2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

මගේ වම් කම්මුලක්... හෙව්වේම ආදරය...

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 35

කියන්න....
ආතුර අහසක
ඇහේ කඳුළට
මම ඒ තරම් ආසා වග
නොදැන උන්නේම කොහොමද....

දන්නවද....
යස උරහිසේ උණුහුම්ම
දාඩියෙන් තෙත් වෙච්ච ඉසව්වක
මගේ වම් කම්මුලක්
හෙව්වේම ආදරය....

අහන්න....
වැස්ස අස්සෙ උණුහුම්ව
කෝපි එක්ක ඩාක් චොක්ලට්
96 වගේ චිත්‍රපටයක්
ඔයා එක්ක දැනෙන්න විඳින්න
මම කොච්චර ආසද....

කොහොමද....
දැනි දැනිත් නොදැනිච්ච ගාණට
ඉන්නෙ මගේ ආදරය
ඉල්ලුවද වෙන මොකුත්
මගේ ලොකු ඇස් දෙකෙන්
ආදරය හැරෙන්නට....

කියන්න....
ඔයා දන්නවද
ජීවිතය දැනෙන්නෙම
ආදරය ඇති තැනක
හරියට මහ වැස්සක් වගේමයි
සීතල තරමටම උණුහුම්
උණුහුම් තරමටම සීතල....

• සංජු

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00