ප්‍රවීණ රංගන ශිල්පී, චිත්‍රපට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක හා තිරකතා රචක, සතිස්චන්ද්‍ර එදිරිසිංහ නම් වූ කෘතහස්ත කලා ශිල්පියාගේ කලා දිවියට වසර 55ක් පිරීම හා ඔහුගේ දිවියට වසර 75ක් පිරීමත් නිමිත්තෙන් අද දින (දෙසැම්බර් 11 වැනි දින) ප.ව. 3ට කොළඹ 10 ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී විශේෂ උත්සවයක් පැවැත්වේ.
සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ සභාපතිත්වයෙන් යුත් මිහිඳු සංස්කෘතික පදනම විසින් පස්වන වරටත් පවත්වනු ලබන සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල හා ඔහු විසින් රචිත ග්‍රන්ථ 4ක් දොරට වැඩුම නිමිතිකොට ගෙන අද පැවැත්වෙන උළෙලේ දී දේශීය කලා ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙවරක් ඉටුකළ කලාකරැවන් 20 දෙනකුට සුවඳ පද්ම උපහාර සම්මාන පිදෙනු ඇත.
එම සම්මානයට පාත්‍රවන සුවිශේෂී කලා ශිල්පීන් වන්නේ හෙන්රි රාජකරැණා, තලංගම ජයසිංහ, ඒ.ඩී. රන්ජිත් කුමාර, නීතිඥ ඩබ්.ඒ. අබේසිංහ, ආචාර්ය රෝහණ වීරසිංහ, සුමින්ද සිරිසේන, මැණිකේ අත්තනායක, ස්වර්ණා මල්ලවාරච්චි, නිශ්ශංක දිද්දෙණිය ,රජිනි සෙල්වනායගම්, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, නාමෙල් වීරමුණි, සිරිසුමන ගොඩගේ හා ජැක්සන් ඇන්තනීය.
තවත් වයෝවෘද්ධ ප්‍රවීණ කලා ශිල්පීන් පිරිසකට මූල්‍යමය තිළිණ සමඟින් සම්මාන ලබාදෙන බව මෙම පදනම කියා සිටී.
හෙළ කලා කෙත පෝෂණය කළ තම සහෝදර කලා ශිල්පීන්ට උපහාර පිදීමේ සුවිශේෂී වැඩසටහනක් නොකඩවා වසර පහක් මුළුල්ලේ පවත්වාගෙන එන එකම ලාංකික කලාකරැවා ලෙස සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් ඉටුකරනා මහඟු මෙහෙය සුළුපටු එකක් නොවේ.
&මම තරැණ කාලයේ සිටම යහපත් සිතිවිලි වැපිරීමට උත්සාහ කළ කෙනෙක්. නෙළාගත්තේ යහපත් ක්‍රියාවන්. එම ක්‍රියාවන් නැවත වැපුරෑ විට මම ප්‍රතිපත්ති නෙළාගත්තා. ඒවා යළිත් වැපුරැවා. එහි ප්‍රතිඵලයක් වුණේ යහපත් චරිතයක් නෙළාගැනීමට හැකිවීම. ගොඩනඟාගත් චරිතය යළිත් වැපිරීම නිසා යහපත් අධිෂ්ඨානයක් නෙළාගන්නට පුළුවන් වුණා,* සතිස්චන්ද්‍රයන් කීය.
මෙවැනි කෘතවේදී උත්සවයක් සාර්ථකව අඛණ්ඩව වසර 5ක් පවත්වන්නට අනුග්‍රහ දැක්වූ සියලු ආයතන හා පුද්ගලයින් හට ඔහුගේ ප්‍රණාමය පුදකරන්නට ද ඔහු අමතක කළේ නැත.
වසරක් පාසා සිසු දරැ දැරියන් යහගුණ සපිරි පුරවැසියන් බවට පත්කිරීම සඳහා ඔහු විසින් රචිත පොත්පත් තුළින් සිදුවන මෙහෙය මිල කළ නොහැක්කකි. ඔහුගේ කෘති තුළින් සාරධර්ම, අධ්‍යාපනය, පරිසරය සුරුකීම හා කෘතවේදීත්වය දරැවන් මෙන්ම වැඩිහිටියන් ද එක්තරා ප්‍රමාණයකට දැනුම්වත් කරනු ලැබේ.
&යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මානසික ශක්තිය හා බුද්ධි බලය ඇතමුන් හට මගේ ශක්ති ප්‍රමාණයෙන් ලබාදීමට හැකිවීම මම අතිශයින්ම සතුටට පත්වෙනවා.*
පසුගිය වසර කීපය තුළ සුවඳ පද්ම උපහාර සම්මානයට පාත්‍රවූ ඇතැම් ප්‍රවීණ කලා ශිල්පීන් අද ජීවිතයෙන් සමුගෙන තිබෙනවා. ඒ අතරින් සිරිල් ධර්මවර්ධන, බැසිල් ද සේරම්, විමල් කුමාර ද කොස්තා, ප්‍රේමදාස විතානගේ, සුසිලා කූරගම, චන්ද්‍රසිරි කොඩිතුවක්කු සුවිශේෂී වේ.
සතිස්චන්ද්‍රයන් කලා ලෝකයට පිවිසෙන්නේ වේදිකාව හරහාය. වෙස්සන්තර, ශ්‍රී වික්‍රම, ලියතඹරා, මනරන්ජන වැඩවර්ජන, සයුරෙන් ආ ළඳ වැනි නාට්‍ය හරහා සිය රංගන ප්‍රතිභාව ප්‍රකට කළ සතිස්චන්ද්‍ර බකතපස්, හොටබරි යුද්දෙ, සොක්කානෝ රජානෝ ඇතුළු නාට්‍ය ගණනාවක් නිෂ්පාදනය කළේය.
%සම්පත^ චිත්‍රපටයෙන් සිනමා නළුවෙකු ලෙස රංගන ජීවිතය ඇරඹූ ඔහු පසු කළෙක තිරකතා රචකයකු හා අධ්‍යක්ෂකවරයකු ලෙසද ප්‍රතිභාවය පිළිබිඹු කළේය. සම්මාන රුසකට හිමිකම් කී ඔහු හුලවාලි, රජගෙදර පරෙවියෝ, ශ්‍රී මදාරා වැනි චිත්‍රපටවල තිරකතා රචකයා වූයේය. 1973 දී %මාතර ආච්චි^ තුළින් සිනමා අධ්‍යක්ෂකවරයෙකු ලෙස අවතීර්ණ වූ ඔහු ඉන්පසු රජගෙදර පරවියෝ, ශ්‍රී මදාරා, සතර දිගන්තය, අධිෂ්ඨානය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය.
ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේද ඔහු රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂකවරයකු ලෙස පෙළහර දැක්වූයේය. පළිඟු මැණිකේ, ටිකිරි නිලමේ, කෝකිල ගින්න, මොණරවිල, නාමල් ගොල්ල, බෝපත් සාක්කි, උතුවන් කන්දේ සරදියෙල් ඇතුළු ටෙලි නිර්මාණ රුසක ඔහු රංගනයෙන් දායක වූයේය. සතිස්චන්ද්‍ර එදිරිසූංහ නම්වූ මේ ප්‍රවීණ කලා ශිල්පියා සැබවින්ම අපූර්ව මිනිසෙකි.
සුවඳ පද්ම සම්මාන උළෙලකදී නිකුත් කළ සමරැ කළඹක වරක් ප්‍රවීණ තිරකතා රචක සෝමවීර සේනානායක මෙවන් අදහසක් පළ කර තිබුණා.
“මිණිකැට යටගොස් තිරැවානා බැබළෙන සමයක, ගොමරිටි වියැළී සුළඟේ පාවෙන විට, ඒ මල්ය, සමනළයන්ය කියන සමයක, සැබෑ කලාවත්, කලාකරැවනුත් වෙත සුවඳ පද්ම පිදීම පිළිබඳව අපගේ ගෞරව ප්‍රණාමය...*
♦ රමේෂ් උවයිස්