රජත් - ඔබට හිතෙන්නේ නැද්ද මොනවා හරි දීලා හරි ගන්න සම්මානයක්...
අක්ෂය - ඒ වගේ අවස්ථා ගොඩාක් ආවා. ඒත් මම ඒක කරන්න කැමති නැහැ. මම ඔබට කිව්වේ පර්ෆෝම් කරලා භාගයක් සල්ලි ගන්නවානම් සම්මානයක් දෙන්නම් කියලා කිව්වා කියලා මම ඔබට කිව්වා නේද?
රජත් - ඉතින් පර්ෆෝම් කරලා සම්මානය ගන්න. මොකද වෙන්නේ?
අක්ෂය - විනිසුරුතුමියනි මෙයා මට අල්ලස් දෙන හැටි උගන්නලා මාව වරදි දේ කරන්න පොළඹවනවා. ඒත් රජත්ජී ඔබ දන්නවා මට 2009 වසරේදි ඉන්දියානු රජයෙන් පද්ම ශ්‍රී සම්මානයත් රැස්ටම් ෆිල්ම් එක වෙනුවෙන් 2017 වසරේදී නැෂනල් අවෝර්ඩ් එකත් හම්බවුණා. කිහිප වතාවක්ම මාව විවිධ සම්මාන සඳහා නිර්දේශ වුවත් මට සම්මාන හිමි වුණේ නැහැ.
රජත් - අාක්ෂය කුමාර්ගේ ෆිල්ම් එකක් බලන්න යනවානම් මොළය ගෙදර තියලා යන්න ඕන කියලා ගොඩාක් සිනමා විචාරකයින් ලියනවා.
අක්ශය - මම ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා අවුරුදු 25ක් 26ක් වුණා. මම තව අවුරැදු 25ක් 26ක් ම ඒ දේම කරනවනම් ඔවුන් නිවැරදියි කියලා මම හිතනවා.
රජත් - එක කාලයක් තිබුණා ඔබගේ ෆිල්ම් 11ක් එක දිගටම අසාර්ථක වුණා.
අක්ෂය - 11ක් නෙවෙයි 16ක් අසාර්ථක වුණා එක දිගටම.
( නඩුව ඊළඟ සතියට කල් තැබේ)
► Translation — Chandana waravitage